ප්‍රවීණ වේදිකා හා චිත්‍රපට නළු වික්‍රම බෝගොඩ මහතා (73) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.
ඒ මහතා තිදරු පියෙකි.
බෝගොඩ මහතා රංගනයට පිවිසියේ සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යයෙනි.
‘ගම්පෙරළිය‘, ‘අහස් ගව්ව‘, ‘බිනරමලී‘, ‘කලියුගය‘, ‘යුගාන්තය‘, ‘ගොළු හදවත‘ ඔහු රඟනා චිත්‍රපට අතරින් කිහිපයකි.
ඔහු ගොළුහදවතේ සුගත්ගේ චරිතයට පණ දුන්නේය. ඔහු ගම්පෙරළියේ තිස්සගේ චරිතය රඟපෑවේය.
පන්නිපිටිය, පරණ පාරේ අංක 49, දරණ නිවසෙහි දේහය තැන්පත් කර ඇති අතර අවමගුල් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීන කලාකරුවානන්ට නිවන්සුව ලැබේවා (ස)
හදවත ගොළුවූවත් දම්මි, සුගත්ට තවමත් ආදරෙයි. අපිත් ආදරෙයි. (නි)
'කැළණි පාලමේ' ඔබ පෑ පෙළහර අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
එතුමාට සුවබර නින්දක්! (නි)
සුන්දර මිනිසෙකුගේ සමුගැනීමක්. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (ස)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
පව් දම්මි. (ස)
ලංකා සිනමාවටත් එයින් දේශීය සංස්කෘතියටත් උසස්ම සේවයක් කළ වටිනා ජාතික වස්තුවක්. එතුමාට නිවන් සුව අත්වේවා! (නි)
බුදුදහම අනුව සියළුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි.. ඔබට නිවන් සුව ලැබේවා..!(නු)
ආදරෙයි අපි ආදරෙයි... සුගත්ට තවමත් ආදරෙයි... (නි)
ඔබ විශ්ෂ්ඨ කලා කරුවෙකි.නිවන්සුව පතමි (ස)
බෝගොඩ මහතා ඉතාම හොද කලාකරුවෙක්.. ඔබට නිවන් සුව..!(නු)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අද ඉන්න දේශපාලන කලාකරුවන් එක්ක බලන කොට ඔබ වැදගත් කෙනෙක් සහ දක්ෂයෙක්. අපගේ ශෝකය!! (ස)
වටිනා චරිතයක්. ඔබට නිවන් සුව (දී)
තවත් වටිනා කලාකරුවෙකුගේ නික්ම යාම . නිවන් සුව..!! (ස)
දම්මිට ගොඩක් දුක ඇති. එයා ආයෙමත් තනිවෙනවා (ස)
නියම නලුවෙක්. දැන් ඉන්න අයට ඔහු හොද ආදර්ශයක්. (නි)
ගොලු හදවතේ රගපෑම ගැන නම් මට එතරම් සෑහීමකට පත්විය නොහැකි වූවත් බිනරමලී සහ යුගාන්තය චිත්‍රපටවල ඔහුගේ රංගන අමතක වන්නේ නැහැ. සුගත්, ඹබට සුබ ගමන්! (නි)