ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අද (12 වැනිදා) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවති වයස 13 න් පහළ, I කොටසේ අන්තර් පාසල් අවසන් මහ තරගය ජය ගැනීමට රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත්වූහ.
අවසන් තරගයේ වීරයා බවට පත්වූ රිච්මන්ඞ් විද්‍යාලයේ රවිශ්ක විජේසිරි තරගය අවසන් වන තුරුම කඩුල්ලේ රැදී සිටිමින් තම කණ්ඩායමට ජයග‍්‍රහණයේ දොරටු විවර කර දුන්නේය. ඔහු නොදැවී රැස්කළ ලකුණු 43 ක සුපරික්ෂාකාරී ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
සිව්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් තාරුක ඔහුට අනගි සහයක් ලබා දෙමින් අනිත් අත්තයේ සිට ලකුණු 26 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය.
රිච්මන්ඞ් විද්‍යාලයේ කවිඳු එදිරිවීර සහ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සවන් ප‍්‍රභාෂ් පිළිවෙළින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පිතිකරු ලෙස කුසලාන හිමිකරගත්හ.
ශාන්ත අන්තෝනි විද්‍යාලය ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 136
(ශාලිත ප‍්‍රනාන්දු 31, සවන් ප‍්‍රභාශ් 41, සනිල් නිදූෂ 20, කලිඳු ආදිත්‍ය 27/3, කවිඳු එදිරිවීර 23/3, කෝසල හිරාන් 37/2)
රිච්මන්ඞ් විද්‍යාලය ඕවර 38.2 කදී කඩුලු 2 ක් දැවී 137
(රවිශ්ක විජේසිරි නොදැවී 43, තවීෂ අබේසිංහ 18, කසුන් තාරුක නොදැවී 26)
ඡයාරූප - ශානුක අරවින්ද
ශූරතාව දිනාගත් රිච්මන්ඞ් කණ්ඩායම
ශාන්ත අන්තෝනි කණ්ඩායමේ නායකයා අනුශූරතා කුසලානය හිමිකරගනිමින්
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - රිච්මන්ඞ් විද්‍යාලයේ කවිඳු එදිරිවීර
තරගාවලියේ දක්ෂතම පිතිකරු - ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සවන් ප‍්‍රභාෂ්
අවසන් තරගයේ වීරයා - රිච්මන්ඞ් විද්‍යාලයේ රවිශ්ක විජේසිරි පන්දුවට පහර දෙමින්
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ 13 න් පහළ, I කොටසේ ශූරතාව දිනති
නිපුණ Wednesday, 13 February 2013 01:30 PM
මේක එක් ජයග්‍රහණයක් විතරයි. ගිය අවුරුද්දෙත් ශුරතාවය ගත්තෙත් රිච්මන්ඩ් විද්‍යාලය තමයි. (නි)