ගම්පහ කිරිඳිවැල පාරේ පිළිකුත්තුව රජ මහා විහාරයේ සෙනසුරාදා (2) මැදියම් රැයේ කළබලයක් ඇතිවූ බවත්, පොලීසිය මැදිහත්ව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව එය සමථයකට පත් වූ බවත් පොලීසිය කියයි.
සෙනසුරාදා (2) මධ්‍යම රාත්‍රී 12ට පමණ පිළිකුත්තුව රජ මහා විහාරායේ ගල් තලාවක ගිනිගොඩක් දුටු නිසා ගැමියකු එතැනට ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේ කිහිප දෙනකු එහි සිටිනවා දැක නැවත පැමිණි ඔහු වහා ඝාණ්ඨාරය නාද කර ඇති බවත්, ඒ සමග ගම්වාසීන් විහාරස්ථානට ඒකරාශි වී ඇති බවත් ගම්වාසීහු පැවසූහ.
භික්ෂූන් වහන්සේ පහලොස් නමක් ගම්පහ පිළිකුත්තුව රජමහා විහාරයේ පස් දින භාවනා වැඩ සටහනකට සහභාගී වෙමින් සිටියදී පෙරේදා (2) රාත්‍රී එහි කඩා වැදුණු පිරිසක් විහාරස්ථානයේ ගන්ඨාරය නාදකර පිරිස් එහි කැඳවා භාවනා භාවනා වැඩසටහන පවත්වාගෙන යෑමට බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
විහාරස්ථානයේ ගල් තලාවක් මත භාවනා වැඩසටහන පවත්වාගෙන ගිය බවත්, බීමත් පිරිසක් එහි පැමිණ බැනවැදී ඝන්ඨාරය නාද කිරීම නිසා ජනතාව රොක්වීමෙන් කලබලයක් වූ බවත් ඒ හිමියෝ කීහ.
ගල්තලාවට පහළ ලෙනක භික්ෂූන් වහන්සේ පිරිස නවාතැන් ගැනීමට කටයුතු කර තිබූ බව ද ආලෝකය ලබා ගැනීම සඳහා ගිනි මැලයක් දල්වා තිබූ බවද රතනන හිමියෝ සඳහන් කළහ.
කලබලකාරී පසුබිමක් නිර්මාණය වීමෙන් පසු මල්වතුහිරිපිටිය පොලීසිය පැමිණ ජනතාවට කරුණු පැහැදිලි කර දීමෙන් පසු සිද්ධිය එතැනින් අවසන් වූ බව රතන හිමියෝ කීහ.
ගැමියන් කියනුයේ මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම පිළිකුත්තුව විහාරස්ථානයට නිධන් හොරුන්ගේ තර්ජන තිබූ බවයි. ගම්පහ මූලස්ථාන පොලීසියෙන් කාලයක් එහි ආරක්ෂාවට යෙදවූ බවත්, නිධන් හොරුන්ගෙන් විහාරස්ථානය ආරක්ෂා කිරීම සහා තමන් නිරන්තර සෝදිසියෙන් සිටින බවත් ගැමියෝ පවසති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුයේ එම විහාරස්ථානයේ දින කිහිපයක සිට රාත්‍රීයේ භාවනා වැඩසටහන් පවත්වා ඇති බවය. විහාරාධිපති හිමියන්ගේ ද දැනුවත් භාවයෙන් එම වැඩසටහන් පැවැති බවත්, ඒ ගැන ජනතාව දැනුවත් කර නොතිබූ නිසා අනවශ්‍ය කලබලයක් ඇතිවූ බවත්, ජනතාව දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය සමථයකට පත් වූ බවත් ජයකොඩි මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ දොලහට භාවනා කරනවා කියලා මම නම් ඇහැව්වමයි. මෙතන සිද්ද වෙලා තියෙන දේ බොහොම පැහැදිලියි. අන්තිමට පන්සලට ආදරේ කරන ගම්වැසියන් බීමත් කලහකාරීන් කියලා ඇග බේරගන්නවා.(නදී)
නිධන් නමි ඉතින් අහන්න දෙයක් නැහැ. ආයුබෝවේවා!(නදී)
අනේ අපි නොදන්නවායැ? (නි)
බොදු බැතිමතුන්ට ආගමික කරයුතු සම්බන්ධයෙන් කලහකාරීව හැසිරීම පුරුදු කරන්නෙත් දේශපාලන හාමුදුරුවරුම තමා. බුදු වදන් නැවතත් සැබෑ වී ඇත. "යාදිසං වපතේ බීජං තාදිසං හරතෙ ඵලං " (වපුරන දේම අස්වනු ලෙස ලැබෙයි) (නි)
ඉතින් මිනිස්සු එහෙම කලේ හොදටනේ (දී)
සමහර අදහස් දැක්වීම් තුළ බෞද්ධකමට සියුම් ලෙස ගැරහීමක් නිරීක්ෂණය වෙනවා. (නි)
ගමේ දායකයෝ ඇත්ත හොදින් දන්නවා ඇති. (නි)
පහන්, තිස් තුන් කෝටියක දෙවියන් කියන්නේ හින්දු සංකල්පයක් මිස බෞද්ධ සංකල්පයක් නොවේ. (නි)
පාර්ලිමේන්තුවේත් භාවනා කළා නම් හොද නැද්ද? (නි)
ඔච්චරටම ළගට ගිය ගැමියන්ට තව ටිකක් ළං වෙලා බලන්නනේ තිබුණේ. (නි)
ජනතාව කලින් දැනුවත් නොකිරීමෙන් ලද අසුභ ප්‍රතිඵලයක්. (නි)
ආගම දහම සමග සෙල්ලම් කිරීම නම් එතරම් සුභවාදී දෙයක් නොවේ. (නි)
මැදියම් රැයේ කඩාකප්පල්කාරීන් හිතන්න ඇති භාවනාවෙන් පසු මාර්ග ඵලවලට ඒ ඇත්තෝ යයි කියලා.(නදී)
පහන්, අපේ රටේ ජනගහනයට වඩා දෙවියෝ ඉන්නවානේ. 1:2 අනුපාතයට. (නි)
මුදිත, සිංහලයන්ට දෙවියෙක් ඉන්නවාද?
තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා .අපි අකාසට්ටාච කියල දෙවියන්ට පින් දෙනවා .(නදී)
හාපෝ! පාර්ලිමේන්තුවේ ඇත්තොද වැඩියේ? එහෙනම් අහන්න දෙයක් නැහැ. ඡන්දයක් ළග නැහැ නේද? ඒත් රෑ 12ට? (නි)
භාවනා කිරීමයි නිදන් හෑරීමයි ඕනම කෙනෙකුට අදුරන්න පුලුවන්නේ, මෙතනනම් භවනා කිරීම හිතාමතාම කඩාකප්පල් කරල වගේ මට පෙනෙන්නේ.(නදී)
නඩරාජා ඇයි මේ? සිංහලයින්ට දෙවියන් කෙසේ වෙතත් හතුරු යක්ෂයින් තුන්දෙනෙක් නමි ඉන්නවා.(නදී)
මොකක් හරි හොරයක්වද්ද? (නි)
නඩරාජා, තිස්තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා. අපි ඒ අයට පින් දෙනවා. ඒ පින් වලින් තමා එයාලා තව සැප සම්පත් ලබන්නේ. ඒ පින් නැත්නම් එයාලා නැවත වෙනත් ආත්මයක් ලබනවා. (නි)
නාමල් ඔකේ අනිත් පැත්ත වුනාද කවුද දන්නේ. රෑ 12ට කවුද භාවනා කරනවා කියලා හිතන්නේ? (ත)
මම කියන්නේ ගමේ මිනිස්සුත් හරිත. මොකද නිදන් හොරකම්වලට හාමුදුරුවරුනුත් හවුලප් වෙලති තිබුණනේ. ජනතාව අවධානයෙන් සිටීම ගැන මම සතුටු වෙනවා. (ත)
රටේ පවතින තත්ත්වය හැටියට කල්තියා ජනතාව දැනුවත් කරලා තියන්න තිබුණා. (ත)
මම නම් හිතන්නේ මේක ඇත වැරදීමක් (දී)
නඩරාජා මහත්තයෝ,සිංහල බෞද්ධයින් අදහන වදින පුදන යහපත් දෙවි දේවතාවෝ ඉන්නවා. එම කරුණාවන්ත දෙවියන් අන් සත්වයින් ඝාතනය කරන්න, බෙලි කපන්න වැනි මිලේච්ඡ දේවලට අනුබල දෙන්නේ නැත. (නි)