IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාලු හෙදියෝ පිරිසක් වැඩ වරති

ගාල්ල මහමෝදර රෝහල් පරිපාලනයට විරෝධය දක්වමින් හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිය රාජකාරිවලින් ඉවත් වී රෝහල ඉදිරිපිට රැස්වී සිටියි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ දකුණු පළාත් සංවිධායක ඩී බොරලැස්ස මහතා පැවසුයේ  අලුතෙන් විවෘත කරන ලද නව ගොඩනැගිල්ලේ හෙදියනට ඇඳුම් මාරු කිරීමට පවා ස්ථානයක් නොමැති බවයි. ඔවුන්ට එහි කිසිදු පහසුකමසක් සලසා දී නැති බවත් ඔහු කීවේය.

රෝහල් අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මිය කියනුයේ නව ගොඩනැගිල්ලේ හෙදියන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි.



අදහස් (0)

ගාලු හෙදියෝ පිරිසක් වැඩ වරති

lasa Tuesday, 05 February 2013 10:12 PM

පාලි ටිකක් හිතලා බලන්න රෝහලේ කොපමන විෂබිජ,බෝ වෙන ලෙඩ රෝග තියෙනවද, රෝගින් සමග ලගින්ම වැඩ කරන හෙදියන්ගෙ නිළ ඇදුමෙ කොචිචර විස බිඡ රෝග කාරක අද්ද, ඇය නිළ ඇදුම ඇදන් පොදු පුවාහන සේවයක ගමන් ගතහොත් තව කෙනෙක්ට පැතිරිමෙ හැකියාව වැඩි. ඇදුමි දෙකක් දිනකට රැකියාවට යාමට,රැකියාව කරන විට අදිනවට වඩා එකක් අදින්න ඇයත් කැමති වෙයි, ඇය මහඡනයා ගැන හිතා කරන කැපවිම අප අගය කලයුතුයි.(නදී)

:       0       0

ජයා Tuesday, 05 February 2013 10:25 PM

පුදුම වෙන්න දෙයක් නොවේ, ගැහැණු ඉන්න හැම තැනම ඔහොම තමයි. වැඩ වරලා තියෙන්නේ පහසුකම් ලබා නොදීපු නිසානේ.ඉල්ලා සිටින පහසුකම් ලබා දීලා නම් හෙදියොන්ට පිස්සුද වැඩ වරන්න. (නි)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 05:33 PM

ආපු හෑටියෙ අත්සන ගහලාද ඈදුම් මාරු කරන්න යන්නේ, නෑතිව නිල ඈදුම ඈදගෙනද අත්සන් කරන්න එන්නේ කියන එකත් වෑදගත් මෙතනදී. ඒක සේවා කාලය පිලිබදව ප්‍රස්නයක් නිසා පාලන අධිකාරියට බාරයි. නමුත් අපට ප්‍රස්ණයක් තිබෙනවා ඒ අහිංසක ලෙඩ්ඩු පිලිබදව. ලගදී ප්‍රාදේශිය සභාවකින් වතුර බහින්න කානුවක් කපපු වෙලාවෙත් කට්ටියක් වර්ජනය කලා.මේ තමතමන් කතාකරලා විසදාගතයුතු සුලු සුලු දේවල් නිසා අහිංසක ලෙඩ්ඩුන්ටයි ප්‍රස්ණ ඈතිවෙන්නේ. ඔය නිළ ඈදුම සුදු උනාට වෑඩක්නෑ .ලෙඩ්ඩු ගෑන හදවතත් සුදු වෙන්න ඕනෑ.ඔයිට වෑඩිය.(නදී)

:       0       0

ඉසුරු Tuesday, 05 February 2013 05:50 PM

කොන්දේසි ලබා දෙනකල් (දී)

:       0       0

චින්තන Wednesday, 06 February 2013 12:16 PM

නිල ඇදුම ඇදගෙන පොදු ප්‍රවාහන සේවයක එන්න හෙදියන්ට තහනමි. දන්නැත්නම් අහගන්න.(නදී)

:       0       0

ඉසාම් Tuesday, 05 February 2013 12:15 PM

සාධාරණ වර්ජනයක් (ස)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 07:11 PM

මෙයාලා ඉතින් හැමදේටම වැඩවරන එකනේ කරන්නේ. (නි)

:       0       0

පාලිත Tuesday, 05 February 2013 12:30 PM

ඉතින් ඇදුම් ගෙදරින් එනකොට මාරු කරගෙන එන්න .සේවාකරන තැන තියෙන්නේ ඇදුම් මාරු කරන්නද ?? රෝහල් අධ්‍යක්ෂකතුමා කියන්නේ පහසුකම් තියෙනවා කියලා , එතකොට මොකද්ද මේ ප්‍රශ්නේ (ස)

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 12:55 PM

ඉල්ලීම් සාධාරණයි (ස)

:       0       0

දමිමි Tuesday, 05 February 2013 08:15 PM

නිල ඇදුම් ඇදන් පාරේ යනකොට හෙදියෝ බව කව්රුත් දන්නවනේ.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 01:59 PM

මෙයාලට ඇඳුම්මාරු කරන්න තැනක් ඇත්තෙම නැද්ද එතකොට (ස)

:       0       0

ඉසුර Tuesday, 05 February 2013 02:00 PM

ඉල්ලීම් දෙනතුරු අපි සටනේ (දී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 05 February 2013 03:04 PM

කාන්තා පක්ෂයට විශේෂ ස්ථාන තිබිය යුතුයි තමයි (නි)

:       0       0

ශාන්ත Tuesday, 05 February 2013 09:18 PM

නිල ඇදුමට අපේ රටේ ගරුත්වයක් තියෙනවානේ. (නි)

:       0       0

ශාන්ත Wednesday, 06 February 2013 10:11 AM

පාලිත, ඔයා කිව්වා හරි. සෞදි අරාබියේ සෑම හෙදියක්ම රාජකාරියට යනකොට නිල ඇදුමෙන් රෝහලට ඇතුල් විය යුතුයි. ඒක මෙහෙ තියෙන නීතියත්. (නදී)

:       0       0

චාමික Tuesday, 05 February 2013 03:10 PM

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තරම් පිළිකුල් සහගත මිනිස්සු කොට්ඨාශයක් ලංකාවේ වෙන නැහැ. ඉස්පිරිතාලෙකට ගියාම ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා ඇතිනේ. ලෙඩ්ඩුන්ට කතා කරන්නේ සත්තුන්ට කතාකරන්න වගේ. මගේ ජීවිතේ දැකපු පිළිකුල් සහගතම මිනිස්සු මම දැක්කේ ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේදී. (නි)

:       0       0

උදාර Tuesday, 05 February 2013 03:41 PM

පාලිත, නර්ස් ඇදුම් මාරුකරන්නේ රෝහලට ඇවිත් මිසක් නිළඇදුම ඇදගෙන පාර දිගේ එන්නද කියන්නේ, නොදන්න ‍දේවල් නොකියා ඉන්නවනම් හොඳයි (ස)

:       0       0

දර්ශන Tuesday, 05 February 2013 09:54 PM

අනවශ්‍ය දේවලට මොනතරම් වියදමි කලත් අවශ්‍ය දේවලට මුදල් නැහැ.(නදී)

:       0       0

පාලි Tuesday, 05 February 2013 03:54 PM

ඔයාගේ හිත රිදුනානම් සමා වෙන්න .නිල ඇඳුම් පාරේ ඇඳගෙන එන්න තහනම් කරලා නෑ නේද ? ඉදිරියේදි ඒක තමයි වෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site