ගාල්ල මහමෝදර රෝහල් පරිපාලනයට විරෝධය දක්වමින් හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ සිය රාජකාරිවලින් ඉවත් වී රෝහල ඉදිරිපිට රැස්වී සිටියි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ දකුණු පළාත් සංවිධායක ඩී බොරලැස්ස මහතා පැවසුයේ අලුතෙන් විවෘත කරන ලද නව ගොඩනැගිල්ලේ හෙදියනට ඇඳුම් මාරු කිරීමට පවා ස්ථානයක් නොමැති බවයි. ඔවුන්ට එහි කිසිදු පහසුකමසක් සලසා දී නැති බවත් ඔහු කීවේය.
රෝහල් අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මිය කියනුයේ නව ගොඩනැගිල්ලේ හෙදියන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලි ටිකක් හිතලා බලන්න රෝහලේ කොපමන විෂබිජ,බෝ වෙන ලෙඩ රෝග තියෙනවද, රෝගින් සමග ලගින්ම වැඩ කරන හෙදියන්ගෙ නිළ ඇදුමෙ කොචිචර විස බිඡ රෝග කාරක අද්ද, ඇය නිළ ඇදුම ඇදන් පොදු පුවාහන සේවයක ගමන් ගතහොත් තව කෙනෙක්ට පැතිරිමෙ හැකියාව වැඩි. ඇදුමි දෙකක් දිනකට රැකියාවට යාමට,රැකියාව කරන විට අදිනවට වඩා එකක් අදින්න ඇයත් කැමති වෙයි, ඇය මහඡනයා ගැන හිතා කරන කැපවිම අප අගය කලයුතුයි.(නදී)
පුදුම වෙන්න දෙයක් නොවේ, ගැහැණු ඉන්න හැම තැනම ඔහොම තමයි. වැඩ වරලා තියෙන්නේ පහසුකම් ලබා නොදීපු නිසානේ.ඉල්ලා සිටින පහසුකම් ලබා දීලා නම් හෙදියොන්ට පිස්සුද වැඩ වරන්න. (නි)
ආපු හෑටියෙ අත්සන ගහලාද ඈදුම් මාරු කරන්න යන්නේ, නෑතිව නිල ඈදුම ඈදගෙනද අත්සන් කරන්න එන්නේ කියන එකත් වෑදගත් මෙතනදී. ඒක සේවා කාලය පිලිබදව ප්‍රස්නයක් නිසා පාලන අධිකාරියට බාරයි. නමුත් අපට ප්‍රස්ණයක් තිබෙනවා ඒ අහිංසක ලෙඩ්ඩු පිලිබදව. ලගදී ප්‍රාදේශිය සභාවකින් වතුර බහින්න කානුවක් කපපු වෙලාවෙත් කට්ටියක් වර්ජනය කලා.මේ තමතමන් කතාකරලා විසදාගතයුතු සුලු සුලු දේවල් නිසා අහිංසක ලෙඩ්ඩුන්ටයි ප්‍රස්ණ ඈතිවෙන්නේ. ඔය නිළ ඈදුම සුදු උනාට වෑඩක්නෑ .ලෙඩ්ඩු ගෑන හදවතත් සුදු වෙන්න ඕනෑ.ඔයිට වෑඩිය.(නදී)
කොන්දේසි ලබා දෙනකල් (දී)
නිල ඇදුම ඇදගෙන පොදු ප්‍රවාහන සේවයක එන්න හෙදියන්ට තහනමි. දන්නැත්නම් අහගන්න.(නදී)
සාධාරණ වර්ජනයක් (ස)
මෙයාලා ඉතින් හැමදේටම වැඩවරන එකනේ කරන්නේ. (නි)
ඉතින් ඇදුම් ගෙදරින් එනකොට මාරු කරගෙන එන්න .සේවාකරන තැන තියෙන්නේ ඇදුම් මාරු කරන්නද ?? රෝහල් අධ්‍යක්ෂකතුමා කියන්නේ පහසුකම් තියෙනවා කියලා , එතකොට මොකද්ද මේ ප්‍රශ්නේ (ස)
ඉල්ලීම් සාධාරණයි (ස)
නිල ඇදුම් ඇදන් පාරේ යනකොට හෙදියෝ බව කව්රුත් දන්නවනේ.(නදී)
මෙයාලට ඇඳුම්මාරු කරන්න තැනක් ඇත්තෙම නැද්ද එතකොට (ස)
ඉල්ලීම් දෙනතුරු අපි සටනේ (දී)
කාන්තා පක්ෂයට විශේෂ ස්ථාන තිබිය යුතුයි තමයි (නි)
නිල ඇදුමට අපේ රටේ ගරුත්වයක් තියෙනවානේ. (නි)
පාලිත, ඔයා කිව්වා හරි. සෞදි අරාබියේ සෑම හෙදියක්ම රාජකාරියට යනකොට නිල ඇදුමෙන් රෝහලට ඇතුල් විය යුතුයි. ඒක මෙහෙ තියෙන නීතියත්. (නදී)
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තරම් පිළිකුල් සහගත මිනිස්සු කොට්ඨාශයක් ලංකාවේ වෙන නැහැ. ඉස්පිරිතාලෙකට ගියාම ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා ඇතිනේ. ලෙඩ්ඩුන්ට කතා කරන්නේ සත්තුන්ට කතාකරන්න වගේ. මගේ ජීවිතේ දැකපු පිළිකුල් සහගතම මිනිස්සු මම දැක්කේ ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේදී. (නි)
පාලිත, නර්ස් ඇදුම් මාරුකරන්නේ රෝහලට ඇවිත් මිසක් නිළඇදුම ඇදගෙන පාර දිගේ එන්නද කියන්නේ, නොදන්න දේවල් නොකියා ඉන්නවනම් හොඳයි (ස)
අනවශ්‍ය දේවලට මොනතරම් වියදමි කලත් අවශ්‍ය දේවලට මුදල් නැහැ.(නදී)
ඔයාගේ හිත රිදුනානම් සමා වෙන්න .නිල ඇඳුම් පාරේ ඇඳගෙන එන්න තහනම් කරලා නෑ නේද ? ඉදිරියේදි ඒක තමයි වෙන්නේ (ස)