ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් අර්ථ නිරූපනයත්, අභියාචනාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුවත් නොකතා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේනම් එම දින දෙකෙහි වැඩ වර්ජනය කිරීමට ගාල්ල නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කළ බව එහි ලේකම් අමරදිවාකර ලියනාරච්චි මහතා පවසයි.
අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ සියළුම අයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් නඩු පැවරිය යුතු බවට දන්වා යැවීමේ යෝජනාවක් ද ගාල්ල නීතීඥ සංගම් රැස්වීමේදී සම්මත විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ සියළුම අයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් නඩු පැවරිය යුතු බවට දන්වා යැවීමේ යෝජනාවක් ද ගාල්ල නීතීඥ සංගම් රැස්වීමේදී සම්මත විය" මෙන්න මේ ටිකට තමයි මම නම් ආසම. ඉස්සර අර එක දේශපාලකයින්ගේ අපහාසාත්මක කතාවලට යම් ගමක ගම්වැසියන්ට නඩුකියන්න පුළුවන් වුණා නම්, දැන් මේ දවස්වල පාලු ගෙයි වලන් බිඳින්නා වගේ කියන නොහොබිනා කතාවලට කවුරුවත් මොකුත් නොකර ඉන්න හැටි බලා ඉන්නත් අමාරුයි. (නි)
නියමයි (ස)
අධිකරණයට අපහාස කළ අයට නඩු දානවට නම් අපිත් කැමතියි. (නි)
මීට වැඩිය දේවල් නැද්ද හිතන්න? (නි)
දවස් දෙකක් විතරක් මොකටද? අඛණ්ඩ වර්ජනයක් කරන්න එපායැ. (නි)
ඔවු. අධිකරණයට අපහාස කළ සියල්ලන්ටම අනිවාර්යෙන්ම දඩුවම් කළ යුතුයි. (නි)
උසාවියට අපහාස කළ අයට අනිවාර්යෙන්ම දඩුවම් කළ යුතුයි. (නි)
ජනතාවට ජයම වේ (දී)
ජයවෙවා....ජයවෙවා.... (දී)
අයියෝ සල්ලි
දැන් කාලෙ හරි .....(ස)
අධිකරණයට කිසිවකු අපහාස කරල නැහැ. නමුත් අධිකරණයට මුවාවෙලා රටේ ස්ථාවරත්වය විනාශ කිරීමට උත්සාහ කිරීම අපි කිසිසේත් අනුමත නොකරමු. (නි)
මොකද මේ හැම තීරණයක්ම ඒකමතිකව සම්මත වෙන්නේ? (නි)