රජයේ ඉඩමක අනවසරයෙන් වගා කළ ගොවියකුට බලපත්‍රයක් දීමට රුපියල් 25000ක අල්ලසක් ගත්තැයි සැකපිට මතුගම ග්‍රාම සේවා නිලධාරී එස් ආර් එම් හැරී ප්‍රේමවංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

අල්ලස් කොමිසම පැමිණිල්ල ඉදිරිපත් කළේය.