IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ග්‍රීක බැඳුම්කර ගණුදෙනුවත් අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමේ ගනුදෙණුව නීති විරෝධී ආයෝජනයක් බවත් එමගින් මහජන මුදල් රුපියල් කෝටි 300ක පාඩුවක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය. ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීම නිසාත්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බාලපටබැඳි මහතා මෙම අල්ලස් කොමිසමේ සභාපති ධුරය දරණ නිසාත් රටට සාධාරණයක් වීම අපේක්ෂාවෙන් තමන් මෙසේ පැමිණිලි කරන බවත් ඉදිරියේදී ප්‍රෝලියම්, මිහින් ලංකා, එයාර් ලංකා ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සේරසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරාල, රෝසි සේනානායක හා පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක යන මහත්ම මහත්මීන්ද මීට එක්වූහ.  



අදහස් (0)

ග්‍රීක බැඳුම්කර ගණුදෙනුවත් අල්ලස් කොමිසමට

අචිනි Wednesday, 31 October 2012 01:25 PM

ඔහොම යං, ඔහොම යං මන්ත්‍රීතුමා ජයවීර අපිත් ඔබ සමගයි.(නදී)

:       0       0

දිලංක Tuesday, 30 October 2012 06:37 PM

හොද වැඩක්.. අගය කළ යුතුයි.. අපගේ ආචාරය..!(නු)

:       0       0

ඒකනායක Tuesday, 30 October 2012 06:43 PM

මෙය එකට එක කිරීමක් වගේ පෙනුනත් කළ යුතුම වැඩක්..!(නු)

:       0       0

නන්දන Tuesday, 30 October 2012 06:39 PM

ඉතා හොද දෙයක් ඔබට ජය...!(නු)

:       0       0

අනිල් මිලානෝ Tuesday, 30 October 2012 06:46 PM

හොදයි ඕව විපරමි කරල බළන එක.(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 30 October 2012 07:17 PM

ඔන්න ඔය වගේ වැඩ තමිය විපක්ෂයෙන් වෙන්න ඕන.. වැඩකරන මිනිසුන් උසිගන්වා වැඩ වර්ජන කරනලා රට බංකොලොත් කරනවාට වඩා.. හරි දේට නීත්‍යානුකූලව පියවර ගන්න..!(නු)

:       0       0

රවි Wednesday, 31 October 2012 09:03 AM

වහාම හෙල්පින් හම්බන්තොට නඩු ගොනුවත් පිටපත් තියෙන තියෙන අය එඒකතු කරලා නැවත අධිකරණය හමුවට ගෙනෙමු. විධායකය භාරගන්න කලින් සිදුවීමක් නිසා වහාම පරීක්ෂණ ආරම්භ කරමු. ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා! (නි)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 04:31 PM

අයියෝ සල්ලි

:       0       0

හර්ෂණ Tuesday, 30 October 2012 08:08 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

ජීව Thursday, 01 November 2012 10:25 PM

ලංකාව වගේ පොඩි රටක් ග්‍රීසිය වගේ ගිලෙන්න යන ආර්ථිකයක් ඇති රටක ආයෝජනය කරපු එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.(නු)

:       0       0

Pieris Niranjan Tuesday, 30 October 2012 09:43 PM

යු.ඵන්.පි.ය කාලෙ විකුනපු රාජ්‍ය දෙපල වලට විරුද්ධවත් සෙනසිංහලා කථා නැත්තෙ රනිල්ට බයටද? (අ)

:       0       0

පද්මි Wednesday, 31 October 2012 10:28 AM

සුළි කුණාටුවට පස්සේ ඔය එන්නේ වසන්තයයි. (නි)

:       0       0

පියල් Tuesday, 30 October 2012 10:17 PM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

ඩයස් Wednesday, 31 October 2012 10:27 AM

අයියෝ සල්ලි

:       0       0

රසික Wednesday, 31 October 2012 03:35 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 30 October 2012 05:36 PM

ආසියාවෙ ආශ්චර්යය සල්ලි පිල්ලි ගහපු හොරුන්වත් අල්ලන්න..!(නු)

:       0       0

පෙරේරා Tuesday, 30 October 2012 05:43 PM

මුළු ලංකාවම ඔබ සමගයි. තව තව දේවල් බොහොමයක් තියනවා නඩු දාන්න. වෙලාව හොඳා දැන් අධිකරණයත් සාධාරණ තීන්දු දෙනවා ශිරාණි බණ්ඩාරනායකට පින් සිද්ධ වෙන්න. (නු)

:       0       0

ලාල් ගලබොඩ Tuesday, 30 October 2012 06:02 PM

රට විනාශය කරා වේගයෙන් ගමන් කරමින් තිබේ.කියන තරම් සංවර්ධනයක් රටේ නැතිබව විදෙස් ගත අයට හොදට පේනවා.ෙමේවගේ හොද දේවල් සදහා මුලිකත්වය ගන්න ආණ්ඩු පක්ෂයේ අයත් මේවාට සහය දෙන්න .යහ පාලනය නැත්නම් පිට රටින් ලංකාවට මුදල් පොම්ප කිරීම අඩු වෙනවා.

:       0       0

සමන්ත Wednesday, 31 October 2012 12:58 PM

ලංකාව වගේ ‍පොඩි රටක් ග්‍රීසිය වගේ වටිනා ආරථික ආයෝජන කරන්නේ මොකටද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site