ශ්රී ලංකා මහ බැංකුව ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමේ ගනුදෙණුව නීති විරෝධී ආයෝජනයක් බවත් එමගින් මහජන මුදල් රුපියල් කෝටි 300ක පාඩුවක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය.
ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීම නිසාත්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බාලපටබැඳි මහතා මෙම අල්ලස් කොමිසමේ සභාපති ධුරය දරණ නිසාත් රටට සාධාරණයක් වීම අපේක්ෂාවෙන් තමන් මෙසේ පැමිණිලි කරන බවත් ඉදිරියේදී ප්‍රෝලියම්, මිහින් ලංකා, එයාර් ලංකා ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සේරසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරාල, රෝසි සේනානායක හා පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක යන මහත්ම මහත්මීන්ද මීට එක්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං, ඔහොම යං මන්ත්‍රීතුමා ජයවීර අපිත් ඔබ සමගයි.(නදී)
හොද වැඩක්.. අගය කළ යුතුයි.. අපගේ ආචාරය..!(නු)
මෙය එකට එක කිරීමක් වගේ පෙනුනත් කළ යුතුම වැඩක්..!(නු)
ඉතා හොද දෙයක් ඔබට ජය...!(නු)
හොදයි ඕව විපරමි කරල බළන එක.(නු)
ඔන්න ඔය වගේ වැඩ තමිය විපක්ෂයෙන් වෙන්න ඕන.. වැඩකරන මිනිසුන් උසිගන්වා වැඩ වර්ජන කරනලා රට බංකොලොත් කරනවාට වඩා.. හරි දේට නීත්‍යානුකූලව පියවර ගන්න..!(නු)
වහාම හෙල්පින් හම්බන්තොට නඩු ගොනුවත් පිටපත් තියෙන තියෙන අය එඒකතු කරලා නැවත අධිකරණය හමුවට ගෙනෙමු. විධායකය භාරගන්න කලින් සිදුවීමක් නිසා වහාම පරීක්ෂණ ආරම්භ කරමු. ප්‍රජාතන්ත්‍රවාදය දිනේවා! (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි! (නි)
ලංකාව වගේ පොඩි රටක් ග්‍රීසිය වගේ ගිලෙන්න යන ආර්ථිකයක් ඇති රටක ආයෝජනය කරපු එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.(නු)
යු.ඵන්.පි.ය කාලෙ විකුනපු රාජ්‍ය දෙපල වලට විරුද්ධවත් සෙනසිංහලා කථා නැත්තෙ රනිල්ට බයටද? (අ)
සුළි කුණාටුවට පස්සේ ඔය එන්නේ වසන්තයයි. (නි)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
අයියෝ සල්ලි
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
ආසියාවෙ ආශ්චර්යය සල්ලි පිල්ලි ගහපු හොරුන්වත් අල්ලන්න..!(නු)
මුළු ලංකාවම ඔබ සමගයි. තව තව දේවල් බොහොමයක් තියනවා නඩු දාන්න. වෙලාව හොඳා දැන් අධිකරණයත් සාධාරණ තීන්දු දෙනවා ශිරාණි බණ්ඩාරනායකට පින් සිද්ධ වෙන්න. (නු)
රට විනාශය කරා වේගයෙන් ගමන් කරමින් තිබේ.කියන තරම් සංවර්ධනයක් රටේ නැතිබව විදෙස් ගත අයට හොදට පේනවා.ෙමේවගේ හොද දේවල් සදහා මුලිකත්වය ගන්න ආණ්ඩු පක්ෂයේ අයත් මේවාට සහය දෙන්න .යහ පාලනය නැත්නම් පිට රටින් ලංකාවට මුදල් පොම්ප කිරීම අඩු වෙනවා.
ලංකාව වගේ පොඩි රටක් ග්‍රීසිය වගේ වටිනා ආරථික ආයෝජන කරන්නේ මොකටද ? (ස)