ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියෙන් බැහැරව ගුරු මාරු මණ්ඩල නොකැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන් මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසුවේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව ගුරුවරු ස්ථාන මාරු කළ යුත්තේ ගුරු සංගම් නියෝජිතයන්ගෙන් ද සමන්විත මාරු මණ්ඩල හරහා බවයි.
ගිය වසරේ ගුරුමාරු මණ්ඩල නොකැඳවූ බවත්, මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 20ට හා 10ට වැඩි ගුරුවරු මාරු කර ඇති බවත්, අවුරුදු 20ට හෝ 10ට වැඩි ගුරුවරු මාරු කළ යුත්තේ ද ගුරු මාරු මණ්ඩල හරහා බවත්, ගුරුවරු මාරු කිරීමේදී බොහෝ කාරණා සළකා බලන බවත් ස්ටාලින් මහතා පැවසීය.
ඇතැම් පාසල්වල අවුරුදු 20ට වැඩි ගුරුවරු කොටසක් පමණක් මාරු කර ඇති බව ද, තවත් අවුරුදු 20ට වැඩි ගුරුවරු එම පාසල්වල සිටින බව ද, මාරු ලබා දුන් ඇතැම් ගුරුවරුන්ගේ ස්ථාන මාරු නැවත අහෝසි කර ඇති බව ද, මෙවැනි අක්‍රමවත් ගුරුමාරු නිසා ගුරුවරු කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවී ඇති බව ද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයකි. (නි)
අන්න අන්න වැරදි වැඩක් (දී)
කරන දෙයක් නිතියට අනුව පමණක් කරන්න (දී)
මොන දේදේ අපේ රටේ හරි පාරෙන් ගිහින් නිසිලෙස සිදුකර ගන්න පුළුවන් (ස)
දැන් එතකොට මොනවද හරි පාරේ ගියේ? (නි)
අපි කොයි දේටද හරි පාරේ ගියේ (ස)
අද ගොඩක් පාසැල් වහන්න සිද්ද වෙන්නේ මේ ගුරු මාරුව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි . දෙහිඕවිට අධයාපන කොට්ඨාශයේ දැරණියගල කොස්ගහ කන්ද විදුහලේ අද වන විට බොහෝ ගුරුවරු වෙනත් පාසැල් වලට අනියුක්ත කොට තිබෙන නිසා එම පාසැලද නිසි ලෙස ක්‍රියාත්මක නොවේ බලධාරීන්ගේ අවදානය යොමුවේවා (ස)
ඇත්ත ..ගුරුවරුන් මාරු කිරීම ඉතාම කල්පනාවෙන් කල යුතු දෙයක්. අසාධාරණකම් වෙන්න ඉඩ තියන්න එපා. වසර 25 ක් 30සේවය කරලා හිතේ සැනසීමෙන් විශාමයන්න දෙන්න (ස)
මෙවන් දේවල් කරන්න එපා, ළමයි තමයි අන්තිමේ අසරණ වෙන්නේ (දී)