IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගම්පහෙන් බණ්ඩාරනායකය මුලට

2012   අපොස උසස් පෙළ විභාගයේ විෂය ධාරා හතරෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ  පළමු ස්ථාන තුනක්ම දිනාගනා ගනිමින්  විශිෂ්ට  ප්‍රතිඵල පෙන්වීමට ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලය  සමත්විය.

වාණිජ අංශයේ  දිවයිනෙන් දෙවැනි ස්ථානයත්, එම අංශයෙන්ම ගමිපහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානයත් , ගණිත අංශයෙන්  දිස්ත්‍රික්කයේ පළමුවැනි ස්ථානයත්,  ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයත්, කලා අංශයෙන් දිස්ත්‍රික්කයේ සිව්වැනි ස්ථානයත් ගමිපහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු හිමිකර ගත්හ.

මෙම විද්‍යාලයේ වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ 13 එල් පන්තියේ තිසර පහන් මධුෂංක එම අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හා මුළු දිවයිනෙන් දෙවන ස්ථානය ලබා ගත්තේය.

එසේම වාණිජ අංශයෙන් ගමිපහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයත් මුළු දිවයිනෙන්  නව වන ස්ථානයත්  හිමිකරගැනීමට එම පාසැලේම  රසිඳු දිල්ෂාන් මධුෂංක සමත්විය.

විද්‍යාලයීය විද්‍යා හා ගණිත අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් අතර විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රුමේෂ් බුද්ධික දිල්ෂාන් සෝමරත්න       දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හා දිවයිනෙන් 14 වන ස්ථානය හිමිකරගත්තේය.

ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ චානක දිනේෂ් කුමාර ශිෂ්‍යයා ගමිපහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයත් මුළු දිවයිනෙන් 34 වන ස්ථානයත් හිමිකරගෙන ඇත.

විදුහල්පති ලාල් දිසානායක මහතාගේ නිවැරදි දැක්ම හා මෙහෙයවීම මත විද්‍යාලයීය සියළුම ගුරු භවතුන්ගේ පූර්ණ කැපවීම  හා මහන්සියේ ප්‍රථීඵලයක් ලෙස මෙම ජයග්‍රහණ හිමි කර ගත් බව සිසුහු පැවසූහ.

විදුහල්පති ලාල් දිසානායක මහතා පැවසුවේ  දරුවන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව තමන්ට විශාල  සතුටක්  සහ නිහතමාණී ආඩම්බරයක් දැනෙන බවයි. මේ දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයටම ආඩම්බරයක් බව ද දිසානායක මහතා පැවසීය.

තම විදුහලට කීර්තියක් අත්කර දීම පිළිබඳ මෙම ශිෂ්‍යන් හට ස්තුතිවන්ත වන බව කී විදුහල්පතිවරයා බණ්ඩාරනායක  විදුහල් නාමය ආරක්ෂා කරගෙන   ඉදිරියටම ගොස් රටට වැඩදායී යහපත් පුරවැසියකු වීමට සුබ පතන බව ද කීවේය.

විද්‍යා, ගණිත, වාණිජ සහ කලා අංශවල සියලුම ගුරු මහත්ම මහත්මීන් මේ ජයග්‍රහණය සඳහා කැපවූහ.

            



අදහස් (51)

ගම්පහෙන් බණ්ඩාරනායකය මුලට

වරුණ Saturday, 02 February 2013 06:08 AM

ආඩමිබරයි අපේ පාසැල ගැන.(නදී)

:       0       0

කලණ-රාගම වෛද්‍ය පීඨය Thursday, 04 July 2013 04:03 PM

බණ්ඩාරනායකවරුන් ගැන ආඩම්බරයි. එය දිගටම පවත්වාගෙන යන්න. (නදී)

:       0       0

නන්දිමිත්‍ර Saturday, 02 February 2013 09:26 AM

නියමයි. BC ..සුබ පැතුම් (ස)

:       0       0

රෝහිත Friday, 01 February 2013 05:36 PM

බණ්ඩාරනායක විද්‍යාලයට ජය වේවා! (නි)

:       0       0

චාමික Saturday, 02 February 2013 09:33 AM

අපගේ විදු මෑණියන්ට කීර්තියක් ගෙන දුන් මල්ලිලාට අපේ සුබ පැතුම් (ස)

:       0       0

බණ්ඩා Friday, 01 February 2013 06:08 PM

හොදයි හොදයි.... (නි)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 09:35 AM

සුබ පැතුම් ඔබ සැමට (ස)

:       0       0

අනුර Friday, 01 February 2013 06:22 PM

ජය වේවා ළමයිනේ! (නි)

:       0       0

සන්ජය Saturday, 02 February 2013 09:42 AM

ගමිපහ බන්ඩාරනයක විදුහල කියන්නේ ලෝකයට අති දක්ෂයින් බිහිකරන ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ද පිරිමි පැසැලක්, මේක පුදුමයක් නෙමෙයි, සෑම වසරකම දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨයෝ බිහි කරනවා. මට මගේ පාසැල ගැන ආඩමිබරයි.(නදී)

:       0       0

ඉන්දික Saturday, 02 February 2013 04:01 PM

අපේ පාසලට ජය වේවා....(ස)

:       0       0

දිමුත් Saturday, 02 February 2013 09:50 AM

නියමයි මල්ලි (ස)

:       0       0

නුවන් Friday, 01 February 2013 07:18 PM

මමත් ඉගෙනගත්ත ඉස්කෝලේ. මටත් හරි ආඩම්බරයි. (නි)

:       0       0

සමාධි Saturday, 02 February 2013 10:37 AM

සුබ පැතුම් බණ්ඩාරණායක විදුහලට (ස)

:       0       0

ගිහාන් Saturday, 02 February 2013 04:59 PM

ආඩමිබරයි ඔබ ගැන, බන්ඩාරකායක විදු මවිනි. (නදී)i

:       0       0

සිල්වා Friday, 01 February 2013 07:25 PM

ඉතාම සතුටුයි සිසුවනි, මාගේත් විදුපියස මෙයයි. ඔබලාගේ ඉදිරි ගමනට තවත් දිරිය ලැබේවා! (නි)

:       0       0

අජිත් Friday, 01 February 2013 07:31 PM

ගම්පහ ජනතාව වෙනුවෙන් මේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයටත්, සිසු දරුවන්ටත් සුබ පැතුම් එක් කරනවා (ස)

:       0       0

භාතිය Saturday, 02 February 2013 10:56 AM

මගේ විදුහල් මෑණියෝ සැමදා දිනේවා. අපේ සහෝදර මල්ලිලාට සුබ පැතුම් (ස)

:       0       0

නිශාන්ත Saturday, 02 February 2013 05:37 PM

අපිට ගොඩක් සතු‍ටුයි.(නදී)

:       0       0

ඉසුරු Saturday, 02 February 2013 11:00 AM

අපේ පාසල හැමදාම ඉදිරියෙන් (ස)

:       0       0

රංජිත් ජයරත්න Friday, 01 February 2013 07:45 PM

මගේ පාසැල සදා කල් දිනේවා!(නදී)

:       0       0

රන්ජිත් ජයරත්න Friday, 01 February 2013 07:45 PM

මගේ පාසැල සදා කල් දිනේවා!(නදී)

:       0       0

පිටිගල Friday, 01 February 2013 07:53 PM

දින කීපයකට ‍පෙර පළ වූ ප්‍රශ්න පත්‍ර පිටවීම සමග මෙම සිද්ධිය සසදන්න එපා. (නි)

:       0       0

සුනිල් Saturday, 02 February 2013 06:19 PM

ඒ වුනාට ලංකාවෙම මුල් තැන රාජපක්ෂ විද්‍යාලයටනේ.(නදී)

:       0       0

දුලාජ් Saturday, 02 February 2013 06:40 PM

බන්ඩාරනායක මෑනියන් සදාකල් දිලේවා.(නදී)

:       0       0

දෝහා Saturday, 02 February 2013 11:19 AM

සාර්ථක ප්‍රථිඵල නෙලාගැනීඹ පාසැල තුලින් ඇතිවිය යුතුයි, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මන්ඩලයට මගේ ප්‍රනාමය(නදී)

:       0       0

මනෝජ් Saturday, 02 February 2013 06:50 PM

ගමිපහ බන්ඩාරනයක විදුහල සෑම වසරකම දිවයිනෙන් සහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨයෝ බිහි කරනවා. අපිට අපේ පාසැල ගැන ආඩමිබරයි.(නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 02 February 2013 11:21 AM

ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර පාසල් තියෙනවා ගුරුමණ්ඩ‍ලයේ විනය පිරිහීම නිසා සිසුන් අයාලේ යන. ඒවාට පිලියමක් යොදන්න (ස)

:       0       1

ඉසුරන්දි Saturday, 02 February 2013 11:23 AM

සාර්ථක ප්‍රථිපල නෙලා ගැනීමට දරුවන්ගේ දක්ෂතාවය වගේම පාසැලේ මගපෙන්වීමත් ඉතාම වැදගත්(නදී)

:       0       5

සුනිල් Friday, 01 February 2013 08:22 PM

බන්ඩාරනායකේ ප්‍රථිඵල ගැන අපේ අයට සැකයක් තවම ඇති වුනේ නැත්තේ ඇයි?(නදී)

:       0       0

දම්-දෝහා Saturday, 02 February 2013 11:32 AM

ගුරුවරුන්ගේ ඉගැන්වීමට ඇති දක්ෂතාවය හා මග පෙන්වීම සාර්ථක ප්‍රථිඵල නෙලා ගැනීමට ප්‍රධානතම හේතුවයි.(නදී)

:       0       0

ලසිත සමීර Saturday, 02 February 2013 11:34 AM

අපගේ විදු මෑණියන්ට කීර්තියක් ගෙන දුන් මල්ලිලාට අපේ සුභ පැතුම්...!!! ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සදාකල් දිනේවා...!!! (ස)

:       0       0

දමි-දෝහා Saturday, 02 February 2013 11:36 AM

හැම පාසැලකම සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් තිබිබ නමි අද ඔය කියන තරගකාරිත්වය නැහැ.(නදී)

:       0       0

දුමින්ද Monday, 04 February 2013 12:26 PM

නියමයි. ඉදිරියටම යන්න. (නි)

:       0       0

රණවීර Friday, 01 February 2013 09:32 PM

අපේ බංඩාරනායක විදුහල් මාතා සදාකල් දිනේවා!(නදී)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 09:36 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ හැමෝම සිංහයෝ, ලොකු ආඩමිබරයක්.(නදී)

:       0       0

තාරක Saturday, 02 February 2013 09:37 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

නිපුන Saturday, 02 February 2013 09:53 PM

මාත් ඉගෙනගත්ත ඉස්කෝලේ , මවුනි ඔබට සදා ජය !!! ඉදිරියටම යන්න මල්ලිලා , අපිට ආඩමිබරයි.(නු)

:       0       1

රංජිත් ජයරත්න Friday, 01 February 2013 10:06 PM

සැක හිතන්නේ ඇයි?(නදී)

:       0       0

ධනුක තිලකරත්න Saturday, 02 February 2013 10:25 PM

සුබ පැතුම් බණ්ඩාරණායක විදුහලට 2006 (නු)

:       0       0

අතුල මනෝහර Sunday, 25 May 2014 08:07 PM

මෙි සියළු දේ සමග විනය තිබුනොත් අපි වටිටන්න කාටවත් බෑ........ (දී)

:       0       0

ලලිත් Saturday, 02 February 2013 11:28 PM

විශේෂත්වයක් නැහැ..!(නු)

:       0       0

ලසා Friday, 01 February 2013 10:30 PM

ගොඩක් ආඩම්බරයි! (නි)

:       0       0

සස්මිත Wednesday, 06 February 2013 10:34 PM

සමහරු නම් මේක අවතක්සේරු කරලා කතාකරන්න හදනවා. ඒත් ඇත්ත තමා බණ්ඩාරනායකයන් දක්ෂයි. ඒක සාමාන්‍ය පෙළේ ඉඳන් උසස්පෙළ දක්වාත් සාමාන්‍ය ගෘහස්ත ක්‍රීඩාවල ඉඳන් ශිෂ්‍ය භට තූර්යවාදක ඛණ්ඩ දක්වාත් ජය කෙහෙළි නංවන එකම පිරිමි පාසල බණ්ඩාරනායකය කියලා මම බණ්ඩාරනායකයෙක් විදිහට තදින්ම විශ්වාස කරනවා වගේම තදින්ම ඒක අපිට දැනෙනවා. (නි)

:       0       0

ඉන්දිකා Friday, 01 February 2013 11:02 PM

නියමයි, අපිට ආඩමිබරයි.(නදී)

:       0       0

නිසල් සුධාරක Saturday, 02 February 2013 12:59 PM

මාගේ විදු මව චිරාත් කාලයක් වැජ‍ඹේවා (ස)

:       0       0

ගයාන් Sunday, 03 February 2013 05:55 PM

නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා.. බැතිනි ..නිතිනි....පුදමු මවිනි... ඔබ වෙත ගි මල් මාලා.... (නි)

:       0       0

ජයසිංහ Saturday, 02 February 2013 12:04 AM

ටියුෂන් ගියෙ කොහාටද? (නි)

:       0       0

ගයාන් කුරුප්පු Sunday, 03 February 2013 06:06 PM

හැමදාමත් ඉතින් අපේ කොල්ලො ටිකනේ. ජයෙන් ජය! (නි)

:       0       0

අමරසිංහ Saturday, 02 February 2013 02:29 PM

අපේ කොල්ලෝ එදත් අදත් හෙටත් දක්ෂයෝ bc 94 සෙට් එකෙන් උණුසුම් සුභ පැතුම් (ස)

:       0       0

අමිත් Saturday, 02 February 2013 02:31 PM

මම ඇමරිකාවේ ජීවත් වුණත් මට මගේ පාසල ගැන ආඩම්බරයි (ස)

:       0       0

Praveen Thursday, 01 July 2021 04:25 PM

ඉතා හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 264 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1258 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 721 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1810 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 2562 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 3687 2

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 354 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1746 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site