පානදුර ශාන්ත ජෝන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර ගම්පහදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් ලබාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා වූ ලකුණු 89 ක ඉලක්කය හඹායාමට ඔවුන් වැය කළේ ඕවර 11 ක් පමණි.
බණ්ඩාරනායක විදුහල් පිලේ දිනිදු සමෝධන පළමු ඉනිමේදී ලකුණු 26 කට දවාගත් කඩුලූ 5 ත් සමග සමස්ත තරගයේදී ලකුණු 45 කට කඩුලූ 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරතවිය.
ගම්පහ බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 228 (දිනිදු සමෝධන 44, මිහිරාන් ඉඹුලන 31, සහන් ආරච්චිගේ 24, රත්සර විතාන 21, වගීශ වන්නිආරච්චි 21, විනෝද් ශ්‍රීවිඳු 20, මිනොජ් සේනානායක නොදැවී 23, ලහිරු සංජය 28/4, හර්ශ චන්ද්‍රශාන් 13/2,) සහ දෙවැනි ඉනිම එක් කඩුල්ලක් දැවී 91 (සහන් ආරච්චිගේ 47, මිහිරාන් ඉඹුලන නොදැවී 41)
පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 111 (නුවන් දර්ශන 26, ප‍්‍රමෝද් අසංක 23, දිනිදු සමෝධන 26/5, රත්සර විතාන 13/3) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 205 (නඳුන් දර්ශන 45, ගිහාන් අනුරාධ 39, අකිල චමින්ද 34, භාතිය හෙට්ටිආරච්චි 82/4, දිනිදු සමෝධන 19/2, රත්සර විතාන 48/2)
**

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි ඉදිරියටම යමු...! (ස)
බණ්ඩාරණායක කොල්ලන්ට ජය වේවා...!! (ස)
නියමයි ගම්පහ බණ්ඩාරනායක! (නි)
බණ්ඩාරණායක විද්‍යාලයිනි,සුබ පැතුම් ...!(ස)
නමදිමු බණ්ඩාරනයක විදුහල් මතා....(දී)
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා...!!!(ස)
නියමයි! බණ්ඩාරනායක විදුහල දිනේවා! (නි)
ගයමූ මව්නී ඔබගුණ හදබැති පාලා .(නදී)
නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා.!!!(නදී)
ඒත් දැන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කිසිම සංවර්ධනයක් නැහැ. (නි)