දික්කසාද නඩුවක සේවාදායිකාවකගේ රුපියල් පන් ලක්ෂයක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නීතීඥ උදයාංගනී සේනාධිපති අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් බී ඩී රුවන් සිසිර කුමාර මහතා විසින් රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා මරිනු ලැබීය.
උතුරු වෑබඩ ඇම් ඒ ආර් කේෂලා මාපිටිගම මහත්මිය පැමිණිලිකාරියයි.
ගම්පහ විශේෂ විර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල හා කාන්තා පොලිස් සැරයන් ප්‍රියංකා මහත්මිය පැමිණිල්ල මෙහෙයවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිළ දිහා බැලුවහම ලක්ෂ පහත් කජ්ජක්ද? (නි)
නීතීඥ කමටත් නිගාවක් (දී)
පිටිගල අයියා උදේ පාන්දරම සූර් වෙලා මොනවා ලියනවාද මන්දා? (නි)
ඔය නීතිඥයන් හැමෝම එකයි... (නු)
මට තිබෙන ගැටළුව නම් මෙම දික්කසාදය වෙනුවෙන් සැමියා විසින් තම බිරිඳට ගෙවූ පන් ලක්ෂය මෙම නීතිඥවරිය තමන්ව දික්කසාද කරන්න දීපු එකක් බව හිතාගත්තවත්ද කියන එකයි ! (නු)
මේ ඒ අයගේ රස්සාවනේ ඉතින්... (නි)
ගමේ නමත් විනාස කරා (ස)
පහුගිය දවස්වල කියපු කතාවලට අපිට දැන් හිනා යනවා (ස)
ගමත් වැනසුවා . ඔයිට වඩා හොදයි පිං කෑටයක් තබාගෙන ඉල්ලන් කෑවනම්. (ස)
ලක්ෂ පහ වගේද ලැබුණු ප්‍රසිද්ධිය... දැං ඡන්දෙ ඉල්ලනත් පුළුවං.! (නු)
දැං එතකොට ඔය සල්ලි පැමිණිලි කාරියට ලැබෙන්නේ කවදාද? අපි දන්නවානේ හැම නඩුවක එක වගේ නොවන බව.. පොලියත් සමග ගෙවන්න නියම කරන්න ඕන..! (නු)
මොකද මේ තරම් සල්ලිවලට කෑදර ??? (ස)
ඔය ලක්ෂ 5 සක්විතිට දුන්නා නම් මොනතරම් පොළියක් ලැබෙනවද? (නි)
ටික ටික ගෙවන්න පුලුවන්නේ. නේද? (නි)
ඒත් හුගක් අයව මෙහෙම දේවල් වලට සති දෙක තුනක් රිමාන්ඩ් කරනවනේ. (නි)