2012 ඔක්තෝබර් 28 | ප.ව. 03:20
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ගම්පෙරළියේ ලැයිසාට ‘‘ජීවිතය’’ දුන් පුංචි කෙල්ල ඇයය. ඒ ‘‘පුංචි කෙල්ල’’ අද ඒ හුරුබුහුටි යෞවනය පියමං කළ ප‍්‍රවීණ රංගන ශිල්පිණියකි. ඇය අනුලා කරුණාතිලක නම් අත්දැකීම් පූර්ණ කුසලතාවෙන් ඔප් නැංවුණ රංගන ශිල්පිණියයි.
ඒ 1962 වසරයි. ගම්පෙරළිය චිත‍්‍රපටියට නන්දා කෙනෙක් සොයමින් සිටි යුගයයි, ඒ. අනුලා නම් සොඳුරු දැරිය රූපසුන්දරී තරගයකදී ඉදිරියට පැමිණියේ, තිස්ස අබේසේකර මහත හා ඒ යුගයේදීය.
සුමිත‍්‍රා ගුණවර්ධන මෙනවිය.
(ඒ වෙද්දී ඇය සුමිත‍්‍රා පීරිස් බවට පත්වනැත.)
අනුලා නම් රුවැත්තියගේ නිවෙසට ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර සහ සුගතපාලද සිල්වා යන මහත්වරු පිටත් කර එව්වේ නන්දාට පණ දෙන්නට අනුලාව කැමතිදැයි විමසා හිඳින්නටය. ඊට පසු දිනෙක සුමිත‍්‍රා ගුණවර්ධන මෙනෙවිය වාහනයක්ද එව්වේ අනුලා දැරිය ගෙන්න ගන්නටය.
‘එදා ඒ එවපු වාහනයෙන් මාත් එක්ක තාත්තයි අක්කයි දෙන්නත් ගියා.’
සුමිත‍්‍රා ගුණවර්ධන මෙනෙවිය තිස්ස අබේසේකර මහතා මෙන්ම ගාමිණී ෆොන්සේකා නම් මහා රංගධරයාද එතැන සිටියහ.
අනේ චූටි වැඩියි....සොඳුරු දැරිය දෙස බලා කතාකළ ගාමිණී ෆොන්සේකා නම් ප‍්‍රවීණ රංගධරයා ගේ මුවින් කික්ම ආවේ එවදන්ය.
ඒ වෙද්දී අගේ වයස අවුරුදු 16කි.
අපි සොයන්නේ අවුරුදු 24ක විතර කෙනෙක්. කමක් නෑ.. බලමු පොඩි කොටසක් දීලා... ඒ හඬ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේය.
කියවන්නයැයි කියු කොටස අනුලා දැරිය කියෙවුවාය.
මෙයා හරි හුරතල් වැඩියි. එත් අත්අරින්නත් බෑ... ලැයිසට නම් ගැළපෙයි... ඒ තීරණයද ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියාගේමය.
නන්දා වෙන්නට පැමිණි අනුලා දැරිය ලැයිසා ලෙස ගම් පෙරළියේ අභිෂේක ලබන්නේ ඒ අනුවය. සිනමා නිළියක ලෙස 16 හැවිරිදි සොදුරු යුවතියක් තම ගමන ආරම්භ කරන්නේ එලෙසින්ය.
බලපිටිය කප්පින වලව්වේ රූගත කිරීම් සිදුවිය. මින් පෙර කෙදිනකවත් නිවසේ මව් පිය රැකවරණයෙන් මිදී ඈ කොතැනකටවත් ගොස් නොසිටියාය. වෙළඳාම ජීවිතය කරගත් තෝමස් කරුණාතිලක මහතාටද දියණියගේ තනි නොතනියට එතැන රැුදෙන්නට පුළුවන්කමක් නැත.
මැඩම් මගේ දුව භාරගන්න.... සුමිත‍්‍රා ගුණවර්ධන මෙනෙවියට තම දියණිය බාර කළ තෝමස් කරුණාතිලක මහතා නික්ම ගිය කල්හි ඇයට දැනුණේ පාළුවකි.
ඇය ඉකිගසා හැඬුවාය.
බයවෙන්න එපා... අපි හැමෝම ඉන්නවනේ සියල්ලෝම ඇය අස් වැසූහ.
එහෙත් ඇයගේ හැඬීම නතර කිරීම ලේසි වූයේ නැත.
තිස්ස අබේසේකර මහතා, වික‍්‍රම බෝගොඩ මහතා ඇතුළු පිරිස රාත‍්‍රීයේ සිංදු කියමින් විනෝද වූහ. අනුලා දැරිය සුමිත‍්‍රා ගුණවර්ධන මෙනෙවිය සමඟ නවාතැනේ දොරකඩ වාඩිවී බලා සිටියාය.
මට ඉන්නේ අක්කයි නංගිලා දෙන්නයි. තාත්තා තොමස්, අම්මා සෝමාවතී කරුණාතිලක තාත්තට වැල්ලවත්තෙ කඩයක් තිබුණා. ඒ කාලේ මට මතකයි අපේ ගෙදර කතා වුණා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත‍්‍රපටිය ගැන. ඒ චිත‍්‍රපටිය හරිම ඉහළයි. මගේ අම්මයි තාත්තයි චිත‍්‍රපටි බලන්න හරිම ආසයි. අපිවත් එක්කරගෙන ඉස්සර අම්මයි තාත්තයි යනවා වැල්ලවත්ත රොක්සි සිනමාහල වගේ සිනමාහල්වලට චිත‍්‍රපටි බලන්න...
ඒ ඇගේ එක් මතකයකි.
මට මතකයි මම සංදේශය බලලා තිබ්බා. ගම්පෙරළි කරන කාලයේ.......... ගාමිණී ෆොන්සේකා මහතා මගෙන් ඇහුවා කැමතිම නළුවා කවුද කියලා. මම කට ඇරපු ගමන් කීවා ඔයා නම් නෙමෙයි. කවුරුත් එහෙම විශේෂ කෙනෙක් නම් නෑ කියලා. ඇත්තටම ඒ වෙද්දී මම ගාමිණී ෆොන්සේකා මහතාට කැමති නෑ. මම එහෙම කියද්දී එතුමා හිනාවුණා. එහෙත් පසු කාලයක ඔහු මම ආදරයම කරන නළුවා වුණා. ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙක්. මම පසු කලෙක මම එදා කී වචනය ගැනත් දුක් වුණා.
කත්තිරිනාගේ චරිතයට පණ පෙවූ නිළියත්, වික‍්‍රම බෝගොඩ සහ ටෝනි රණසිංහ රංගශිල්පිනූත් සමඟ අනුලා දැරිය ගම්පෙරළියේ රංගනයට අවතීර්ණ වූවාය. එහෙත් පළමු දර්ශනය රූගත කරන්නට යද්දී ඇය හඬන්නීය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදීයා හඬන දැරිය දෙස බලා එතනින් පැත්තකට ගියේය. කරන්න, කරන්න... ලැබුණු අවස්ථාව නැති කරගන්න එපා... තිස්ස අබේසේකර මහතා අනුලා දැරියට කාරුණික ස්වරයෙන් උපදෙසක් දුන්නේය. කදුළු නවතාගෙන ඇය ලැයිසාට පණ පෙව්වාය. හොඳයි... ඒ ඉනික්බිති ඇය ලද ප‍්‍රතිචාරයයි.
වැල්ලවත්ත බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලද ඇය රඟපෑ බව පාසලේ කවුරුත් නොදැන සිටිය. එහෙත් පාසල් නාට්‍ය ඔස්සේ ඇය පාසලේ ජනප‍්‍රිය නිළියක බවට පත් වූවාය. පාසලේ පුංචිපැටව් මේ ‘නිළි අක්කා’ දුටුවිට ඈ දෙස බලා යන්නට පැමිණෙන තරමට ඇය පාසලේ ජනප‍්‍රිය වූවාය.
1964 වසරේදී ගම්පෙරළිය මංගල දර්ශනය තිරගත විය.
1963 දී ඇය රන්තෝඩු නම් වේදිකා නාට්‍යයේ රඟපෑවාය. එය රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන අපේක්‍ෂිතව නිර්මාණය කළ නාට්‍යයකි. එම රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී අනුලා කරුණාතිලක යන රංගන ශිල්පිණියත් ටෝනි රණසිංහ යන රංගන ශිල්පියාත් හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවූහ.
ගම්පෙරළිය චිත‍්‍රපටිය සංස්කරණ කටයුතු කළේ ටයිටස් තොටවත්ත මහතායි. ඒ වෙන විට ටයිටස් තොටවත්ත මහතා චණ්ඩියා නම් චිත‍්‍රපටිය නිර්මාණයටද ලක ලෑස්ති වෙමින් සිටියේය.
‘‘මේ පුංචි නිළිය නම් අගෙයි’’ එවන් සිතුවිල්ලක් ටයිටස් තොටවත්ත නම් ප‍්‍රවීණයාගේ සිතේ දලූලන්නට ඇත. සිනමාස් ආයතනය ඈ සොයා පැමිණියේ ඒ අනුවය. ඇයව ඒ චිත‍්‍රපටිය සඳහා තෝරා ගැනුණි. ඒ ගාමිණී ෆොන්සේකා නම් මහා රංගධරයා සමඟ රඟපාන්නටය.
(මතුසම්බන්ධයි)
සටහන - සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනමාවේ කවදාවත් අමතක නොවන නම රැකගත් නිළියක්.තාමත් ප්‍රේක්‍ෂකයෝ කැමති.කවදාවත් අමතක නොවන සිනමාවේ නම රැකගත්ත රංගන ශිල්පිනියක්. ප්‍රේක්‍ෂකයෝ තාමත් කැමතියි.(ස)
මේ වගේ අයත් එක්ක දැන් කතා කරන්නෙ අඩුවෙන්නෙ. අතීතය ජීවත් කල මේ වගේ අයගෙ ජීවිතය දැන් ගෙවෙන්නෙ කොහොමද කියල බලන එක ගොඩක් හොදයි. (දී)
මම ඔයාට හරිම ආසයි. මගේ යාළුවෙකුත් ඉන්නවා ඔයා වගේ (ස)
ඔයා තවමත් හරිම ලස්සනයි. ඒ වගේම රංගනයේදිත් හරිම දක්ෂයි. (නි)
ඔයා ගොඩක් දක්ෂයි , ඒ වගේම නිහඬ නිහතමානී නිළියක්. මම ඔයාට ගොඩක් කැමතියි (ස)
සිංහල පාරම්පරික ග්‍රාමීය චරිත සඳහා ඔබගේ දායකත්වය අති විශිෂ්ඨයි (ස)
මම මේ ලිපි බලන්නේ ඕස්ට්‍රේලියා වල ඉදලා. මට තියෙන්නේ අන්තර්ජාලය විතරයි. (නි)
ඔබ ඉතාමත්ම හොද නිළියක්. (නි)
අනේ මට නම් පවුලේ කෙනෙක් දැක්කා වගේ සතුටුයි. අනුලා අක්කේ ඔබට තෙරුවන් සරණයි! (නි)
අපේ පාසල් සමයේ, 60 දශකයේ ඔබ අපේ ඔටුණු පලන් සිනමා රැජිණයි.
ඔයා නියම කාන්තාවක්. (නි)
සුබපතනවා මම
ඔයා නියම කාන්තාවක් (ස)
අපි ඔබට සුභපතනවා ඔබේ රඟපෑම් ඇති විශිෂ්ටයි (දී)
රූපයෙන් සහ රගපෑමෙන් සමහර ප්‍රවීණ නිලියන්ට වැඩිය මෙයා දහස් ගුණයක් ලස්සනයි. (නි)
ඇති විශිෂ්ට රංගනයක්
කෝ ලැයිසා එතකොට? (නි)
සන්තෝසයි
ඔයා තව දුරටත් වැඩිහිටි චරිත රගපානවා බලන්න අපි ආසයි. (නි)
එතුමියගේ රගපෑම් ඉතාමත් තාත්විකයි. (නි)
නියමයි.......
ගම්පෙරළිය වැනි චිත්‍රපට බලා දැන් කාලෙ හැදෙන චිත්‍රපටි බැලුවාම දැනෙන්නේ කණගාටුවකි.. ඔබලා ගොඩනැගූ ලස්සන අපටම ආවේනික වූ සිංහල සිනවාමට මොනතරම් විනාශයක්ද මේ වෙලා තියෙන්නෙ..?(නු)
රගපාන්න ගිය වෙලාවක මේ වැදගත් නිලියට එක්කෙනෙක් බැනලා තිබුණා. .මෙයාගේ වැදගත් කමට නිශ්ශබ්ධව ඉදලා තියෙනවා..!(නු)
දැං කාලේ හතු පිපෙනවා වගේ මතුවන ටෙලි නාට්‍ය නිළියන්ට ඔබතුමිය වගේ අය අසළටවත් එන්න බැහැ..!(නු)
මම ඔයාට ගොඩක් කැමතියි (ස)
අනුලා සහ පුන්‍යා කියන සම් සිංහල සිනමාවේ අතීත චමත්කාරය මතක් වෙනවා.. චණ්ඩියා මම බලපු ප්‍රථම චිත්‍රපටය.. ඔබ අපට වාසනාවන්..!(නු)
මගේ ප්‍රියතම නිළියක්.... (නි)
ඔබ දක්ෂ රංගන ශිල්පිණියක්. ඔබ යුග කිහිපයක් ආවරණය කළා. (නි)
ඔබතුමිය දැන් ඉන්න රංගන ශිල්පිණියන්ට ආදර්ශවත් නිළියක්. (නි)
බොහොම කාලෙකින් ඔබගේ රූපය දකින් ලැබුණු එක සතුටක්.. ඇයි ඔබ සිනමාවේ හෝ රූපවාහිනියේ අළුත් යමක් කරන්නෙ නැත්තේ..?(නු)
මට හිතෙන හැටියට ශ්‍රී ලාංකීය සිනමාවේ අතීතය, වර්තමානය හා කිසිසේත්ම සන්සන්දනය කරන්න බැරිතරම් හොඳයි. ඒ නිසා මේ විදියට එවැනි සුවිශේෂී සිනමා නිර්මාණවලට දායක වූ සැබෑ දක්ෂතා සපිරි නළු නිළියන් ගැන කතාබහ කරන එක ඉතාමත් වැදගත්. (නි)
දක්ෂ නිළියක්... (නි)