ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. ප්‍රංශය හා ඇමෙරිකාව සමග එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයත් මෙහි ගවේෂණ හා සංරක්ෂණ කටයුතු ආරම්භ කැර තිබේ. ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පවසන්නේ නැවක අවශේෂ ලෙස හඳුනාගත් දැව කොටස් කිහිපක් පරීක්ෂා කිරීමේදී ඒවා ක්‍රිස්තු පූර්ව දෙවැනි හා පළමු සියවස් වලට අයත් බව තහවුරු වූ බවයි. මෙතෙක් කරන ලද පර්යේෂණ වලට අනුව ගොඩවායේ ගිලී ඇත්තේ අදින් වසර 2200 ට පමණ පෙරාතුව දැවයෙන් නිර්මාණය කළ නෞකාවක් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහි සංරක්ෂණ කටයුතු සඳහා තවත් වසර හතරක පමණ කාලයක් ගතවනු ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා, ඔය සැකයම මටත් ඇතිවුණා. (නි)
අපේ විශිෂ්ට ඉතිහාසය දැන් ටිකෙන් ටික මතු වෙනවා (දී)
ගොඩ ගන්න ....ගොඩ ගන්න .... (දී)
ලංකා ලංකා පෙම්බර ලංකා , දිය සුරකිනු ලංකා (ස)
ඔය නැව ඇතුළෙ මුහුදු ජීවින් වෙලා අපි වාර කීයක්නම් ඉපදිලා ඉන්න ඇද්ද? (නි)
හුගක් අය අපේ ලංකාවේ දේවල් ගැන ලැජ්ජයි. (නි)
හොල්මන් ඉන්නවා කියන්නෙත් ඔය වෙරළේ නේද ? (ස)
මෙපමණ ඉතිහාසයක් ඇති රටක බඩුමිල මිනිස්සුන්ට බරක් වුණේ කෙසේද ? (ස)
අර මුට්ටිය නම් අපේ ගමේ කිරි මුට්ටියක් වෙන්න ඕන (ස)
දැන් නිධන් හොරු නැව වටේ කැරකෙනවා ඇති. (නි)
ලංකාට කවුද දන්නෙ නැහැ ඔය නම තිබ්බේ? එයාට තියන්න තිබුණේ ඇමරිකාව කියලයි. (නි)
ආත්ම ගාණකට කලින් මගේ නැවත් ඔය හරියෙදි නැතිවුණා . ඒකද දන්නේ නෑ (ස)
ශා..... ලංකාව ඒ දවස් වල ගොඩාක් දියුණුයි (දී)
සුනාමිය වෙලාවේ මුහුදට ගහගෙන ගිය මුට්ටි ටිකක්ද කියලා කවුද දන්නේ? (නි)
විහාර මහා දේවිය මුහුදට පා කර යැවූ ඔරුව වෙන්නට බැරිද? (නි)
ඕවා ගොඩට ගෙනැල්ලා ආරක්ෂිත තැනක මිසක් තියන්න නම් එපා. (නි)
අපේ අය මොන දෙයක් වුණත් දකින්නේ ඒකේ නරක පැත්ත විතරයි. (නි)
පර්යේෂණ අවසන් වූ විට ප්‍රසිද්ධ කළා නම් නේද හොද? (නි)