ගොඩවාය ආසන්න මුහුදෙන් හමුවූ පැරණි නෞකාව මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිතම නෞකාව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ගොඩවාය සිට කිලෝ මීටර 3.5 ක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරින් දැව කොටස්, වළං කැබලි කිහිපයක් හා ගල් බංකු දෙකක් හමුවූ බව ද ඒවා පැරණි රුවල් නැවක කොටස් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. ප්‍රංශය හා ඇමෙරිකාව සමග එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයත් මෙහි ගවේෂණ හා සංරක්ෂණ කටයුතු ආරම්භ කැර තිබේ. ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පවසන්නේ නැවක අවශේෂ ලෙස හඳුනාගත් දැව කොටස් කිහිපක් පරීක්ෂා කිරීමේදී ඒවා ක්‍රිස්තු පූර්ව දෙවැනි හා පළමු සියවස් වලට අයත් බව තහවුරු වූ බවයි. මෙතෙක් කරන ලද පර්යේෂණ වලට අනුව ගොඩවායේ ගිලී ඇත්තේ අදින් වසර 2200 ට පමණ පෙරාතුව දැවයෙන් නිර්මාණය කළ නෞකාවක් බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහි සංරක්ෂණ කටයුතු සඳහා තවත් වසර හතරක පමණ කාලයක් ගතවනු ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගොඩවායේ දැවමුවා නැව සියවස් 22 ක් පැරණියි
රොහාන් Sunday, 13 January 2013 09:53 PM
පර්යේෂණ අවසන් වූ විට ප්‍රසිද්ධ කළා නම් නේද හොද? (නි)
වජිර Monday, 14 January 2013 09:12 PM
මෙපමණ ඉතිහාසයක් ඇති රටක බඩුමිල මිනිස්සුන්ට බරක් වුණේ කෙසේද ? (ස)
චන්දිම Sunday, 13 January 2013 11:44 PM
අපේ අය මොන දෙයක් වුණත් දකින්නේ ඒකේ නරක පැත්ත විතරයි. (නි)
වීරසේකරගේ Monday, 14 January 2013 12:07 AM
ඕවා ගොඩට ගෙනැල්ලා ආරක්ෂිත තැනක මිසක් තියන්න නම් එපා. (නි)
තිසල් Monday, 14 January 2013 12:40 AM
විහාර මහා දේවිය මුහුදට පා කර යැවූ ඔරුව වෙන්නට බැරිද? (නි)
සේනක Monday, 14 January 2013 02:29 PM
අර මුට්ටිය නම් අපේ ගමේ කිරි මුට්ටියක් වෙන්න ඕන (ස)
ලංකා Monday, 14 January 2013 01:04 AM
සුනාමිය වෙලාවේ මුහුදට ගහගෙන ගිය මුට්ටි ටිකක්ද කියලා කවුද දන්නේ? (නි)
මිලින්ද Monday, 14 January 2013 01:59 AM
ශා..... ලංකාව ඒ දවස් වල ගොඩාක් දියුණුයි (දී)
බට්ටා Tuesday, 15 January 2013 11:49 AM
ගොඩ ගන්න ....ගොඩ ගන්න .... (දී)
ඉන්දික Tuesday, 15 January 2013 12:31 AM
හොල්මන් ඉන්නවා කියන්නෙත් ඔය වෙරළේ නේද ? (ස)
තිසල් Tuesday, 15 January 2013 06:04 AM
හුගක් අය අපේ ලංකාවේ දේවල් ගැන ලැජ්ජයි. (නි)
ගයාන් Saturday, 19 January 2013 12:07 AM
අපේ විශිෂ්ට ඉතිහාසය දැන් ටිකෙන් ටික මතු වෙනවා (දී)
සරත් Tuesday, 15 January 2013 06:35 AM
ඔය නැව ඇතුළෙ මුහුදු ජීවින් වෙලා අපි වාර කීයක්නම් ඉපදිලා ඉන්න ඇද්ද? (නි)
කල්ප Monday, 14 January 2013 08:34 AM
ආත්ම ගාණකට කලින් මගේ නැවත් ඔය හරියෙදි නැතිවුණා . ඒකද දන්නේ නෑ (ස)
පුලස්ති Monday, 14 January 2013 09:28 AM
ලංකාට කවුද දන්නෙ නැහැ ඔය නම තිබ්බේ? එයාට තියන්න තිබුණේ ඇමරිකාව කියලයි. (නි)
රොෂාන් Monday, 14 January 2013 10:08 AM
ලංකා, ඔය සැකයම මටත් ඇතිවුණා. (නි)
ආනන්ද Tuesday, 15 January 2013 08:12 AM
ලංකා ලංකා පෙම්බර ලංකා , දිය සුරකිනු ලංකා (ස)
ලලිත් - කටාර් Sunday, 13 January 2013 07:36 PM
දැන් නිධන් හොරු නැව වටේ කැරකෙනවා ඇති. (නි)