අන්තර්ජාල වෙබ් අඩවියේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් 1996දී හඳුන්වා දුන් ගූගල් සමාගම සිය මුල් පිටුවෙන් ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහ රුව අද (4) සැරැසීය. බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයකු ගූගල් සමාගමෙන් කළ ඉල්ලීම අනුව මෙම අනුග්‍රහය දක්වා ඇත.
ගූගල් යන ඉංග්‍රීසි වචනයේ ‘ජී‘ අකුර මැද අසිපත ගත් ශෛලිගත සිංහයාගේ රුව දැකිය හැකිය.
ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් උළෙල දා ගූගල් සමාගම එය පියවර ගෙන ඇත.
1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය.
අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියකි. දිනපතා හය කෝටියක් ගූගල් භාවිත කරයි.
ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්
) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.
ඇමෙරිකා ඩොලර් ලක්ෂයකින් (රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයකින්) ඇරැඹු ගූගල් සමාගමේ අද මාස තුනක වත්කම ඇමෙරිකා ඩොලර් කෝටි 1000 හෙවත් රුපියල් කෝටි 127,000 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හැබෑව. අගයකරමු. නමුත් ලෝකයටම නොවෙයි හොදේ. (නි)
බුද්ධික නුවන් මහත්තයට ස්තුතියි.(නදී)
මම දැක්කා ලංකාදීපේ නියම කාර්ටුන් එකක් තියෙනවා (දී)
මේක එච්චර ලොකු දෙයක් නෙවේ. මේක දාල තියෙන්නේ ලංකාවට විතරයි. සාමාන්‍යයෙන් වෙන රටවල ජාතික දිනය දවසෙදිත් ගූගල් ඒ ඒ රටවල ගූගල් පිටුවලට මේ වගේ සංකේත යොදනවා. ඒව ඒ රටට විතරයි.(නදී)
හොඳ වැඩක්!(නදී)
නියමයි!(නදී)
මේ අයට උවමනා අපේ අභිමානය මොහොතකට හරි නැති කරන්න. බොරු කියන්න එපා google.lk වගෙම google.com වලත් මේ දේ දකින්න පුලුවන්.(නදී)
වීරවංශ මහත්තයගේ අනුමැතියට ලැබුනද?(නදී)
කොහොම උනත් ගූගල් වගේ ආයතනයකින් රටට දීපු තැනට ස්තුතියි. මේවගේ පලවුන පලවෙනි සැරේනේ. අලේ බුද්ධිත සහෝදරයගේ ඉල්ලීමට ලැබුන ප්‍රතිචාරය අවතක්සේරු කරන්න එපා.(නදී)
මේක Google.lk වල විතරයි. ඩොට් කොම් වල නෑ. ඒ නිසා මේක එච්චර ලොකුවට කතා කරන්න අවැසි නෑ. මොකද ගූගල්.lk භාවිතා කරන්නේ 100 % ක්ම ශ්‍රි ලාංකිකයන් පමණයි. ඔවුන්ට මේක ගැන යම් ආඩම්බරයක් තියෙයි. කොහොම උනත් වැඩේ අගය කල යුතුයි.(නදී)
කාටද අභිමානය (දී)
මේකේ ඉන්න සිංහයා ලඟ තියෙන්නේ කඩුවක් නෙමෙයි , කිනිස්සක්නේ.වැරදියි නේද ? (ස)
කෝ අපේ විමල් ඇමතිතුමා? (නි)
ගුගල් විසින් ලංකාවට කරන ලද ගෞරවයක් මේක . (ස)
ගූග්ලේ බොහොම තුති (දී)
මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක දාලා තියෙන්නේ ලංකාවට විතරයි. සාමාන්‍යයෙන් වෙන රටවල ජාතික දිනය දවසෙදිත් ගූගල් ඒ ඒ රටවල ගූගල් පිටුවලට මේ වගේ සංකේත යොදනවා. ඒව ඒ රටට විතරයි. (නි)
සිංහයාගේ අභිමානවත් රුපය (දී)
ඔබට ස්තුති (දී)
සිංහයා ඉන්නේ www.google.lk අඩවියේ විතරයි. ජාත්‍යන්තර අඩවිය වන www.google.com එකේ සිංහයා නැහැ.(නදී)
ලෝකෙම අපේ රට ගැන දැන ගනීවි
ස්තුති ගුගල් (දී)
ස්තූතියි අපේ පුංචි ලංකාව ගැන හිතුවට. (නි)
මේක අපේ සිංහයාට කල අගෞරවයක් (දී)
අද උදේම ගූගල් එකෙන් දැක්ක දේ නියමයි. හරිම ආඩම්බරයි. නුවන් බුද්ධිත මහත්තයට බොහොම ස්තුතියි.(නදී)
ගූගුල් එක අපේ ජාතියේම සුභ පැතුම් පිලිගන්න.(නදී)
බුද්ධිත ඔබගේ උතුමි ක්‍රියාවක්(නදී)
ස්තූතියි, ගූගල්(නදී)
දැන් කියයිද දන්නෙ නෑ මේකත් කුමන්ත්‍රනයක් කියල..
බුද්ධික නුවන් මගේ යාලුවද දන්නෑ දැන්ම අහලා බලන්න ඕනෑ.. (ස)
අපි හිතා ගන්නවත් බැරි උනා (දී)
අපිට පෙන්නේ නැහැනේ - කටාර් සිට (දී)
ගුගල් වෙත ජාතියේ ස්තුතිය (දී)
දැන් නම් ගුගල් හොදයි නේද (දී)
ගුගල් එපා කියපු අය දැන් මොකද කියන්නේ (දී)
අරයා වර්ජනය කරන්න කිවුවේ මේ වෙබ් අඩවියද? එහෙම කියලා ගොඩක් කල් වෙන නිසා මම හිතා හිටියේ මේ වෙනකොට හෙළ සෙවුම් යතුරක් නිපදවා ඇති කියලා. තවම එහෙම එකක් නැහැ නේද? මට එතුමාට තරම් අයි ටී තේරෙන්නේ නැතිනිසා කවුරු හරි කියා දෙන්න.(නදී)
පුදුම සතුටක් ඇති වුණේ ගුගල් එකේ සිංහයා දැක්කම (ස)