(කේෂර ගුණතිලක)

ගංජා වගාකරුවකුගෙන් රුපියල් ලක්‍ෂ පහක් අල්ලස් වශයෙන් ලබාගැනීම,අත්අඩංගුවට ගත් වියළි ගංජා තොගයක් වෙනත් අයකුට විකිණීමට සඟවා තබා ගැනීම යන චෝදනා සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු  තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරක් මත අගෝස්තු 12 වෙනිදා කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ එම නිලධාරීන් තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වියළිමින් සිටි ගංජා කිලෝ 64 ග්‍රෑම් 10 සහ ඒ අසල සැකකරුගේ නිවස පිටුපස පර්ච 40 බැගින් වූ කොටස් දෙකක තිබූ ගංජා ගස් 4,216 අත්අඩංගුවට ගෙන තිබිණි.

එහි සිටි “කළු”නොහොත් “ඉශංක” නැමති සැකකරුපොලිස් භාරයට ගෙන තිබිණි. සැකකරු පවසා ඇත්තේ එම ගංජා ඇඹිලිපිටිය ප්‍රදේශයේ “ලොක්කා” නැමති අයකුට අයත් බවත් ලක්ෂ පහක් දීමට පොලිස් නිලධාරින් එකඟවී එම මුදල වෙනත් අයකු මාර්ගයෙන් නිලධාරීන්ට ලබාදුන් බවයි.