කොළඹට ඇතුළුවූ සැහැල්ලූ වාහන කිහිපයකට අද පොලිසිය ඉල්ලූම්පත‍්‍රයක් දුන්නේය. වාහන සංඝණනයක් සඳහා මේ පියවර ගත් බවත් හෙට එම ඉල්ලූම්පත‍්‍රය යළි ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි කියයි.
කොළඹ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නව මාර්ග සැලැස්මක් සැකසීමට මේ තොරතුරු උපකාරී වෙතියි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් කරපු ඔය වාහන සංගනනෙට මොකද වුනේ. වාහන තදබදේ අඩුවෙනවද? මින්ස්සුන්ට එහෙම සංඝනනයක් ගැන මතකත් නැතුව ඇති. බොරු වැඩ.(නදී)
වරුණ, කෝච්චියේ ගිහින් තියෙනවද? දැන් කෝච්චි වෙලාවට යනවා.(නදී)
නියමෙටම කරයි වගේ රාජකාරිය... අපේ පොලීසිනේ නේද ? (ස)
අපිත් කැමතියි. පිලිවෙලකට වැඩක් කෙරෙනවානම්. කොහෙද ටික දුරක් යද්දි ඔක්කොම කොටඋඩ.(නදී)
බාලධාරියනි, නිකන් බොරු වැඩ නොකර වෙනත් අත්හදා බලපු සාර්තක යමක් කරන්න.(නදී)
ඇයි මේ මෝඩ වැඩ හැමදාම කරන්නේ. එක්කෝ අපි කොළඹ, ලංඩන්, නිව්යෝක් වගේ මොඩල් එකක් කරන්න ඕනා. නැතිනම් බෙයිජින්, සිඩිනි වගේ මොඩල් එකක් කරන්න ඕනා. පැලැස්තර අලවන්නේ නැතුව.(නදී)
ඇයි හැමදාම මේ පැලැස්තර අලවන්න්නේ. දියුනු නගර වල සැලැස්ම ක්‍රියාත්මක නොකර.(නදී)
නියමෙටම කරාවි පොලිසියේ අය මෙන්නම කියලා. (නි)
වාහන කීපයකට දීලා කොහොමද සංගණනය කරන්නෙ..!(නු)
බොහෝම හොද කාලෝචිත අදහසක් ,සංචාරකයන් දෑන් වෑඩියෙන් රටට එන කොට ඒ අයට තද බදයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය වගෙම ,ශ්‍රී ලාංකිකයන්ටත් මග කාලය ගත කිරීමක් වෙන්නේ නෑතිව තමන්ගේ වැඩකටයුතු කරගැනීමට අවශ්‍යතාවය තිබෙනවා.පොලීසියට මල් මිටක්.(නු)
ඕකට කියන්න තියෙන්නේ 'බොරු වැඩ කොකරන් අඹරෝ" කියලා (ස)
මේක යට තියෙන්නේ වෙන මොනවා හරි අදහසක්. මේක මෙහෛමනම් දකිනේන් තවත් පොඩි විහිලුවක්.(නදී)
නිසි ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසනවානම් මෙතරම් විශාල වාහන සංඛ්‍යාවත් කොළඹට ඇතුලුවෙන්නේ නැහැ? පුද්ගලික බස් බඩගානවා. ලංගම කොටඋඩ, දුමිරිය හැමදා ප්‍රමාදයි. ඉතින් කොහොමද මිනිසුන් වෙලාවට රැකියාවට එන්නේ.(නදී)
හෙට අනිද්දා තවත් බද්දක් අය කරන්න හදන උපක්‍රමයක් වගේ (ස)