කහවත්ත කොටකෙතනේ දෙවැනි කාන්තා ඝාතනයට සැකපිට වසරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට නිදොස් කොට නිදහස් කැරුණු ජී වික්‍රමසිංහ හෙවත් මාළු රාජා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිය පොලීසියට පැමිණිලි කර ඇත.
කහවත්ත නීලගම නිවසේ සිටියදී ඔහු පැහැරගෙන තිබේ.
දෙවැනි කාන්තා ඝාතනයට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කැර සිට නීතිපති උපදෙස් මත ජී වික්‍රමසිංහ ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කැරුණු අතර එලෙස නිදහස් වූ එක් අයකු මීට මසකට පමණ පෙර කහවත්ත ඕපාතදී කපා කපා කොටා ඝාතනය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ත්‍රිවිධ හමුදාව හැර තවත් හමුදාවත් තියෙනවාද?(නු)
නියමයි ඔහොම තමයි වෙන්න ඕනි (ස)
මෙය පිටුපස කවුද ඉන්නේ (ස)
අපරාධ රජකරන එක තවමත් නැවතිලා නැහැ..!(නු)
දැං මිනිස්සු වරද දටු තැන දඩුවම් දෙන්න පෙළඹිලා(නු)
මෙයා හිටියොත් සාක්ෂි එලිවෙයි කියලා කාට හරි බය හිතුනද දන්නෙ නැහැ..!(නු)
තව පටන්ගත්තෙ නෑ. මහජනයා උද්ගෝෂනය කරන්නෙ පහුගියදා පෙලපාලි ගිය අයගෙ ගෙවල් ඉස්සරහ.(නු)
දැං ජනතාව නීතිය අතට අරගෙන තියෙන්නේ..!(නු)
මේ තරම් ආරක්ෂාවක් දීලා තියෙද්දිත් මෙහෙම වෙන්නෙ ඇයි.? (නු)
මේ සියලු පැහැරගැනීම් සහ අපරාධ මෙහෙයවන්නා එසේ මෙසේ පුද්ගලයෙක් විය නොහැක (නි)
ජනතාවගේ පරමාධිපත්‍යය උත්තරීතරයි කියලා කෑගහපු ඒවාල ප්‍රතිඵල.... (නි)
රටේ නීතියෙන් ගැළවුණත් ස්වභාව යුක්ති සාධාරණයෙන් ගැළවෙන්න බැහැ. (නි)
තමන් කරපු දේවල් තමන් පසුපස්සෙන් එනවා. (නි)
සත්තකින්ම නිහාල්, නිදහස්. පොලීසියේ ඔක්කොම මාරුකලා, සාක්කි එකින් එක නැතිකරනවා.(නු)
එහෙනම් හරි (ස)
මෙයාලා සැලසුම් කරලද දන්නේ නෑ අතුරුදහන් වෙන්නේ (ස)
මේ බඩුමිල ඉහල යන තරමට තව මොන අපරාධ කරන්න පෙළබෙයිද දන්නෙ නැහැ..!(නු)
යුක්තිය සහ සාධාරණය හරිහැටි ඉටු නොවූ විටත් මෙවැනි දේවල් සිදුවන බව හිතන්න පුලුවන්. (නි)
මේවත් පර්යේෂණ නොමග යැවීම සහ සාක්ෂි අහෝසි කිරීම සඳහා කවුරුන් හෝ විසින් කරවන වැඩ වෙන්නත් පුළුවන්. (නි)
මේක තමයි දැන් ලංකාවේ මිනිසුන් බලාපොරොත්තු වෙන නීති ක්‍රියාදාමය... (නි)
නියම රටක් තමයි මේක. (නි)
මේවත් පර්යේෂණ නොමග යැවීම සහ සාක්ෂි අහෝසි කිරීම සඳහා කවුරුන් හෝ විසින් කරවන වැඩ වෙන්නත් පුළුවන් ?? මෙය වැරදිය.. ඝාතකයන් සාක්ෂි නැති නිසා නිදහස් වී පැමිණ එම ඝාතන පරීක්ෂණ නොමග යැවීමට තවත් ඝාතන සිදුකිරීම කහවත්තෙ සත්‍ය කතාවක්.(නු)
රට දැන් මොන අතටද යන්නේ කියලා මටනම් කියන්න තේරෙන්නේ නැහැ (දී)
කහවත්ත සොහොන් පිටියක් වෙලා ඉවරයි . මේක තමයි ආසියාවේ ආශ්චර්‍යය කියන්නේ (ස)
එයාගෙන් සාක්ෂි එලිවෙයි කියලා බයයිද දන්නෙනැහැ..!(නු)
ලංකාවේ අලුත්ම නීතිය . නියමයි . බුදුන් වැඩිය රටද මේ (ස)
බලමුකො අළුත් නීතිපතිතුමා මේවාට ගන්න පියවර මොකද්ද කියලා..!(නු)
දැන් කැලණියත් කහවත්තත් එක සමානයි (ස)
අනිච්ඡාවත සංඛාරා (ස)