ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මේ මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින සහ තරග දෙකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ප‍්‍රවේගකාරි යොවුන් පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව සිටී.
අජන්ත මෙන්ඩිස් අබාධය සුවවීමෙන් අනතුරුව නැවතත් සංචිතයට ඇතුළත්ව සිටී.
දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 11 වැනිදා මෙල්බන්හිදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, රංගන හේරත්, කුසල් ජනිත් සහ ශාමින්ද එරංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! ගිලිහුණු අභිමානය යළි ගොඩනැගීමට වාසනා! (නි)
තිලාන් සමරවීරවත් ගන්නකෝ. එයා හරිම ප්‍රවේගකාරී පිතිකරුවෙක්. (නි)
ක්‍රිකට් නේද මේ ? (නි)
මට හිතෙන විදියට තිලාන් සමරවීර වගේ පිතිකරුවෙක් නැවත කිසිදිනෙක බිහිනොවනු ඇත. (නි)
චාමර කපුගෙදර නැති එක ගැන පුදුමයි. (නි)
කුසල් අකුසල් කර ගන්නනම් එපා (ස)
මෙයාගේ විස්තර ටිකක් දැන ගන්න පුළුවන්ද ? (ස)
කුසල් අකුසල් වෙන එකක් නෑ නේද ? (ස)
ඩිල්ශාන් මුණවීර කෝ ? (නි)
ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුතා. (නි)
කවුරු ආවත් අපේ අය මේ පාරත් කෑමක් කනවා (ස)
මල්ලි ඔභොම යන් (ස)
සංචිතයට ගන්නවා විතරයි (ස)
මම හිතන්නේ හොඳයි කුසල් හා දිල් ඕපනින් එකට දාන්න (ස)
පළමු තරගයෙන්ම වැඩ පෙන්නලා ඉස්සරහට යමු. (නි)
ඇති යන්තම් නවකයෙක්ට අවස්ථාවක් ලැබුණා .තව හොඳ නවකයෝ දෙන්නෙක් ඉන්නවා .ඇන්ජලෝ පෙරේරා හා ප්‍රියන්ජන් . එයාලත් ගත්තොත් හොඳයි (ස)
කුසල් , ඉන්දියාවේ දක්ෂ ක්‍රීඩකයෙකු වූ මොහොමඩ් අස්‍රදීන්ගේ ක්‍රීඩා විලාශය තියෙන ක්‍රීඩකයෙක්. ඔබට සුබ අනාගතයක් (ස)
නියමයි කුසල් මල්ලි
සංචිතයේ තියාගෙන බැහැනේ. ක්‍රීඩා කරන්නත් යොදවන්න වෙයි. (නි)
අනේ තිලාන් සමරවීර ගන්නේ නැත්තේ ඇයි? එයා ලන්කන් කණ්ඩායමට ඕනෑම හොදම පිතිකරුවෙක්. (නු)
සුබ අනාගතයක් , කල්පනාකාරීව සෙල්ලම් කරන්න . ඉක්මන් කොට බව මතක තබා ගන්න. ජය වේවා (ස)
රෝයල් කොල්ලෙක් .....රෝයල් එකට ජය වේවා ...සුබ පැතුම් .. (ස)
මල්ලී, ඔයත් ජයසූරිය වගේ හොද පිතිකරුවෙක් වෙන්න බලන්න. සුභ පැතුම්! (ස)
කුසල්, ඔබට ජය! සංගා වගේම දක්ෂයෙක් වෙන්න. (නි)