අම්බලංගොඩ ගල්දූව කුරුළුබැද්ද රක්ෂිතයේ වගුරු බිමක කසිප්පු වැටලීමට අම්බලංගොඩ පොලීසිය අද පීනා ගියේය.
පැය හයක මෙහෙයුමකින් පසු කසිප්පු ද, පෙරුම් උපකරණ ද රැසක් සොයා ගත්තේය. ගම් කිහිපයකටම කසිප්පු එමතිප්පොලෙන් බෙදා හරින්නට ඇතැයි පොලීසිය කියයි.
ඇමෝනියා, යූරියා, ඊස්ට්, මඩ වතුර පල් කරන බඳුන්කරන තැන්වලට හූනනන්, කටුස්සන්, කුරුමිණියන්, උරගයන්ද බොහෝවිට වැටී මිය යතියි කසිප්පු පෙරන්නෝම කියති.
අම්බංගොඩ කසිප්පු ස්ප්රීයට් බෝතලයක මිල රුපියල් 800කද, කසිප්පු බෝතලයක් රුපියල් 500කට ද අලෙවි වේ. ගම්පහ ස්ප්රීරතු කසිප්පු බෝතලයක් රුපියල් 400කි. කසිප්පු බෝතලයක් රුපියල් 300කට ද අලෙවි කරේ.
අරක්කු මිල වැඩිවන විට කසිප්පුමිලද වැඩි වන බව කියති.
අඩුම මිල අරක්කු බෝතලය රුපියල් 845කි.
ප්රමදේශ අනුව කසිප්පු ට විවිධ නම්වලින් හැඳින් වේ. ටොනික්, ගල්බමුණා, වැල බමුනා, වෙල්ෆැන්ටා, හිටපංමචං, කචන් ෆැන්ටා, නැටුම් තෙල් ඉන් සමහරකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු විතරයි පෙරපු කෙනෙක් නම් පේන්නෙ නැහැ.. වෙලාවට ඔත්තුව ලැබිලා වගේ..!(නු)
නිතිය අකුරට (දී)
මේ වගේ දේශීය නිෂ්පාදන දිරිගන්වලා හොද වෙළදපොළක් ඇති කළොත් නේද හොද? (නි)
බලන්න අද කොච්චර අපි ණය ගන්නවාද? මේ රැකියාව සහ ලංකාවේ පැරණිම රැකියාව නීතිගත කළොත් කොපමණ සහනයක් ලැබේවිද? (නි)
පිනාද? පීනාද? ඇස් පේනවා හොරයි අනේ? (නි)
අනේ "මචං පානය" අල්ලන්න එපා. (නි)
කෝ වගුරේ පීනුවා නම්, කට්ටිය තෙමිලා නැහැනේ.. (නි)
නදී,ගාමිණි,ඩෑම් දෝහා,හිල්මි , වීඩියෝ එක බලන්න ඔක්කොටම ඉස්සෙල්ලා. (නි)
පුදුමයි ඇල්ලුවා..(නු)
ඇයි මේවා වටලන්න කලින් උත්සාහ නොකලේ..!(නු)
කෝ බඩු විතරයිනේ තියෙන්නේ කෝ කරවන අය..!(නු)
මධ්‍යසාර කැලේ පෙරුවාම කසිප්පු, කම්පැනියේ අරක්කු, පිටරට වලදි විස්කි, ගමේදි කසිප්පු හදන්නේ එකම විදියට(නු)
අද ඇල්ලුවට හෙට වෙද්දී ආයෙමත් පටන්ගන්නවා. (නි)
වතුර උඩින් ගමන් කරලා ඇති.. (නු)
ගාන දිහා බැලුවාම මොනවාවත් බොන්න බැහැ වගේ පේන්නේ..!(නු)
ඕකත් ඉතිං කාගෙහරි ඔත්තුවක් මතනෙ අල්ලන්න ඇත්තෙ...!(නු)
අනේ මන්දා මේවා කොහොමද මහා පරිමානයෙන් කරන්නේ රටේ ආරක්ෂක පද්දතියක් තියෙනවානම්..!(නු)
අපේ රටේ කසිප්පු පෙරණ එකත් නීතිගත කළානම් නේද හොද.. එහෙම උනානනම් මේ මහත්තුරුන්ට පීනන්න වෙන්නෙත් නැහැනේ ඇදුම් තෙමාගෙන..!(නු)
පීනා ගොස් කසිප්පු ඇල්ලුවා කීවාට පීනපු බවක්නම් පේන්න නැහැ..!(නු)
කසිප්පු මුදලාලි ගැන කිසි තොරතුරක් නැහැනේද? එයාලා දන්නවා ඇති පොලිසියෙන් එන බව..!(නු)
ඒ මහත්තුරු වතුරේ නෙමෙයි පීනලා තියෙන්නේ. (ත)
එදත් කටාන ආසනය හොර කසිප්පු තිත්පොලක්..!(නු)
පීනාගොස් බඩු නම් අල්ලලා. ඒත් තෙමිලා නම් නැහැ? (නි)