IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කසුන්ට පරිගණකයක් තෑගි

මාංශ පේශි වර්ධනය නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ්‍ය පීඨයේ පළමු වසරේ  කසුන් චාමර ශිෂ්‍යයාට ලැප්ටොප් පරිගණකයක් අද කොළඹ මහානාම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පරිත්‍යාග කැරිණි. ශ්‍රී ලංකා සෙනෙහස පදනම මගින් මෙම පරිත්‍යාගය කෙළේය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක  මහතා ප්‍රධාන ආරාධිතයා විය. සෙනෙහස පදනමේ අනුශාසක ගලගම ධම්මරාංසි, එහි සභාපති ඉතෝ කියො යන හිමියෝ ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ඊට එක් වූහ. ලංකාදීප එසැණ පුවත් ඇතුළු සියළු මාධ්‍යවලින් අපේ පුතාගේ ධෛර්‍යය ගැන ලොකු ප්‍රචාරයක් ලබා දුන් නිසා දැන් පුතාට ලෝකේ හැම තැනින්ම කථා කරලා උදව් කරන්න සූදානම් කියල තියනවා. ඒක අපිට ලොකු හයියක් හැමටම ස්තූතිවන්ත වෙනවා. කසුන් චාමර ගේ මවුපියන් වන මංගලිකා රාජපක්ෂ සහ කේ.ඒ. පියසිරි යන දෙපළ පැවැසූහ.



අදහස් (0)

කසුන්ට පරිගණකයක් තෑගි

මුතුකුඩ Wednesday, 31 October 2012 09:17 PM

ඉතා හොද දෙයක්. (නි)

:       0       0

හර්ෂණ Wednesday, 31 October 2012 09:20 PM

මේ වගේ අවස්ථාවකට ඇයි මේ අයත් ගෑවුනේ (ස)

:       0       0

දිලීප Wednesday, 31 October 2012 09:44 PM

උතුම් වැඩක්

:       0       0

හිරන්ත Thursday, 01 November 2012 12:13 PM

නබිල් මෝඩයෙක් වගේ. ඇයි මේ මල්ලි ෆේස් බුක් ගියා කියලා ඔයාට මොකද ? ඇයි එයාට සමාජ ආශ්‍රය හොඳ නැද්ද? අනිත් අයට ඊර්ෂියා කරන්න එපා (ස)

:       0       0

වාසල Thursday, 01 November 2012 12:29 PM

මේ අහිංසක සිසුවා දිරිමත් කිරීම අගය කරනවා , ඒත් ඔහු වෙළඳ භාණ්ඩයක් කර ගන්න එපා (ස)

:       0       0

ලියනගේ Thursday, 01 November 2012 12:35 PM

හරි වටිනවා

:       0       0

විජය Wednesday, 31 October 2012 10:14 PM

කරුණාකර ඔහුගේ බැංකු ගිණූම් අංකය පළකරන්න. (නි)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 31 October 2012 11:07 PM

ලංකාදීප වාර්තාකරු තෙළිතුඩින් කළ මෙහෙයට මල් මිටක්! (නි)

:       0       0

සෑම් Thursday, 01 November 2012 12:37 AM

අනේ වාසනාවන්. ලංකාවේ මීඩියා වලට ගොඩාක් පින්. (නි)

:       0       0

සමින්ද Friday, 02 November 2012 09:11 PM

කසුන් ඔබට සුබ පතනවා (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 01 November 2012 02:31 AM

මේ වගේ ප්‍රවෘත්තියක් දකින් ලැබීමත් සතුටක්. පරිගණකය අරන් දුන්න/දායක වුණ කෙනෙක්ම අතින්ම ලබා දුන්නා නම් තමා වටින්නේ. (නි)

:       0       0

ඩරුල් Thursday, 01 November 2012 02:48 AM

ලොකු පිනක් කවුරු කළත්... (නි)

:       0       0

ඩරුල් Thursday, 01 November 2012 01:25 PM

කසුන්ගේ රෝගී තත්ත්වය ගැන බලන්න සෞඛ්‍ය ඇමතිට ඉදිරිපත් වෙන්න බැරිද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 01 November 2012 04:57 AM

හොඳ දෙයක්. ශ්‍රී ලංකා සෙනෙහස පදනම නම් දෙන්නේ ඇයි මේ දේශපාලනය මේකට ගාවා ගත්තේ? (නි)

:       0       0

පුන්සිරි Thursday, 01 November 2012 04:52 AM

ඇමතිතුමෝ මෙයට විදුලියෙන්ක්‍රියාකරන රෝද පුටුවක් වත් පරිත්‍යාග කරලා මාධ්‍යවලට ආවනම් හොදයි.. (නු)

:       0       0

නුවන් Thursday, 01 November 2012 01:32 PM

මෙහේ නම් වියදම් කරපු කෙනගෙ නමවත් කියන්නෙ නෑ. අපේ රටේ වෑඩියෙන් තියෙන්නේ බොරු ශෝභන.(ස)

:       0       0

ඖනුෂා Thursday, 01 November 2012 01:37 PM

හොද වැඩක්

:       0       0

මනෝජ් Thursday, 01 November 2012 07:42 AM

වැඩේ නම් ඉස්තරම්. ඒත් මොකටද මේ දේශපාලනයක් ගාවාගත්තේ? (නි)

:       0       0

සරත් Thursday, 01 November 2012 08:38 AM

මල්ලිට හොඳට ඉගෙන ගන්න ලැබේවා .(ස)

:       0       0

මංජුල Thursday, 01 November 2012 08:56 AM

දේශපාලනය සම්බන්ධ නොවුනානම් මේ උත්සවය කොච්චර ලස්සනද ? (ස)

:       0       0

සුසිල් Thursday, 01 November 2012 08:47 AM

නියමයි..(ස)

:       0       0

බුද්ධික Thursday, 01 November 2012 09:26 AM

අගය කල යුතු වැඩක් ......ගොඩක් පින් (ස)

:       0       0

නිරාන් Thursday, 01 November 2012 09:36 AM

ගොඩක් හොඳ වැඩක් (ස)

:       0       0

මංජුල Thursday, 01 November 2012 09:37 AM

මේක හරිනම් දෙන්න තිබුණේ ඇමතිතුමාගේ වියදමින්. කමක් නැහැ. කොහොමහරි දරුවට යමක් ලැබුණනේ. (නි)

:       0       0

අචිනි Thursday, 01 November 2012 10:04 AM

සෑම විටම ජනතා සේවයට කැපවූ ලංකාදීපයට තුති මල මිටක්.. සතුටුයි සෙනෙහස පදනමට පිං.. මේ දාලා තියෙන අයගේ අදහස් වලින්ම තේරෙනවා ජනතාව හිතන විදිය..!(නු)

:       0       0

රත්නවීර Thursday, 01 November 2012 09:57 AM

මේ වගේ පුද්ගලයින්ට රැකියාවක් ලැබේවිද ??? (ස)

:       0       0

නබීල් Thursday, 01 November 2012 10:14 AM

දන් ඉතිං පටන් ගනියි ෆේස් බුක් යන්න. (නි)

:       0       0

කෝසල Thursday, 01 November 2012 10:39 AM

අපේ මේ ඇමති තුමන්ලාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි මේ වගේ පින්කම් කරන්න (ස)

:       0       0

නිමල් Wednesday, 31 October 2012 07:17 PM

ලැප් ටොප් එකක් දුන්න එක නම් හොදයි. ඒත් ඇමතිතුමන්ලා ගෙන්වන්න කොච්චර වියදමක් යන්නත් ඇද්ද? (නි)

:       0       0

සමරකෝන් Thursday, 01 November 2012 10:35 AM

නබිල්, ෆේස්බූක් නෙවෙයි මොන දේ වුනත් වැරදියට යොදා ගත්තොත් තමයි හානියක් වෙන්නේ. ගූගල් එක වුනත් වැරදි දේවල් වලට යොදා ගන්න පුළුවන්. ඒකනේ අරාබිකරයේ ගූගල් වලටත් සීමා පනවලා තියෙන්නේ. නමුත් ඔය මොන සීමාවල් දැම්මත් බලන්න ඕනි කෙනා ඒ සයිට් වලට යනව. අනික කැම්පස් එකක් කියන්නේ පරිඝණක , ඉන්ටර්නෙට් නැති තැනක් නෙවෙයිනේ. ඒ නිසා මේ ළමයාට ලැප්ටොප් එකක් දුන්නා කියලා ඔයා බයවෙන්න එපා. ඒ ළමයා හොද නරක දන්න කෙනෙක්. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 07:21 PM

ලොකු පිනක්. තව උදවු දෙන්න. (නි)

:       0       0

පද්මා Thursday, 01 November 2012 03:05 PM

ජයවේවා

:       0       0

උදය Thursday, 01 November 2012 11:10 AM

කොයි දේ කරත් හරහට හිතන පිරිසක් ඉන්නවනේ ,තමන්ට බැරි දේ කවුරු කරත් හොඳ දෙයක් නම් අගය කල යුතුයි (ස)

:       0       0

කන්දේගෙදර Wednesday, 31 October 2012 07:39 PM

සෙනෙහස හොඳයි , පරිත්‍යාගය හොඳයි , මේ ළමය ඕය තැනට අවේ නිදහස් අධ්‍යාපනය නිසා, සල්ලි ගෙවල කවදාවත් ඔය දරුවට කැම්පස් යන්න ඉගෙනගන්න වෙන්නේ නැහැ, ඒත් මොකටද නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදන අයත් මෙතනට ආවේ (ස)

:       0       0

මාධව Wednesday, 31 October 2012 08:05 PM

අගය කළ යුතු වැඩක්. (නි)

:       0       0

ගාමිණි Wednesday, 31 October 2012 08:03 PM

අයියෝ! ලැප්ටොප් එක දෙන්නේ ඔය පැත්තට හරවලා නෙමෙයි. (නි)

:       0       0

දම්සර Wednesday, 31 October 2012 08:19 PM

උතුම් ක්‍රියාවක්! මනුස්සයාට පිහිට වන්න අවශ්‍ය මනුස්සයාමයි. ශාරීරික ශක්තිය ඉක්මවා ගිය මහා යෝධ ශක්තියක් මිනිස් හිතකට තියනවා. කසුන් ඒ බව ඔප්පුකර තිබෙනවා. කය නිරෝගී වුණත් මනස නිරෝගී නොවන්නේ නම් ඔහු තමන්ට පමණක් නොව මුළු සමාජයට විපත්තිදායක රෝගියෙක් වෙන්න පුලුවන්. තමන්ගෙ වීර්යෙන් ආත්ම ශක්තියෙන් වැඩනොගෙන හැමදේම දෙවියන්ට පවරා බලා සිටින හැමට කසුන් හොද ආදර්ශයක්. කර්මය වුණත් උත්සායෙන් වෙනස්කළ හැකි බවත් ඔහු රාහුගෙන් මිදුණු සදු මෙන් ලොව බැබලෙන බවත් බුදුන්වහන්සේ දේශනාකළේ මේ නිසයි. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

අජිත් Wednesday, 31 October 2012 08:08 PM

කො‍හොම වුණත් අපේ රටේ මනුස්සකම තවමත් තියෙනවා. ඔබ හොදට ඉගෙනගෙන රටට වැඩදායක පුරවැසියෙක් වෙන්න බලන්න. (නි)

:       0       0

අස්රාන් Wednesday, 31 October 2012 08:14 PM

කසුන්, ඔබට සුභ පැතුම්! උත්සාහය අත් නොහරින්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site