අහංගම සිට කුලියාපිටියේ පන්නල මගුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගත් බස් රිය කොස්ගොඩ දූව මෝදර දී අනතුරට ලක්වී විසි දෙදෙනක් රෝහල් ගත කරනු ලැබූහ. විදුලි කණුවේ හැපුණු බසය ටික දුරක් ඇදී ගොස් නතරවන විට එහි තිබූ ට්‍රාන්ස්පෝමරය බසයේ වහළ ද කඩාගෙන බසය ඇතුළට වැටී ඇතැයි පොලීසිය කියයි. එහෙත් ට්‍රාන්ස්පෝමරය පිපිරීමකට හෝ ගිනිගැනීමකට ලක්වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගවිනිසුරු ප්‍රශ්නය විසදිමට රජය ඉක්මන් වු විදියටම මේ වගේ භයානක රථ වාහන අනතුරු විසදන්න ඉක්මන් වෙනවා නම් තමයි හොද.කොහොමත් බස් යන්නේ පාර එයාලගේ කියලා හිතාගෙන. පොලිස් මහත්වරුත් බලන්නේ ත්‍රිවිල්, මෝටර් සයිකල් විතරයි. (නි)
බස් රියදුරෝ පාර පුරා ගියත් නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ, ඒ බස් අයිති එක්කො දේශපාලුවෙකුට නැත්තම් ලොකු මුදලාලි කෙනෙකුට නිසා. පොලිස් පොඩ්ඩෙක් බස් එකක් ඇල්ලුවෙත් එයාට වෙන්නෙ ලොක්කගෙන් කුණුහරුප අහගෙන ලයිසන් එක ආපහු දෙන්න. (නි)
නුවන් ගේ හා තුෂාරගේ අදහස්වලට මම එකගයි.. මොකද කොලඹ පුත්තලම පාරෙත් වෙන්නනෙ ඔය දේමයි.,!(නු)
අනේ අසරණයාට සමාව දෙන්න බැරිද? (නි)
වරදට සමාව දෙන්න. එයාගේ රැකියාවත් ඉවරනේ දැන්. නේද? (නි)
ළකුණු 24ම කැපිලාද දන්නෙ නැහැ. එහෙම වුණොත් ළකුණු සියල්ල එකවර කපාගත් පළමු වාසනාවන්තයා වෙනවා. (නි)
අනිවාර්යයෙන්ම මෙවන් රියැදුරන්ගේ බලපත්‍ර අවලංගු කළ යුතුයි. (නි)
හොයලා බලමු මොකද්ද උනේ කියලා ..යාන්ත්‍රික දෝෂයක්ද දන්නේ නෑනේ (ස)
ට්‍රාන්ස්පෝමරය නැවත ඇණ දමා සවිකරනු! (නි)
ඔයාලගේ පැත්තෙත් අනවශ්‍ය ලයිට් කණු තියෙනවා නම් මෙයාටම කියන්න. (නි)
මම හිතුවා බස් එකක් කෝච්චියේ හැප්පිලා කියලා හොඳ වෙලාවට කාටවත් අනතුරක් නැත්තේ (ස)
කහ ඉර උද දී ත්‍රි වීලර් එකක් ඉස්සර කළා කියලා මට නඩු දැම්මා. එත් ප්‍රයිවට් බස් ඉරි දෙක එහා පැත්තෙන් යනකොට අල්ලන්නේ නැහැ. ඇයි ඒ ??? මේ බස් එක ලයිට් කණුවේ හැප්පුන නිසා වෙන මිනිස්සුන් ට කරදරයක් නැහැ. මේක ගිහින් වෙන වාහනේ ක හැප්පුනා නම් මොන අපරාදයක් ද? (ස)
ලකුණු කීයක් කැපුනද ? (ස)
ට්‍රාන්ස්ෆෝමරයේ වියදම බසයේ රක්ෂණයෙන් ලැබෙයිද? (නි)
මට පේනවිදියට මේ රියදුරන්ට බලපත්‍ර දීලා තියෙන්නේ නම් ආර්.එම්.වී එකෙන්නම් නෙමෙයි.. ලංකාවෙ රියදුරන් කවදාවත් එයාලාගේ වාහනේ එලිය අඩුකරන්නේ නැහැ.. විශේෂයෙන්ම බස් රියදුරන්.. එයාලා හිතන්නේ පාර එයාලගේ කියලා.. (නු)
අමාරුවක් නැති ලෙඩ්ඩුන්ව ඉක්මණින් ගෙදර යවන්න. මොකද එහෙම අයත් ඉන්න බව පෙනෙනවා. (නි)
පාරේ යන මගියන්ගේ ජීවිත වල වටිනාකම රියදුරන්ට දැනෙන්නෙ නැහැ. (නි)
ගාලු පාරේ යන බස් (විශේෂයෙන්ම මාතර, තංගල්ල, කතරගම ...) යන්නේ හරියට මහා පාර අප්පොච්චගේ බුදලයක් වගේ. පොඩි වාහන, බයිසිකල්, ගැන තුට්ටුවක් වත් මායිම් කරන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ,මෙයාලට පොලිසියෙන් කිසිම නීතියක් නෑ. තුෂාර කිව්වා වගේ මෙයාලා බස් එලවන්නේ පාරේ වැරදි පැත්තෙන්මයි. ඉස්සරහින් එන මිනිස්සු කාණු වලට බැහැල තමයි ජීවිතේ බේරගන්න ඕන. ඉස්සර කරන්න යන්නේ කැත විදියට නලාව නාද කරලා. (ස)
කොහොමද ලංකාවේ ඩ්‍රයිවින්? විශිෂ්ටයි සර්... කොහොමද ලංකාවේ නීතිය? අති විශිෂ්ටයි සර්... (නි)
ඕක පිපිරුවේ නැත්තේ පූරුවේ වාසනාවකට . මෝඩ රියදුරෝ ..කවුද මෙයාට බලපත්‍රදීලා තියෙන්නේ (ස)
අපිට වඩා ලොකු ජනග්‍රහණ ඉන්න රටවලවත් මෙහෙම අනතුරු වෙන්නෙ නැහැ. (නි)
ලොකෙන් උතුම් රටේ ඉන්න උතුම් රියදුරන්ගේ වැඩ තමයි (ස)
මෙහෙම බේරුනා මදැයි.... මගුල අවමගුලක් නොවී. (ස)
අනතුර සිදුවුණේ කාර්මික දෝෂයක් නිසාද? නැත්නම් රියදුරාගේ නොසැළකිල්ලෙන්ද? (නි)
මුන්නැහේට දෙන්න ඕනෑ කෝච්චි ලයිසන් එකක්. (නි)
රියදුරාට දොස් කියන්න කලින් අනතුර සිදු වුණේ කොහොමද කියලා දැන ගන්න ඕනි (ස)
බස් එක ගිහින් තියෙන්නේ තාර පාරෙද රේල් පාරෙද ? (ස)
රියදුරු බීමත්ව ඉන්න ඇත්තේ . එයාට ආරන්චි වෙන්න ඇති මගුල්ගෙදර බොන්න නෑ කියලා (ස)
මෙම රෝහල ඉතාම පිරිසිදුයි නේද? (නි)
යම් කිසි කෙනෙකුට දිවිනසාගන්න ආසනම් අපේ රටේ මගුල් ගෙදර ගොස් එන රථයකට ගොඩවන්න, (ස)