කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි කියන කිරි කපන්නකු හා කිරි කපන්නියක ශරීර ඇප මත මුදාහළ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඩී. ප්‍රැන්සිස් මහතා, කොස් ගෙඩි දෙක රැගෙන යාම සඳහා පැමිණිලිකරු වන පොලිස් අධීකාරී බව කියන පුද්ගලයකුට ලබන 18 වැනිදා උසාවි එන්නැයි නියෝග කෙළේය.
මිල්ලෑව කිදෙල්පිටියේ පදිංචි ඉන්ද්‍රසිරි තිලකරත්න හා ඔහුගේ සොයුරිය මානෙල් මෙසේ කොස් ගෙඩි දෙක කඩා ගත්තැයි පොලිස් අධිකාරි පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ පොලිසිය දැන් අර කැළණියේ මිනීමරුවන්ව ඇල්ලුවද? (නි)
මේක බරපතල නඩුවක්නේ... (ස)
නියම මනුස්සකමනේ. (නි)
මෙහෙමත් පොලිස් ලොක්කෙක් (ස)
රටකට ගිය කලක්? (නි)
මෙහෙමත් කොස්? (නි)
දුප්පත් මනුස්සයෙක් බඩගින්න නිවාගන්න කොස් ගෙඩියක් කඩාගත්තම මොකද වෙන්නේ (ස)
ලංකාවේ පොලිසිය ඉන්නේ ඔය වගේ ඒවට තමා. හොද වැඩක් කියලා දෙයක් කරන්නේ බොහොම කලාතුරකින්. බැරි වෙලාවත් කවුරු හරි ලොක්කෙක්ගේ ගෝලයෙක් ඔය කොස් ගෙඩි දෙක කැඩුවා නම්, ඔය පොලිස් අධිකාරිතුමා කොස් ගහම කපලා දෙයි. පොඩි මිනිස්සුන්ට තමා සේරම සෙල්ලම් පෙන්වන්නේ. (නි)
කොස් ගෙඩි වල නඩුත් උසාවි දානවද? (නි)
හාපෝ! ඊසාම්ලා නම් හරිම පෙරේතයෝ වගෙයි. (නි)
මේවට කියන්නේ විහිලු කියලා (දී)
පොඩි හොරකම් වලින් තමයි ලොකු ලොකු දේවල් වලට යන්නේ. (නි)
මටනම් කියන්න දෙයක් ඇත්තෙම නැහැ (දී)
සර්ගෙන් අහලා කොස් ගෙඩියක් කඩා ගන්නනේ තිබුණේ. (නි)
මෙතන ප්‍රශ්නයක් තියෙනවා? කොස් ගෙඩි දෙකක් කියලා ෂුවර්ද ? (ස)
මට ඔය කොස්ගහ ගැන සැකයක් තියෙනවා. ඇත්තෙන්ම ඒ ගහ එයාගෙමද? හොරෙන් අල්ලගත්තු එකක් දැයි පරීක්ෂා කළයුතුයි. (නි)
එයාලට කොස් ගෙඩි දෙකම බලෙන් කවන්න, ඉතුරු නොවෙන්න. (නි)
අපේ නම් ගම පුරාම තියෙනවා කොස්. ඕනෑම වත්තකින් ඇවිල්ලා කඩාගෙන යන්න බය නැතුව. (නි)
මේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ රටේ දරිද්‍රතාවය කොතරම් උග්‍රද යන්නයි. (නි)
අනේ මෙහෙම තන්හාවක් (ස)
පොඩි ළමයි වගේ ඇත්තට (දී)
බඩගිනි වුණත් හොරකම වැරදියි. අනේ මහත්තයෝ පින් සිද්ධ වෙනවා, මට බඩගින්නට කොස් ගෙඩියක් දෙනවා නම්... කියලා ඉල්ලුවා නම් කවුරු වුණත් පිනට දේවි. පොලිසියේ මහත්තයාගේ තියෙන වැදගත්කම නිසානේ නීතියෙන් කටයුතු කළේ. ඕනෑ නම් එයාට අතක් පයක් කඩන්න වුණත් තිබුණනේ ලංකාවේ සමහරු කරනවා වාගේ?? (නි)
එස්.පීට දැන් කන්න වෙන්නේ කොස් නෙවෙයි. කොස් කුණු. අනේ මෙහෙම තණ්හාවක්? (නි)
කොස් තියේවිද එතකන් (ස)
18 වෙනකොට වරකා තමයි (ස)
අනේ ගිහිල්ලා (දී)
ලංකාවට ගිය කලක්. නීතිය දන්න මනුස්සයොත් කොස් ගෙඩි දෙකකටත් උසාවි යනකොට? (නි)
අපේ ඉඩමේ කොස් කඩාගෙන ගියාට අපි නම් මුකුත්ම කියන්නෙ නැහැ. (නි)
හරියට "රජතුමාගේ පැණි වරකා" වගෙයි. (නි)
කොස් ගෙඩි දෙකක් කියලා කියන්නේ බොහොම වටිනා දෙයක්. බොහොම හරි කරපු දේ. අවුරුදු 20කටවත් අඩුම ගාණේ හිරේට දාන්න. (නි)
නූතන මනුතාපය වගේ (ස)
වැඩේ දෙල් බඩේ කොස් (ස)
18 වෙනකොට කොස් ඉදිලා තියේවි (ස)
කුණු වැල ගෙඩි තමයි නඩු දවසට ගෙනියන්න වෙන්නේ (ස)
18 එන්න කියලා තියෙනනේ කොස් ගෙනියන්නද ? වැල ගෙනියන්නද ? වරකා ගෙනියන්නද ? (ස)
නියම විහිලුව (දී)
අයියෝ! පොලිසියේ නමත් ඉවරයි. (නි)
අසරණයෙක් කොස් ගෙඩි දෙකක් හොරාගත්තා කියලා නඩු අහන රටේ කෝටි ගණනින් කරන ගසා කෑම් වලට දඩුවම් නැහැනේ. (නි)
මරණින් මතු කොහේ ඉපදේවිද කියලා හිතාගන්න පුළුවන් (ස)
මෙයා ගැන නම් කියන්න වචන නෑ (ස)
ලොකු මාත්තියා,ඔබතුමා පළාතේ පොලිස් ලොකු මහත්තයා නිසා ඉතාමත් ආදර්ශවත් විදියට ඔය ප්‍රශ්නය විසදන්න තිබුණා. ඒ පළාතේ පන්සලේ හාමුදුරුවො ළගට හොරුයි බඩුයි අරන් ගිහිල්ලා මේ විස්තරේ කියලා, මේ අයගේ වැරැද්ද්ට මම දඬුවම් කරන්නෙ නැහැ, කෑමට කඩා ගත් නිසා කියලා බාර දීලා ආවා නම් ඊළග පෝයට පොලිසියේ ලොක්කා දිලිසෙන්න බණක් නේද? මෙයා කරගත්තු වැඩෙන් ගමේ සියලු දෙනාටම ඇඩෙන්න බණක් කියයි. (නි)
දුප්පත් කමට , බඩගින්නට ඉස්සර මිනිස්සු උයල කන්නත් දේවි කොස් .පැමිණිලි කරාට නියම දඬුවම.වැල ගෙනියන්න බැරියා 18 වෙනිදට. නියමයි අන්න එහෙම් නම ගම එක්කම දාමු. (ස)
ඕක පිනට දුන්නා කියලා හිතා ගත්තා නම් ඉවරයි නේ(දී)
ගමක කොස් ගෙඩියක් කඩාගන්න කාගෙන්වත් අහන්න ඕනෑද? (නි)
මේ කොස් ගෙඩියක් ගිය දුරක්. (දී)
කුමාර නිවැරදියි. (නි)
කුමාර ඔයා හරි (ස)
කොස් නොවෙයි වරකා (දී)
මේක දඩුවම් ලැබිය යුතු වරදක්ද? (නි)
අර බලන්නකෝ, එයා ගිහිල්ලා (දී)
ඔය වරදට මරණ දඩුවම දෙන්න බැරිද? දුප්පතා කෑවෙ නැත්නම් නිකම්ම මරණ දඩුවම ලැබෙනවානේ..! (ස)
බඩගින්නට කොස් හොරකම් කළත්, කඩේකින් බඩු හොරකම් කළත් දෙකම එකයි. සමහරු කෑමට වඩා අනුන්ගේ වතුවල ගස්ගෙඩි හොරකම් කරනවා විකුණන්නත්. (නි)
කොහොමහරි එස්පී මහත්තයා කොස් අරගෙන යන ඡායාරූපයක් පළකරන්න බලන්න. (නි)
වැඩ නැතිවට හොදයි ඔය වැඩ (දී)
18 වෙනිදා අපිත් උසාවි යමු. මෙයා කොස් ගෙනියන හැටි බලන්න. හොරකම හොඳ නෑ. නමුත් මේවා හොඳ සමතමණ්ඩලයට. උසාවි දාලා කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ (ස)
කොහොමද ඇත්තට ගියේ (දී)
මට කියන්න දෙයක් නැහැ මේ වගේ විහිලු වැඩ වලට (දී)
කොස් ගෙඩි දෙක නරක් වුණාට එයාලට ප්‍රශ්නයක් නැතුව ඇති. (නි)
විලි ලැජ්ජ නැති නඩු (ස)
හොරකම හොඳ නෑ , ඒත් ගස් යට කුණු වෙවී යන කොස් ගෙඩියක් කඩා ගත්තා කියලා උසාවි යන එක නම් හරිම කැත වැඩක් (ස)
දුප්පත් මනුස්සයෙක් බඩගින්න නිවාගන්න කොස් ගෙඩියක් කඩාගත්තම පොලිස් බලය පෙන්නල. 18 ලග වැඩියි. කන්න පුලුවන් ගාණට කටුත් මෙලෙක් වෙලා තියෙන්න තිබුන 28 උනානම්. අමරණීයයි කියලා හිතන් ඇත්තේ (ස)