අධ්‍යාපන බලධාරීන් තමන්ගේ වාසියට නොයෙක් දේ කියූවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් අය කළ නොහැකි බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
1982/2 දරණ පාසල් සංවර්ධන සමිති චක්‍රලේඛය, 2008/37 දෙක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය, 2008/41 ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම්වල ක්‍රියාකාරකම් පිළිබඳ චක්‍රලේඛය, 2008/35 පාසල් නගා සිටුවීමේ නියාමන වැඩසටහන් චක්‍රලේඛය සහ 2012/19 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය යන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
2008/37 දෙක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ 6.0 වගන්තියෙන් දක්වා ඇත්තේ සිසුත් ඇතුළත් කිරීමේදී සහ ඉන් පසුවත් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හැර වෙනත් මුදලක් අය කළ නොහැකි බවයි. එම වගන්තිය මෙසේය.
‘සියලුම රජයේ පාසල් හා ගාස්තු අය නොකරන පෞද්ගලික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හැර වෙනත් ගාස්තු හෝ ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් හෝ අයකිරීම/ලබාගැනීම සම්පූර්ණයෙන් ම තහනම් වේ. ළමයින් ඇතුළත් කිරීමෙන් පසුව ද එවැනි බලපෑමක් නො කළ යුතු වේ. මෙලෙස බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වන අතර එවැනි අවස්ථාවල ඒ සම්බන්ධ ව දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදු වනු ඇත. පාසල් ප්‍රධානීන් හෝ පාසලට සම්බන්ධ වෙනත් කවර සංවිධානයක් හෝ එලෙස බලපෑම් නොකළ යුතු ය. මෙහි දී සංවිධාන යන්නෙන් ආදි ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන සමිති ඇතුළු පාසලට සම්බන්ධ වූ සියලු ම සමිති හා සංගම් අදහස් කෙරේ.‘
2008/41 ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම්වල ක්‍රියාකරකම් චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් අධ්‍යාපන ලේකම් වරයා කියා ඇත්තේ පාසල්වල ක්‍රියාත්මක වන ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් විවිධ සංගම් විසින් පාසල තුළ යම් යම් ව්‍යාපෘති සඳහා විදුහලට දරුවන් ඇතුළත් කිරීමේ දී හා පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් විවිධ ආකාරයට මුදල් එකතු කරන බව විගණන වාර්තා හා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බවයි.
එම චක්‍රලේඛය අනුව එලෙස මුදල් එකතු කළ නොහැකිවා සේම එවැනි දේට නිලධාරීන් විසින් අනුමැතිය ද ලබා නොදිය යුතුයි. එම චක්‍රලේඛයයේ තුවැනි වගන්තිය සහ පස් වැනි වගන්තිය මෙසේය.
‘03) ආදි ශිෂ්‍ය සංගම්/වෙනත් සංගම් විසින් පාසල තුළ හෝ බාහිරව සිසුන් යොදා ගනිමින් විවිධ ව්‍යාපෘති සඳහා මුදල්/භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම, පාසල් සිසුන්ගෙන්/ දෙමාපියන්ගෙන් යම් යම් හේතු දක්වා මුදල්/භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබේ. එසේම ඉහත සංගම් මගින් දෙමාපියන්ගෙන් හෝ සිසුන්ගෙන් සේවා සපයා ගැනීම ද තහනම් කරනු ලැබේ. මෙවැනි විවිධ සංගම්වලට පාසල තුළ මුදල්/ භාණ්ඩ එකතු කිරීමට හෝ සේවා ලබා ගැනීමට නිලධාරීන් විසින් ද අනුමැතිය ලබා නොදිය යුතු ය.‘
‘05)මින් ඉදිරියට මෙම උපදෙස් තරයේ පිළිපැදීමට සියලු විදුහල්පතිවරුන් ක්‍රියා කළ යුතු ය. යම් විදුහලක එම උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති බව අනාවරණය වුවහොත් අදාළ විදුහල්පතිවරුන් එයට වගකිව යුතු බව අවධාරණය කරමි.‘
2008/35 පාසල් නගා සිටුවීමේ නියාමන වැඩසටහන් චක්‍රලේඛය යටතේ ද මුදල් ගෙන ඒමට සිසුන්ට බල කිරීම තහනම්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් මහත්තයෝ ගුරු සංගමයේ ඉන්නේ ඔබතුමා විතරද?
ඉතින් ඒ වැඩේ නතර කල යුතුයි (දී)
අපෙන් ඉල්ලන්නකෝ බලන්න (දී)
දුප්පත් පාසැල් සිසු සිසුවියන්ගේ වීරවරිය දැන් අර චූටි නංගියා.(නදී)
මුදල් එකතු කිරීම තහනම් බව නැවත නැවත කිව යුතු දෙයක් නොවෙය් මෙහිදි දෙමාපියන්ගෙත් වරදක් තිබෙනවා මුදල් ඉල්ලු විට තමාගේ දරුවා අපහසුතාවට පත්වෙයි කියා නිහඩව සිටිම හා දෙමා පියන් අතර තිබෙන තරඟකාරි බව එක්කෙනනෙකුට එක්කෙනෙක් පරයා යාම (ස)
පාසැල් යන ලමයින්ගෙන් යම් මුදලක් අයකරගත්තාට කමක් නැහැ. හැබැයි ඒ ළමයින්ට වැදගත් දෙයක් දීලා. රජයේ පාසැල් වල ඇත්ත වශයෙන්ම ළමයින්ට ඔවුන්ගේ අනාගතය හදාගන්න අවශ්‍ය දැනුම දෙන්නේ නැහැ. තව තවත් අනාගතය විනාස කරනවා මිසක්. (නි)
පාසලට ළමයි ඇතුලත් කර ගනිද්දිත් සල්ලි ගන්නවා. ඒ වගේම සතියකට දවස් 2,3, ක් පාසලේ එක එක ඒවට සල්ලි එකතු කරනවා. අපිට තිබුන නිදහස් අධ්‍යාපනය දැන් ළමයින්ට කොහෙත්ම නැ.... (ස)
මම (ස)
දැනුවත් කිරීම ගැන ස්තුති (දී)
වහාම මේක මේක නවත්වන්න (දී)
සල්ලි කාරයින්ගේ ළමයි විතරක් නොවෙයි ඉස්කෝලවලට යන්නේ (දී)
පාසල් වල වෙන දේවල් ගැන දන්නෙ දුප්පත් දෙමවුපියන් විතරයි. (නි)
හැම පාසැලකම ඔය වයාපාරය තියෙනවා. ඔය කියන විදුහල්පති, ගුරුවරු, ආදි ශිෂය සංගම් තමයි මුදල් එකතු කරන්නේ. ඒක රටම දන්නවා.(නදී)
විදුහල්පති, ගුරුවරු, ආදි ශිෂය සංගම් දෙමාපියන්ගෙත් මුදල් එකතු කිරීම තහනම් බව නැවත නැවත කිව යුතු දෙයක්,එය වරදක් බව මෙහිදි පාසෙල් ගේට්ටුවේ පන්තිකාමරවල විදුහල්පතිගේ කාමරේ ඉතා පැහෙදිලි අකුරෙන් හා එවෙන්නක් දැනුම් දියයුතු ටෙලිෆෝන් අන්ක ප්‍රදර්ශනය අනිවාර්ය කරන්න. (ස)
ඉතින් ස්ටාලින් මහත්තයෝ. ඔය ගුරුවරුමනේ ඒව කරන්නෙත්, ඒවට අනුබල දෙන්නෙත්.(නදී)
පළමු වසරට ළමයින් ඈතුළත් කරගැනීමේදී ළමයාගෙ දෙමාපියන් දෙදෙනාම පැමිනිය යුතුද? නමුත් දෙදෙනාම විදේශගතව ඉන්නා විදේශ විරුවන් නම් ඒ දරුවන්ගේ භාරකාරත්වය ආච්චී සහ සීයාට පවරා තිබේ නම් ඔර්ජිනල් දෙමාපියන් එන්නම ඕනෑද? විදේශ සේවා නියුත්තිකයන් බාර ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. මෙය මගේ මුනුබුරාගෙ ප්‍රශ්නයකි. (නි)
මුදල් ගැනීම කතර කරන්න බැරි දරුවන්ගේ මව්වරුන් එකිනෙකාට නොදෙවෙනි වෙන්න අකමැති නිසා. (නදී)