IMG-LOGO

කුවේනිය දිය නෑ ගලත් ඉවරයි

කුවේණිය දිය නෑ බව කියන ආණමඩුව - තෝනිගල පිහිටි ඔරුගල ගල් කඩන්නන්ගේ ග්‍රහණයට හසු වී  විනාශ වන්නට පටන් ගෙන ඇත.

විජය කුමරු සහ දරු දෙදෙනා තමන් අතහැර පලා ගොස් ඇති බව දැන ගන්නා කුවේණිය ඔවුන් සොයා ලුහු බඳින්නේය. මේ බව දැනගත් විජය කුමරු ආණමඩුවට උතුරින් පිහිටි තෝනිගල දී  ඇය එන මඟ සීමා කරමින් ඉරක් ඇන්දේලු. අණ ඉර  නමින් හඳුන්වන මෙම ඉර අදටත් තෝනිගල ගල්තලාවේ පැහැදිලිවම දක්නට ඇතැයි ජනප්‍රවාදය කියයි.

අණ ඉර අසලට පැමිණ තමන්ගේ සීමාව අවසන් වී ඇති බව දැනගත් කුවේණිය එම ස්ථානයේ සිට ලතෝනි දුන්නේලු. වර්තමානයේ තෝනිගල  යනුනේ හැදින්වෙන්නේ කුවේණිය ලතෝනි දුන් එකී ගල් තලාව බව කියැවේ.

මෙම ගල් තලාවේ පිහිටි ඔරුවක හැඩයක් ගත් පොකුණක් කුවේණිය තම දිය ස්නාන කටයුතු සදහා භාවිතා කළේලු.  ඔරු ගල  යනුවෙන් හැදින්වෙන්නේ කුවේණිය දිය නෑ බව කියන මෙම පොකුණයි

අපේ අතීත වංශ කථාවේ එක් ස්ථානයක් වු තෝනිගල පිහිටි ඔරු ගල අද ගල් කඩන්නන්ගේ ග්‍රහණයට නතුවී ඇත.

 

 

 



අදහස් (0)

කුවේනිය දිය නෑ ගලත් ඉවරයි

ෂාෆික් Wednesday, 27 February 2013 05:55 PM

මේවා මහා ජාතික අපරාධ. මෙවැනි දේවල් තමයි සංරක්ෂණය කළ යුත්තේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 06:00 PM

පාර්වතී හරි. අපේ මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරයි. (නි)

:       0       0

ෂිරාන් Thursday, 28 February 2013 08:14 AM

අපේ සේනාවේ කට්ටියට මේක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 February 2013 06:35 PM

කවුරුත් නැද්ද මේවා වලක්වන්න (දී)

:       0       0

කාන්ති Wednesday, 27 February 2013 06:33 PM

තෝනිගල සෙල්ලිපියත් විනාශ වේවිද? (නි)

:       0       0

වසන්ත Wednesday, 27 February 2013 06:37 PM

සල්ලි කියුවොත් ඕනා දෙයක් (දී)

:       0       0

රාළ Thursday, 28 February 2013 08:43 AM

මේක රකින්න අවශ්‍ය බෞද්ධ හැගීම නොව ජාතික හැගීමයි. (නි)

:       0       0

ඩයස් Thursday, 28 February 2013 02:42 PM

ලංකා ඉතිහාසය විනාශ කරන්න ගල්වෙඩිකරුවන්ට ඩයිනමයිට් දාන්න බලය දුන්න කෙනා කවුද? ලංකාදීපය කල මෙහෙයට මල් මිටක්!!! ඉදිරියේදී ලෝකයට හෙලි කරන්න ඔය ගැන තව විස්තර. අපේ ඉතිහාසය මරණ අය අපිත් දැනගත යුතුයි. (නි)

:       0       0

භාතිය Wednesday, 27 February 2013 07:00 PM

කව්ද ඔය තරම් දේවල් කරන්නේ. අපේ සේනාව මේ ගැන විමර්ශනයක් කරන්නයි ඕනේ.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 07:07 PM

අපේ උරුමයන් (දී)

:       0       0

සමන් Wednesday, 27 February 2013 07:44 PM

ජාතික උරුම විනාශ කරනවා (දී)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 07:50 PM

ආරක්ෂා කරලා දෙන්න (දී)

:       0       0

අචිනි Thursday, 28 February 2013 10:25 AM

තව ටික කලකින් සීගිරියත් කියුබ් ගණනට විකුණයිද (ස)

:       0       0

සමන් කුමාර Wednesday, 27 February 2013 07:57 PM

මෙහෙව් මිනිස්සු ඉන්න රටක අපිත් ඉපදුනානේ! (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 27 February 2013 08:33 PM

මේවා ආරක්ෂා කිරීම රජයේ යුතුකමයි. අපේ නිලධාරියෝ නිදි. ඒකයි බල්ලගේ වැඩේ බූරුවට හරි කරන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සංජු Thursday, 28 February 2013 10:40 AM

අපේ ළමයින්ට දැකගන්න, බලාගන්න මොනවද අනාගතයට ඉතිරිකරලා තියෙන්නෙ? මේවාට වගකියන්න ඕනෑ කවුද? ඇයි මේවා නොදැක්කා සේ අහක බලාගෙන මුනිවත රකින්නේ? (නි)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 03:23 PM

මේ රටේ නොසිටිය යුතු අය කොච්චර ඉන්නවද? (නි)

:       0       0

කුරුවිට Wednesday, 27 February 2013 08:57 PM

අපේ උරුමය කරුමක්කාරයින් අතින් විනාශ වෙනවා. (නි)

:       0       0

දීපාල් Wednesday, 27 February 2013 09:36 PM

ඒක විනාස වෙන්න දෙන්න එපා (දී)

:       0       0

තරුෂා Wednesday, 27 February 2013 10:11 PM

ජාතික හැගීමක්, බෞද්ධ හැගීමක් කාටවත් නැහැ. (නි)

:       0       0

සුනිල් Wednesday, 27 February 2013 10:23 PM

ලංකාදීප, ඔබට ස්තූතියි මෙවන් දෙයක් ඉදිරිපත් කිරීම ගැන. අපි කාගෙත් යුතුකමක් අපේ දෙය රැකගැනීම. (නි)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 11:14 PM

ද.මු දසනායක මැතිතුමගේ අඩුව ආණමඩුවට හොදින් දැනෙනවා. (නදී)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 04:05 PM

මෙන්න නියම උරුමකාරයින්ගේ උරුමය විනාස වෙනවා...(ස)

:       0       0

රොෂාන් Wednesday, 27 February 2013 04:09 PM

අයියෝ... අද කුවේණී හිටියනම් පපුව පැලිල මැරෙයි... (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 February 2013 11:50 PM

මේවා රැකිය යුතු බලධාරීනුත්, මේවා විනාශ කරන අයත් වහින විට ප්‍රවේශම් වන්න. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 04:08 PM

පුරා විද්‍යා ඇත්තෝ මේ කතාව නොදන්නා එකමයි හොද. නැත්නම් කැණීම් වලට කියලා කලින්ම ගල කඩන්නේ එයාලා. (නි)

:       0       0

රෝහිත Thursday, 28 February 2013 12:30 AM

කෝ අපේ හාමුදුරුවරු කට්ටිය? (නි)

:       0       0

හර්ෂ Wednesday, 27 February 2013 04:22 PM

වගකිවයුත්තෝ නැද්ද මේවා සොයා බලන්න (දී)

:       0       0

ආසිරි Wednesday, 27 February 2013 04:20 PM

ඒ කියන්නේ තම භාර්යාව දාලා යන එක ඒ කාලෙත් තිබිල නේද? මේක ඉතින් ජාතියේ පුරුදුදක් එහෙනම්...(ස)

:       0       0

ජමී Wednesday, 27 February 2013 04:22 PM

බොදු බල සේනාව මේ වගේ වැඩවලට විරුද්ධ වෙන්නෙ නැද්ද? (නි)

:       0       0

ලීල් Thursday, 28 February 2013 02:09 AM

අම්මා කෙනෙකුගේ දරු දුක දරාගන්න බැරි නිසා තමයි ඇය විලාප දුන්නේ. (නි)

:       0       0

ශීලා Wednesday, 27 February 2013 04:27 PM

කෝ සේනාව?(නදී)

:       0       0

ෆර්සාන් Thursday, 28 February 2013 12:58 PM

කෝ අපේ බොදු බල සේනාව? (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 27 February 2013 04:42 PM

අපේ අය‍ගේ අවධානය හැමදේටම යොමු වෙන්නේ අඩක් හෝ විනාශ වූ පසුවයි. (නි)

:       0       0

පිටිගල Thursday, 28 February 2013 04:18 AM

මේවා දිහා බලද්දී කුවේණියටත් මරණ පරීක්ෂණයක් තියන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සංජීව Wednesday, 27 February 2013 04:45 PM

කෝ පුරා විද්‍යා කට්ටිය? මේවා පුරා විද්‍යාව නෙමෙයිද? (නි)

:       0       0

ෆ්‍රාන් Wednesday, 27 February 2013 04:57 PM

මුස්ලිම් අයද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෙනරත් Thursday, 28 February 2013 05:25 AM

බයවෙන්න එපා. ඔය ගල අර ඉර ඇන්ද සීමාවට විතරක් කඩලා නවතීවි. (නි)

:       0       0

වින්සි Thursday, 28 February 2013 06:00 AM

අහිංසක ගල් කඩන්නන් පිට වරද පටවනු විනා, එම බලපත්‍ර නිකුත් කළවුන් ගැන කතා නොකරන්නේ මන්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 06:51 AM

මේවා විනාශ වෙනවා දකිද්දී පාර්වති වගේ අයට හරි සතුටුයි නේද? (නි)

:       0       0

වීරසිංහ Wednesday, 27 February 2013 05:13 PM

අම්මා තාත්තාත් විකුණගෙන කන කාලේ මේ කළු ගල මොකක්ද? (නි)

:       0       0

පාරු Wednesday, 27 February 2013 05:14 PM

කෝ අර එක එක විදියට කඩාගෙන පනින අය.(නදී)

:       0       0

වරුණ Thursday, 28 February 2013 07:37 AM

රටේ ඉතිහාසය විනාශ කරනකම් පාලකයින් මර නින්දේ. පැත්තකින් දේශපාලකයොත් මේවට හවුල්. (නදී)

:       0       0

උපාලි Thursday, 28 February 2013 07:38 AM

පුරා විද්‍යා ඇත්තෝ නිදිද? මිනිස්සුන්ට ජාතික හැගීමක්, බෞද්ධ හැගීමක් නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 01:51 PM

ෆර්සාන්, ‍බොදු බල සේනාව අවමානයට ලක්කිරීම වැරදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site