කුවේණිය දිය නෑ බව කියන ආණමඩුව - තෝනිගල පිහිටි ඔරුගල ගල් කඩන්නන්ගේ ග්‍රහණයට හසු වී විනාශ වන්නට පටන් ගෙන ඇත.
විජය කුමරු සහ දරු දෙදෙනා තමන් අතහැර පලා ගොස් ඇති බව දැන ගන්නා කුවේණිය ඔවුන් සොයා ලුහු බඳින්නේය. මේ බව දැනගත් විජය කුමරු ආණමඩුවට උතුරින් පිහිටි තෝනිගල දී ඇය එන මඟ සීමා කරමින් ඉරක් ඇන්දේලු. අණ ඉර නමින් හඳුන්වන මෙම ඉර අදටත් තෝනිගල ගල්තලාවේ පැහැදිලිවම දක්නට ඇතැයි ජනප්‍රවාදය කියයි.
අණ ඉර අසලට පැමිණ තමන්ගේ සීමාව අවසන් වී ඇති බව දැනගත් කුවේණිය එම ස්ථානයේ සිට ලතෝනි දුන්නේලු. වර්තමානයේ තෝනිගල යනුනේ හැදින්වෙන්නේ කුවේණිය ලතෝනි දුන් එකී ගල් තලාව බව කියැවේ.
මෙම ගල් තලාවේ පිහිටි ඔරුවක හැඩයක් ගත් පොකුණක් කුවේණිය තම දිය ස්නාන කටයුතු සදහා භාවිතා කළේලු. ඔරු ගල යනුවෙන් හැදින්වෙන්නේ කුවේණිය දිය නෑ බව කියන මෙම පොකුණයි
අපේ අතීත වංශ කථාවේ එක් ස්ථානයක් වු තෝනිගල පිහිටි ඔරු ගල අද ගල් කඩන්නන්ගේ ග්‍රහණයට නතුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහා ජාතික අපරාධ. මෙවැනි දේවල් තමයි සංරක්ෂණය කළ යුත්තේ. (නි)
පාර්වතී හරි. අපේ මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරයි. (නි)
අපේ සේනාවේ කට්ටියට මේක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)
කවුරුත් නැද්ද මේවා වලක්වන්න (දී)
තෝනිගල සෙල්ලිපියත් විනාශ වේවිද? (නි)
සල්ලි කියුවොත් ඕනා දෙයක් (දී)
මේක රකින්න අවශ්‍ය බෞද්ධ හැගීම නොව ජාතික හැගීමයි. (නි)
ලංකා ඉතිහාසය විනාශ කරන්න ගල්වෙඩිකරුවන්ට ඩයිනමයිට් දාන්න බලය දුන්න කෙනා කවුද? ලංකාදීපය කල මෙහෙයට මල් මිටක්!!! ඉදිරියේදී ලෝකයට හෙලි කරන්න ඔය ගැන තව විස්තර. අපේ ඉතිහාසය මරණ අය අපිත් දැනගත යුතුයි. (නි)
කව්ද ඔය තරම් දේවල් කරන්නේ. අපේ සේනාව මේ ගැන විමර්ශනයක් කරන්නයි ඕනේ.(නදී)
අපේ උරුමයන් (දී)
ජාතික උරුම විනාශ කරනවා (දී)
ආරක්ෂා කරලා දෙන්න (දී)
තව ටික කලකින් සීගිරියත් කියුබ් ගණනට විකුණයිද (ස)
මෙහෙව් මිනිස්සු ඉන්න රටක අපිත් ඉපදුනානේ! (නි)
මේවා ආරක්ෂා කිරීම රජයේ යුතුකමයි. අපේ නිලධාරියෝ නිදි. ඒකයි බල්ලගේ වැඩේ බූරුවට හරි කරන්න වෙලා තියෙන්නේ.(නදී)
අපේ ළමයින්ට දැකගන්න, බලාගන්න මොනවද අනාගතයට ඉතිරිකරලා තියෙන්නෙ? මේවාට වගකියන්න ඕනෑ කවුද? ඇයි මේවා නොදැක්කා සේ අහක බලාගෙන මුනිවත රකින්නේ? (නි)
මේ රටේ නොසිටිය යුතු අය කොච්චර ඉන්නවද? (නි)
අපේ උරුමය කරුමක්කාරයින් අතින් විනාශ වෙනවා. (නි)
ඒක විනාස වෙන්න දෙන්න එපා (දී)
ජාතික හැගීමක්, බෞද්ධ හැගීමක් කාටවත් නැහැ. (නි)
ලංකාදීප, ඔබට ස්තූතියි මෙවන් දෙයක් ඉදිරිපත් කිරීම ගැන. අපි කාගෙත් යුතුකමක් අපේ දෙය රැකගැනීම. (නි)
ද.මු දසනායක මැතිතුමගේ අඩුව ආණමඩුවට හොදින් දැනෙනවා. (නදී)
මෙන්න නියම උරුමකාරයින්ගේ උරුමය විනාස වෙනවා...(ස)
අයියෝ... අද කුවේණී හිටියනම් පපුව පැලිල මැරෙයි... (ස)
මේවා රැකිය යුතු බලධාරීනුත්, මේවා විනාශ කරන අයත් වහින විට ප්‍රවේශම් වන්න. (නි)
පුරා විද්‍යා ඇත්තෝ මේ කතාව නොදන්නා එකමයි හොද. නැත්නම් කැණීම් වලට කියලා කලින්ම ගල කඩන්නේ එයාලා. (නි)
කෝ අපේ හාමුදුරුවරු කට්ටිය? (නි)
වගකිවයුත්තෝ නැද්ද මේවා සොයා බලන්න (දී)
ඒ කියන්නේ තම භාර්යාව දාලා යන එක ඒ කාලෙත් තිබිල නේද? මේක ඉතින් ජාතියේ පුරුදුදක් එහෙනම්...(ස)
බොදු බල සේනාව මේ වගේ වැඩවලට විරුද්ධ වෙන්නෙ නැද්ද? (නි)
අම්මා කෙනෙකුගේ දරු දුක දරාගන්න බැරි නිසා තමයි ඇය විලාප දුන්නේ. (නි)
කෝ සේනාව?(නදී)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
අපේ අයගේ අවධානය හැමදේටම යොමු වෙන්නේ අඩක් හෝ විනාශ වූ පසුවයි. (නි)
මේවා දිහා බලද්දී කුවේණියටත් මරණ පරීක්ෂණයක් තියන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
කෝ පුරා විද්‍යා කට්ටිය? මේවා පුරා විද්‍යාව නෙමෙයිද? (නි)
මුස්ලිම් අයද දන්නෙ නැහැ. (නි)
බයවෙන්න එපා. ඔය ගල අර ඉර ඇන්ද සීමාවට විතරක් කඩලා නවතීවි. (නි)
අහිංසක ගල් කඩන්නන් පිට වරද පටවනු විනා, එම බලපත්‍ර නිකුත් කළවුන් ගැන කතා නොකරන්නේ මන්ද? (නි)
මේවා විනාශ වෙනවා දකිද්දී පාර්වති වගේ අයට හරි සතුටුයි නේද? (නි)
අම්මා තාත්තාත් විකුණගෙන කන කාලේ මේ කළු ගල මොකක්ද? (නි)
කෝ අර එක එක විදියට කඩාගෙන පනින අය.(නදී)
රටේ ඉතිහාසය විනාශ කරනකම් පාලකයින් මර නින්දේ. පැත්තකින් දේශපාලකයොත් මේවට හවුල්. (නදී)
පුරා විද්‍යා ඇත්තෝ නිදිද? මිනිස්සුන්ට ජාතික හැගීමක්, බෞද්ධ හැගීමක් නැහැ. (නි)
ෆර්සාන්, බොදු බල සේනාව අවමානයට ලක්කිරීම වැරදියි. (නි)