බකමූණ ඇලහැර වෙළන්කටුවෙන් කුවෙට් කුවෙට් ගිය කේ.ටී.නාලනී පෙරේරා (23) කුරිරු වධ හිංසා වලට ලක් වී දෙවසරකට පසු ඇඳි වතින් ගෙදර ආවාය.
හාම්පුතාට හුනියම් කළැයි ඇයටද පිලිපීන සේවිකාවකටද පහරදී තිබේ.
2010 -10-10 වැනි දින මසකට රුපියල් 20000 ක වැටුපකට ඇය කුවෙට් පාහිල් ප්‍රදේශයේ ගෘහ සේවයටගියාය. එම නිවසේ පිලිපින ජාතික කාන්තාවකට හා මෙම තරුණියට නිවෙස් හිමියා පහර දි ඇත්තේ හුනියම් කළ බව පවසමිනි.
පිලිපීන කාන්තාවගේ ලේ පැල්ලම් පමණක් නිවසේ දුටු බවත් ඇය කාන්තාරයට ගොස් දැමු බව ඇය කියන්නීය.
මෙම තරුණිය කාමරයකට දමා පැය ගණනාවක් පොලු වලින් ඇගේ ඉනෙන් පහළ ප්‍රදේශවලට හා පිටට පහර දී ඇත.
පසුව ඇයට වැටුප් නොදි ලංකාවට එවා ඇත. පසු ගිය 17 වැනි දා ලංකාවට පැමිණි ඇය දඹුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලැබුවාය.
ඇයගේ මව කේ.ජී.මේරීනෝනා (61) හඩා වැටෙමින් ඇගේ තුවාල වලට බෙහෙත් තෙල් ගල්වන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිනා යනවා (දී)
ජනාධිපතිතුමනි, ඇයි ශ්‍රී ලාංකික කාන්තාවන්ට මෙවන් කරදර, විපත් සිදුවන්නේ. කොතනක හෝ වැරැද්දක් ඇති. ඔබේ අවධානය යොමුකරන්න. (නි)
ඕවට යන එක නැවැත්තුවා නම් කථාව ඉවරයිනේ ...(ස)
ලංකාවේ ගොඩක් හොද මිනිස්සු ඉන්නවා. රැකියාවට යන විට බබාල බලාගන්න ලංකාවෙන් කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. රුපියල් 15000/= ක් පඩි දීලා නිතර ගෙදර යන්න පුලුවන් ලංකාවේ රස්සාවකට වඩා කෙල්ලෝ කැමති රට ගිහින් වැසිකිලි හෝදන්න. ගුටිකන්න, පඩිත් නැතුව අබ්බගාත වෙලා ගෙදර එන්න. ගුටි වුනත් රට ගුටිනේ.(නදී)
අයියෝ ලංකාවට වෙලා හිටියානම් ඉවරයිනේ (දී)
මනුෂ්‍යයෙක් විසින් තවත් මනුෂ්‍යයෙකුට පහරදීම හෙළාදැකිය යුතුයි. නමුත් හූනියම් කිරීම නම් පාපකාරී වැඩක්. (නි)
ඇයි මේ වගේ මිනිස්සු ඉන්න රටවලට අපේ කාන්තාවන් යවන්නේ. දැන්වත් සල්ලිවට ආත්ම ගෞරවය පාවා දෙන එක නවත්වන්න.(නදී)
රට යන්න පෙර ඒ ගැන හොදින් දැනුවත්වෙලා ඕනෑ යන්න. (නි)
අරාබි අයට කවදාවත් ලංකාවට එන්න අවශ්‍ය වෙන්නෙ නැහැ රොෂාන්. එයාලා සල්ලි උඩ තමයි නිදාගෙන ඉන්නෙත්. (නි)
කරුණාකර කාන්තාවන් මැදපෙරදිග යැවීම නවත්වන්න.(නදී)
තෙල් සල්ලිවලට නැමෙන තානාපති සේවාවෙන් වැඩක් තියෙයිද?(නදී)
සමහර අයට රට ගිහින් වැඩකන එක නම්බුවක්. අලේ අම්මාට උදව් කරන්න කෙනෙක් හෙව්වා රුපියල් 12000/=-15000/= පඩියට. කෑම බීම සියළුම දේ දීලා. නමුත් අහන අය කියන්නේ රට යන්න ඉන්නේ කියලා.(නදී)
හාම්පුතාට අලුත්ම හූනියමක් යවමුකෝ මකබෑවෙලාම යන්න. (නි)
රට යන්න එපා කියන අයගෙන් මම මේ අහන්නේ. චීන ජපන් වගේ ආර්ථිකයක් ගොඩනැගීමට දිනකට පැය 16 වැඩ කිරීමට ලෑස්තිද? උද්ඝෝෂන හොරකම් වංචා නැවතීමට ලෑස්තිද? දේශපාලන වන්දිභට්ටකම්, කකුලෙන් ඇදිලි නැවැත්වීමට ලෑස්තිද?(නදී)
ගහන එක නම් ඇයි ගහලා තියෙනවා තෙල් ගාන්න, මදි නොකියන්නම. (නි)
මෙතනත් කතාකරන්නේ සිංහලයෝ ගැන විතරද, ලාංකිකයෝ ගැන නෙවෙයිද? ඇයි දෙමළ, මුස්ලිම් රට යන්නේ නැද්ද?(නදී)
මම මේ රට යන්න එපා කියන අයගෙන් අහන්නේ. අපි රට නොගියොත් ලංකාවේ ඉන්න ඔයාලා පත්කරපු ඇමතිතුමා ඉන්ටකූලර් එකෙන් යන්නේ කොහොමද?(නදී)
ඔය හදන බෞද්ධ රාජ්‍යට අපේ දේශපාලකයො කීදෙනෙක් ගන්නවද දන්නෙ නැහැ. (නි)
කුරිරු කුරාණය සහ කෘර ෂරියා නීතිය…. (නි)
ලංකාවේ මානව හිමිකම් ගැන කතාකරන අය ඩයස්පෝරාවෙන් ලැබෙන ඩොලර් ගැන විතරයි කතා කරන්නේ. මේ දේවල් කතා නොකරන්නේ ඇයි.(නදී)
ඔබ ගෘහ සේවිකාවක් ලෙස මැදපෙරදිග යන්න ප්‍රථම එහි භයානකකම ගැන හිතන්න.(නදී)
කෝ! බොදු බල සේනාව.(නදී)
මේ වගේ රටවලට අපේ සහෝදරියෝ වහල් සේවයට යවන එක දැන්වත් නවත්වන්න ඕන. (නදී)
ඔය වගේ රටවලට ගිහින් රු.20000ක් ගන්නවාට වඩා හොඳයි ලංකාවේ ගාමන්ට් ෆැක්ට්‍රියකට ගියානම්. ඊට ආසන්න මුදලක් ගන්න පුළුවන් තමන්ගේ රටේ ඉඳගෙනම (ස)
පලිගන්න හොද නැහැ. ඔය අරාබි කාරයෝ මෙහෙට අපු දාට උන්දලටත් හොදට සිංහල බතේ හයිය පෙන්නුවොත් හොදා.(නදී)
කෝ! බොදු බල සේනාව කෝ! බොදු බල සේනාව කෝ! බොදු බල සේනාව(නදී)
කෝ සේනාව?(නදී)
කෝ අර කාන්තා සංවිධානේ? ඉන්දියාවේ ගිහින්ද? (නි)
හිල්මි කළු කුමාර කියන්නේ මෝහිණීගේ මිනිහා. (ස)
කාන්තාවන් වහල් සේවයට යවා සුරසැප විදින සියලු දෙනාට අවිචි මහ නරකාදියට ටිකට් ලැහැස්තියි.(නදී)
සිල්වා, දැන් එතකොට ලෝකයේ අනෙක් රටවල් පාලනය වෙන්නේ දස රාජ ධර්මයෙන්ද? (නි)
මට හිනා යනවා අනේ (දී)
ඒ මිනිස්සු ඔය වැඩ විස්වාස කරනවාද (දී)
හොඳ අදහස රූපා මෙයට ලිව්වේ. හැමෝම දෙතුන් පාරක් කියවන්න...(ස)
ඔය කෲර රටවලට යන එක දැන්වත් නවත්තන්න.(නදී)
ඇයි ඔය වගේ රටවල්වලට යන්නේ.(නදී)
මාධ්‍ය තුළින් මැද පෙරදිග තත්ත්වය ගැන පුළුල් ප්‍රචාරයක් කරලත් ඇයි දන්නෙ නැහැ මෙහෙම යන්නේ? (නි)
රජය කෙළින් තීරණයක් නොගන්නා තාක්කල් අපි මොනවා කරන්නද (නි)
කාන්තා සංවිධාන ටික ජිනීවා යන්න ඇති ඒකයි නිහඬ...(ස)
මේවට පව් පව් කියල හූල්ලන එක තේරුමක් නෑ. යන අයයි, යවන අයයි දෙගොල්ලොම වග කියන්න ඕන . රටේ ඉන්න නූගත් ගෑනු අරාබියට විකුනල රටක ආර්ථිකය හදන්න පුළුවන් කියල හිතන අය ඉන්නකල් මේව නවත්තන්න බැ. අනිත් අතට රට යන ගෑනු වැඩිදෙනෙක් යන්නේ යන්නන්වාලේ මිසක් දුප්පත්කම නැතිකරගන්නම නෙමේ. රුපියල් 20,000/=ක් හොයන්න රට ගිහින් කක්කුස්සි හෝදල රටේ නම්බුව බල්ලට දාන්න ඕනද ? අද දවසට වරුවක් රබර් කිරි කැපුවොත් රුපියල් දාහක් ගෙදර ඉඳන් හොයන්න පුළුවන්. මාසෙක දවස් විස්සෙන් ඔය ගාන හොයල ඉතුරු දවස් දහය ලමයි බලාගෙන ගෙදර ඉන්න පුළුවන් !(නදී)
මේ වගේ අසාධාරණ වලට එරෙහිව වහාම පියවර ගන්නයි, වහාම හිගවැටුප් ලබා දෙන්නයි කියලා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයට සහ විදේශ කටයුතු අමාත්‍යංශයට බලකරලා අපි කියා හිටනවා.(නදී)
ලංකා මෝඩ කතා කියන්න එපා. හෙට නැවක් නාවොත් රටම හාමතේ. හැබැයි ඔයාලා වගේ අයගේ පුරාජේරුව නම් අඩු නැහැ.(නදී)
රජය වහාම මීට නිසි පිළියමක් යෙදිය යුතුයි. (නි)
ඔබ ඔබේ මවට ආදරය කරන සේම සෑම කාන්තාවකටම ගෞරවය කරන්න. කාන්තා වහල්සේවය නතර කිරීමට ඉහළ නිලධාරීන් මැදිහත්ව ගෞරවාන්විත විදියට කාන්තාවන්ට රැකියා කළ හැකි සේ ලෝකයේ ඉහළ රැකියා සදහා කාන්තාව පුරුදු කරන්න.(නදී)
මෙවන් අපරාධකරුවන්ට අපේ අල්ලා දෙවියන් අනිවාර්යයෙන් දඩුවම් දෙනවා. (නි)
කරනවානම් අන්න වැඩේ (දී)
රූපා මේ ටිකත් එකතුකරගන්න. ජාති වාදී ආගම්වාදී නැවැත්වීමට කැමතිද?(නදී)
අපිට වෙන වෙන වැඩ නැහැ හොදේ (දී)
අරාබි කාරයන්ගේ බැලමෙහෙවරකම් කරන්න කාන්තාවන් යවන එක නවත්වන්න කාලය හරි.(නදී)
ඒ මිනිස්සු පිලි ගන්නවාද ඒ වැඩ (දී)
හයිවේ හැදුවට, ගුවන් පාලම් හැදුවට රටක් සංවර්ධනය කරන්න බැහැ. අනේ අපේ රටේ ගැහැණු විදින දුකක්! (නි)
ඔය වගේ අමනුස්ස වැඩ කරන අය ලෝකේ කොහෙත් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. බොරුද මම කියන්නේ.(නදී)
වෙන වැඩ නැහැනේ (දී)
මේවට ෂරියා නීතිය අදාල නැද්ද? (නි)
කාන්තාවන් රට යවන එක එකපාරටම නවත්වන්න අමාරුයි තමයි. නමුත් පුහුණූවක් සමග තරුණයින් රට යවන එක ඊට වඩා වැදගත්. (නි)
අපොයි බලාගෙන (දී)
කුවෙයිට් නිසා බේරුනා. සවුදි උනානම් ඔහොම නෙවෙයි, කස පහර 100ක් සෙල්ලම් නෑ (ස)
ලංකාවේ මිනිස්සු සල්ලි සොයන්න රට යති. ඉන්දියාවේ මිනිස්සු ගොයම් කපන්න ගෙන්න ගති. (ස)
දැන් අපේ රටේ ගෑනු අය කී දෙනුකුට මෙහෙම අපරාධ වුණාද? රිසානාට මොකද වුණේ? අහෝ! ලංකාවට ගිය කලක්... සදාම් හුසේම්ට ජයවේවා! (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
මීට ඉස්සරහට තව හුගක් දේවල් අහන්න ලැබෙයි. (නි)
චාමර, මිනිස්සු රට යන්නේ කෑම වියදම හොයා ගැනීමට නෙමෙයි. ගෙවල් දොරවල් හදාගන්න, හොද අධ්‍යාපනයක් ලබා දෙන්න, දෑවැදි, ලෙඩරෝග වලට යන මුදල් හොයන්න. රබර් කිරි කපලා ඕවා කරන්න බැහැ. ඔයා දන්නවද ලංකාවේ ළමයි 45% ක් මන්ද පෝෂනයෙන් පෙලෙනවා කියලා. (නදී)
දැන් මේ වුණ දේවල් හොදටම ඇති නේද? (නි)
කෝ අපේ බොදු බල සේනා? (නි)
අපි රට ඇවිල්ලා මෙහෙම වැඩ නොකළා නම් අද සමහරු විදින සුරසැප විදින්නේ කොහොමද? (නි)
නිමලෝ , මගේ කුඹුරු තියෙනවා, ලංකාවට නැවෙන් ලුණු ගේන්නේ නැනේ . මට කඩෙන් ගන්න ඕනේ ලුණු විතරයි . අවුරුදු එකහමාරක් විතර කන්න ව් තියෙනව . ඔයාලා ලෝකේ අල්ලන්න ගිහින් අතරමන් උනාට අපී පලි නැ . මේ රටේ නිෂ්පාදන හැකියාව වැඩි කරලා මිනිස්සුන්ට ජොබ් දෙන්න විදියක් හිතන්න අඩු ගානේ දහයක් පහළවට කන්න දෙන්න පුළුවන් විදියේ දෙයක් කරන්න බල්ලන්න. මේවා පරණ කවි කියල ගන්න එපා . ඔයාලට තිබ්බ නිවහල් කම ඔයාලම තමා නැති කරගත්තේ . (නදී)
අපේ ගෑණු ගුටි කාල නෙමෙයි, අත පය කෑලි කෑලි කඩලා පෙට්ටි හය හතක ආවත් ඔය වහල් සේවෙට යවන එක නවත්තන්න බැහැ. මේවා නතර කරන්න කිය කියා කෑගහලා වැඩක් නැහැ. හොඳට හිතලා බලලා ඉන්ජිනියර් කෙනෙක්ටවත් ඡන්දෙ දීපල්ලා! (නි)
අදාළ රටවල තානාපතිවරුන් මිනිසුන්ගේ ප්‍රශ්න නෑසූ කණ්ව සිටීම තමයි මේකට හේතුව. (නි)
මේ වගේ රටවලට අපේ සහෝදරියෝ වහල් සේවයට යවන එක දැන්වත් නවත්වන්න ඕනෑ. (නි)
මේ ගෞතම බුද්ධ රාජ්‍යයි ! අධර්මයට එරෙහිව සටන් වැදිමට දියසෙන් බලකායට සෙබලුන් බඳවා ගැනේ. ඔබත් පංචශීලය රකින ප‍්‍රඥාවන්ත අභීත සිංහලයෙක් නම් එන්න අප හා එක් වන්න. ”චිරං රක්ඛංතු ශාසනං” දියසෙන් බලකාය, බොදු බල සේනාව. (ස)
කාන්තාවන්ගේ දහඩිය කදුලින් සුර සැප විදින පිරිමි සංහතියක් සිටින එකම රට මේක වෙන්න ඇති. (නි)
මොන තරම් ප්‍රතිචාර දැම්මත් අපේ කාන්තාවෝ මැරුවත්, වදහිංසා දුන්නත්, ශ්‍රී ලංකා රජය ගෘහ සේවිකාවන් රට යවනවා. ඒක නතර කරන්නේ නෑ. හොඳම දේ සහෝදරියෝ, බිරිඳ, දුව, රට යවන්නේ නැතුව ඉන්න එකයි. (ස)
සම්තින් ෆෝ සම්තින් නතින් ෆෝ නතින්... (නි)
මොනතරම් ප්‍රතිචාර දැම්මත්, අපේ කාන්තාවෝ මැරුවත්, ශ්‍රී ලංකා රජය කාන්තාවන් රට යවන එක නවත්තන්නේ නැහැ. හොදම වැඩේ සහෝදරියන්ව, බිරින්දෑවරු රට නොයවා ඉන්න එකයි.(නදී)
අපි හැමෝම එකතුවෙලා අපේ සහෝදරියන් වෙනුවෙන් මහා රැළියක් පවත්වමු. (නි)
අපේ රටේ අහිංසකයො අරාබින්ට විකුණලා ඒ සල්ලි වලින් රජ සැප විදිනවා වගේ වැඩක් නෙ මේක. (නි)
ලංකා, ඔබ හරි. මමත් ඉන්නේ ඔබේ පැත්තේ. (නි)
වෛරය පැතිරවිමෙන් වෙන්නේ කළු කුමාර අධිරාජ්‍යයෙන් තමන්ව ඉවතට විසි වීමයි. එමනිසා කළයුත්තේ මෛත්‍රිය වැඩීමයි. (නි)
ලංකාව දස රාජ ධර්මයට අනුව පාලනය වෙනවා නම් කාන්තාවන් රට යවන්න වුවමනාවක් නැහැ. (නි)
කළු කුමාර ඔබ හොඳ ආගම් වාදියෙක් නොවේ. ඔයා කොහේ බුද්ධ රාජ්ජය ගැනද ලියලා තියෙන්නේ...(ස)
කවුද මේ කළු කුමාරයා? (නි)
ලංකා සිංහල බතේ හයිය පෙන්නන්ට අපට මොනවද තියෙන්නේ...(ස)
ලංකා, ගොනා බැඳී කරත්තෙන්ද ගමන් බිමන්? අඩුම තරමේ අත් ට්‍රැක්ටරයක්වත් නැද්ද කුඹුරේ වැඩට? ඒක දුවන්නේ වතුරෙන්ද? ඔබ පාවිච්චි කරන පරිගණකය අපේ රටේ හදපු එකක්ද? ජංගම දුරකතනයක් එහෙම නැත්ද? ඒක අපි හදපු එකක්ද? අපේ සොහොයුරියක් කරදරේක වැටුනම අර, ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අන්න වගේ කතාකරන ඒක හරි නෑ නේද? (නදී)
අනේ සිරිකතට වෙච්ච දෙයක්.(නදී)
නැගෙනිය, මේ අපේ මබ් බිමේ උතම් ආර්ය සත්‍ය පවතිනවා. ඒ උතුම් සද්ධර්මය රැක ගැනීමත් ලෞකිකත්වය හබා ගොස් හෙම්බත් වන ලෝකයාට සදහම් සිසිලස ලබා දිමත් සිංහල අපගේ යුතුකමයි. ඒ අරභයා මෙයින් ආරම්භ වන බුද්ධ රාජ්‍ය ඉදිරියේ දි ලෝක බෞද්ධ අධිරාජ්‍යයක් වනු ඇත. බුදු සරණයි ! (ස)
අවුරුදු ගණනක් අපි මේ දුක දැක්කා. දැන්වත් මේක නවත්වමු. (නි)
පාරමිතා වල හයිය තමයි. (නි)
අන්න හලාල් සහතිකය දීපු අය ලංකාවෙන් ඉවත් වෙලාලු. දැන් ජීවන වියදම අඩුවෙයි. නංගිලාට රට යන්න වෙන්නෙත් නැතිවෙයි.(නදී)
දුප්පත් අපි අපිම මේවට විසදුම් හොයාගන්නවා ඇරෙන්න බිහිරි අලින්ට වීණා වාදනය කරලා වැඩක් නැහැ. (නි)
ඇත්තටම මේ හාම්පුත්තුන්ට හූනියම් කරන්නම තමයි තියෙන්නේ. (නි)
මුස්ලිම් රට වලට කාන්තාවන් යැවීම නතර කරන්නේ කවදාද? (නි)
ගහලා මැරුවත් ගෑණු රටයවන එක නම් නවත්වන්නේ නැහැ. (නි)
නිකම්ම ඒ අය ගහයිද? මෙයාගෙත් මොනවා හරි වැරදි ඇති.(නදී)
කවදාවත් අපේ මිනිස්සු තේරුම් ගන්න එකක් නැහැ. බලධාරීනි, මේ දුක් විඳින්නේ අපේ රටේ කාන්තාවන් ඒ වගේම රටේ අභිමානය. ආසියාවේ අසිරිමත් රට කරා යන ගමනේ වඩ වඩාත් සිතිය යුතු කරුණක් මේක. තව දුරටත් අපේ රටේ කාන්තාවට පරජාතීන්ගෙන් හිරි හැර විඳින්න දෙන්න එපා. (නි)
ලංකාවේ රුපියල් 20000ක් හොයන්න ඔච්චර අමාරුද? (නි)
මේකනේ වැඩේ. කවුරුත් බලෙන් යවන්නෙ නැහැ. අපේ අයට හිතේ මෙහෙ හොද සැප කියලා. යන අය දනගන්න ඕනෑ මේවා දැකලවත් නොයා ඉන්න. (නි)
දැන් මේවා ගැන ඇමතිතුමා මොකද කියන්නේ. අපි ඉදිරියට පොලිසියත් සමග පර්යේෂන පවත්වනවා කියයි.(නදී)
ඉන්දික, ඒ වුණාට අපේ සමහර අය කෑගහන්නේ කාන්තාවන් මැදපෙරදිග යැවීම නතර කරන එක මහා මෝඩකමක්ලු . එහෙම කියන ඇතැම් පිරිමි බලන්නේ තමාගේ බිරිද රට යවලා ගෙදරට වෙලා පිරිමිකම ගැහැණුකමට උකස් කර සැප විදින්න. අනේ මෙහෙම පිරිමි. (නි)
අරාබියේ අයටත් කවදාහරි ලංකාවට එන්න වෙනවා. (නි)
වැඩ නැහැනේ වෙන (දී)
කීයක් ඔට්ටුද මෙයා ආපහු රට යනවා... (ස)
කළු කුමාර .... අර නයි කෙල්ලගේ රෝගෙ හැඳුනද (ස)
කවුරු හරි ගිලන් රථයකට කථා කරන්න කළු කුමාරට අමාරුයි... (ස)
මේ මිනිස්සු රට යන්නේ අයිචර්යට යන්නට නොව දුප්පත් කමින් ගොඩ එන්නයි. මේක නවත්වනවා නමි කෝටියකට වඩා සිංහලයින් ඉන්න රටේ දේශපාලනයෙන් තොර සිංහල සංවිධානයක් සිංහලයා වෙනුවෙන් පිහිටවිය යුතුයි. සිංහලයා වෙනුවෙන් කෑගහන අයට මට කියන්න තියෙන්නේ එච්චරයි.(නදී)
කළු කුමාර ගෙවල් අංගොඩද?? (ස)
නිකම්ම ගහන්න අරාබි හාම්පුතුන්ට පිස්සු නැහැ. මෙයාගේ මෙනෙවා හරි වරදක් ඇති. (නදී)