දිගන වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැති කලාපීය කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ රන් කාණ්ඩයේ ජය හිමිකර ගැනීමට චලිත පුෂ්පික සමත් විය. රිදී කාණ්ඩයේ ජය සෆාර් සිකන්දර් විසින් හිමිකර ගනිද්දී ලෝකඩ කාණ්ඩයේ ජය අට හැවිරිදි කී‍්‍රඩිකාවක් වන ඕ. කි‍්‍රයාවත් දිනාගත්තාය.
රන් කාණ්ඩයේ ශූරතාව හිමි කරගත් චලිත පුෂ්පික එම කාණ්ඩයේ අනුශූරතාවට හිමිකම් කී ආර්. එල්. ඉලෙය රාජාට වඩා පහර 12 ක් අඩුවෙන් තරගය නිමා කළේය.
රිදී කාණ්ඩයේ ශූරතාව දිනූ 14 හැවිරිදි සෆාර් සිකන්දර් එම කාණ්ඩයේ අනුශූරතාව දිනූ ප‍්‍රිශාන් පීරිස්ට වඩා පහර 7 ක් අඩුවෙන්ද, ලෝකඩ කාණ්ඩයේ ශූරතාව දිනූ ඕ. ක‍්‍රියාවත් එම කාණ්ඩයේ අනුශූරතාව දිනූ කයිලා පෙරේරාට වඩා පහරක් අඩුවෙන් ද තරග නිමා කළහ.
ප‍්‍රීමා අයතනයේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ලද මෙම තරගාවලියට වයස අවුරුදු 8 සිට 17 දක්වා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 43 දෙනෙක් සහභාගී වුහ.
තරග ප‍්‍රතිඵල
රන් කණ්ඩය
1 - චලිත පුෂ්පික 86 + 80 = 166
2 - ආර්. එල්. ඉලෙය රාජා 92 + 96 = 178
3 - එල්. ධනුකරන් 93 + 94 = 187
රිදී කාණ්ඩය
1 - සෆාර් සිකන්දර් 73 + 84 = 157
2 - ප‍්‍රිශාන් පීරිස් 83 + 81 = 164
3 - ජී. ධනරංජන් 95 + 89 = 184
ලෝකඩ කාණ්ඩය
1 - ඕ. ක‍්‍රියාවත් 53 + 56 = 109
2 - කයිලා පෙරේරා 50 + 60 = 110
3 - විනුක් වැලිකල 53 + 60 = 113

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd