දිගන වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැති කලාපීය කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ රන් කාණ්ඩයේ ජය හිමිකර ගැනීමට චලිත පුෂ්පික සමත් විය. රිදී කාණ්ඩයේ ජය සෆාර් සිකන්දර් විසින් හිමිකර ගනිද්දී ලෝකඩ කාණ්ඩයේ ජය අට හැවිරිදි කී‍්‍රඩිකාවක් වන ඕ. කි‍්‍රයාවත් දිනාගත්තාය.
රන් කාණ්ඩයේ ශූරතාව හිමි කරගත් චලිත පුෂ්පික එම කාණ්ඩයේ අනුශූරතාවට හිමිකම් කී ආර්. එල්. ඉලෙය රාජාට වඩා පහර 12 ක් අඩුවෙන් තරගය නිමා කළේය.
රිදී කාණ්ඩයේ ශූරතාව දිනූ 14 හැවිරිදි සෆාර් සිකන්දර් එම කාණ්ඩයේ අනුශූරතාව දිනූ ප‍්‍රිශාන් පීරිස්ට වඩා පහර 7 ක් අඩුවෙන්ද, ලෝකඩ කාණ්ඩයේ ශූරතාව දිනූ ඕ. ක‍්‍රියාවත් එම කාණ්ඩයේ අනුශූරතාව දිනූ කයිලා පෙරේරාට වඩා පහරක් අඩුවෙන් ද තරග නිමා කළහ.
ප‍්‍රීමා අයතනයේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ලද මෙම තරගාවලියට වයස අවුරුදු 8 සිට 17 දක්වා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 43 දෙනෙක් සහභාගී වුහ.
තරග ප‍්‍රතිඵල
රන් කණ්ඩය
1 - චලිත පුෂ්පික 86 + 80 = 166
2 - ආර්. එල්. ඉලෙය රාජා 92 + 96 = 178
3 - එල්. ධනුකරන් 93 + 94 = 187
රිදී කාණ්ඩය
1 - සෆාර් සිකන්දර් 73 + 84 = 157
2 - ප‍්‍රිශාන් පීරිස් 83 + 81 = 164
3 - ජී. ධනරංජන් 95 + 89 = 184
ලෝකඩ කාණ්ඩය
1 - ඕ. ක‍්‍රියාවත් 53 + 56 = 109
2 - කයිලා පෙරේරා 50 + 60 = 110
3 - විනුක් වැලිකල 53 + 60 = 113
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලාපීය කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ චලිත රන් කාණ්ඩයේ ශූරතාව දිනාගනී