කැලණිය ආසනයේ දේශපාලන අපරාධවලට එරෙහිවන්නවුනට අසත්‍ය හා අභූත චෝදනා එල්ල වන  බවත්, මේ සම්බන්ධයෙන් කැලණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බලධරයන් දැනුවත් කර ඇති බවත්, එසේ තිබියදීත් ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මරා දැමීම අතිශය කම්පාවට හා සංවේගයට හේතුවක් බවත් කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇතුළු කැලණිය හා පෑලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 13 දෙනෙක් ජනධිපති තුමාට අද ලිපියක් බාර දුන්හ.

හසිත මඩවල මහතාගේ අවමගුල් ගෙදරදී බාර දුන් මේ ලිපියෙන් ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ඔවුන්ගේ පවුල්වල උදවිය සහ පක්ෂ සාමාජිකයනට ආරක්ෂාව සපයන ලෙසයි.

කැලණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රසන්න රණවීර, නිශාන්ත දුමින්ද පෙරේරා,  ශාන්ති කුමුදුනී, මෙල්රෝයි පෙරේරා, කේ එම් ලංකා විජිත කුමාර, ජයන්ත කබ්රාල්, සුනිල් සොයිසා, එච් ඩී සෝමවර්ධන, චතුර ධනුෂ්ක, ඔෂාන් නන්දසිරි සහ නදීක සම්පත් මන්ත්‍රීවරු ද පෑලියගොඩ නගර සභාවේ සරත් සිල්වා, කේ ඩී ආනන්ද සහ දර්ශන අඹවත්ත මන්ත්‍රීවරුන් ලිපියට අත්සන් තබා ඇත.