කැලණිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිවිටකත් බිය නොවන බවත් නියම වරදකරුවන්ට දඩුවම් ලැබෙනු ඇති බව තමන් අපේක්ෂා කරන බවත් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති.
කිරිබත්ගොඩ පොළ බදු දීම , හුණුපිටිය ජයන්ති මහල් කඩ කාමර 16 ක් බදු දීම ඇතුළු පරිපාලනමය චෝදනා හතරක් සම්භන්ධව චෝදනා එල්ලවී ඇති අතර බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ ගැන සෙවීමට කමිටුවක් පත් කර ඇත. පරීක්ෂණය සඳහා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 22 වන දින උදෑසන 9.30 ට සාවස්ති මන්දිරයට කැඳවනු ලැබ සිටිති.
ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා මෙසේ කියයි.
‘අපි විසි දෙවෙනිදට සභාවට මා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයටත් එල්ල වී තියෙන චෝදනා පත්‍රය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට. අපි ඒ ස්වාධින කමිටුවට අපේ නිර්දෝෂිභාවය පෙන්වා කරුණු ඉදිරිපත් කරනවා ලිඛිත සාක්ෂි වලින් . පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් සාමුහිකව ගත්නා තීන්දු සම්බන්ධයෙන් මේ කොමිසම පත්කර තියෙන්නේ.‘
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් මහතා මෙසේ අදහස් දැක්විය.
‘තල නම් වේලෙන්නේ තෙලට මී බෙටි වේලෙන්නේ මොකටද කියන එක තමා අහන්න තියෙන්නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් කිසිම කෙනෙක්ව ඕනෑවට වැඩිය විශෟවාස කරන්න එපා. (නි)
කෝ ලොකු මහත්තයට පරිකෂන? පොඩි මිනිහට තමයි හැමදේම වෙන්නේ.(නදී)
හරි, හරි අවසන් තීරණය මොකක්ද කියලා බලමුකෝ.(නදී)
ඕක ලංකාවේ සිදුවීමක් උනත් අද මාධ්‍ය දියුනුයි. අපි ලෝකය පුරාම බලා සිටිනවා. මොකද වෙන්නේ කියලා. සමහර ප්‍රධාන පුවත් පත් වලින් පාඨක අදහස් වලට මුල් තැනක් දෙන්නේ නැහැ. ඒ ගැන බලවත් කනගාටුව.(නදී)
එක්කෙනක් මුලු කැළණියම නරකාදියට දැම්මා. මෙයාලට අයිති කුනු ටිකයි, පාරවල් ටිකයි බලන්න. ඒකවත් කරගන්න බැහැ.(නදී)
ඔව කඩකාමර ප්‍රශ්ණය අවුරුදු ගානත ඉදලා මාධ්‍ය වල කතාකලා. ඇහැ අරුනේ දැන්ද. ප්‍රාදේශීය සභා වල වෙන හොරකම් ගැන හොයන්නේ නැත්තේ ඇයි?(නදී)
අයියෝ සල්ලි (දී)
හොදයි....හොදයි.... (දී)