කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි සුළි කුණාටුව ලංකා ඇතුළු නොවූවත් අනතුරු ඇඟවීම අදටත් බලපවත්වයි. මන්නාරම සිට යාපනය සහ මුලතිවු හරහා ත්‍රීකුණාමළය දක්වා මුහුදු ප්‍රදේශය ඉතා රළු වන බැවින් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයනට හා නාවිකයනට උපදෙස් දෙයි. මධ්‍යම රාත්‍රිය වන විට මුලතිව් සිට කි.මී. 100 ක් පමණ නැගෙනහිරින් ස්ථාන ගතව පැවතුණු සුළිකුණාටුව අද දහවල් 12.00න් පසුව දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කියන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරුමැද, උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල තවදුරටත් තද වැසි සහ තද සුළං පවතිනු ඇති බවද, දිවයිනේ සෙසු ප්‍රදේශ වලද විටෙක තද වැසි ඇතිවන බව ද කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා . ලංකාවට එන්නේ නෑ. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන නිසා එන්නේ නෑ (ස)
කවදද හරියට කිව්වේ (ස)
එන්නේ නැහැ කියලා අවොත් කට්ටියගේ වැඩ තහනම් වෙන නිසා එන්න පුළුවන් කියලා රැකියාව බේරා ගන්න (ස)
අපේ කාලගුණේ අය පෙරපාසල් යවන්න (ස)
කෝකටත් සූදානමින් ඉන්න එක හොඳයි නේද ? (ස)
ලංකාවෙ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අකාර්යක්ෂමයි.. මෙය ජනමාධ්‍යවලින් පවා පෙන්වා දුන්නා..!(නු)
සූදානම් ශරීරෙ කෝකටත් හොදයි.. හැබැයි අපේ කාලගුණේලා කියන ඒවා ඒතරම්ම නිවැරදි නැහැ.. (නු)
අයියෝ සල්ලි
ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ අය විශාල සේවයක් කරනවා, ඹවුන් රටට සම්පතක් (අ)