ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන නායක මයිකල් ක්ලාක්, ඬේවිඞ් වෝනර් සහ මැතිව් වේඞ් යන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ ශ‍්‍රී ලංකාවට එරෙහිව බි‍්‍රස්බේන්හිදී සහ සිඞ්නිහිදී පැවැත්වෙන තෙවැනි සහ සිව්වැනි එක්දින තරගය වෙනුවෙන් කැඳවා තිබේ. තුන් ඉරියව් ක‍්‍රීඩක මොසීස් හෙන්ද්‍රික්ස් වසර තුනකට පසුව සංචිතයට ඇතුළත්ව සිටියි.
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් තේරීම් කමිටුව 2015 වසරේ ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්කය කරමින් තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් විවේක ගැන්වීය.
පළමු එක්දින තරග දෙකට සහභාගි වූ අරෝන් ෆින්ච්, උස්මාන් කවාජා, ස්ටීව් ස්මිත්, බෙන් කටින් සහ කේන් රිචට්සන් යන ක‍්‍රීඩකයන් සංචිතයෙන් ඉවත්කර ඇති අතර දෙවැනි එක්දින තරගයේදී ආබාධයට ලක්වූ බ‍්‍රැඞ් හැඩින් ද සංචිතයට ඇතුළත්ව නැත.
ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය:
මයිකල් ක්ලාක් (නායක), ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්, ජෝජ් බේලි, ඬේවිඞ් හසී, මැතිව් වේඞ්, ග්ලේන් මැක්ස්වෙල්, මොසීස් හෙන්ද්‍රික්ස්, මිචෙල් ජොන්සන්, මිචෙල් ස්ටාක්, ක්ලින්ට් මැකේ සහ ෂේවියර් ඩොහර්ටි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දක්ෂ උනත් අපේ කොල්ලෝ පරද්දන්න බැහැ . (දී)
මෙයාලා තරග දෙකකට අලුත් අයව දාලා මොකද වෙන්නේ කියලා බැලුවා.. හිතුවට වඩා වැඩේ අමාරැයි.. පළමුවෙන් එකත් අර දුවද්දි දැවීයාම් තුන නැත්නම් තරගය දින්නන්න තිබුණා.. දැං බය වෙලා..!(නු)
කොහෝ උනත් අපි තමයි දිනන්නේ (දී)
පැරදුණත් කමක් නැහැ, හොද තරගයක් දෙමු නේද? (නි)
කොහොමත් ඕස්ට්‍රේලියාව අපිට බයයි. (නි)
ශේන් වොට්සනුත් ඉන්නම ඕනෑ. (නි)
කැත වැඩ කරන්න එපා (ස)
ලංකාවේ කොල්ලෝ බය නැහැ කාටවත් (දී)
ජයවේවා ලංකා (දී)
ඔන්න එක මැච් එකක් පැරදුනු ගමන් කට්ටිය බයවෙලා (ස)
ඕස්ට්‍රේලියාව බයවෙලාලු. හිහ් හිහ්... එහෙමවත් කියලා අපි හිත හදාගමු. (නි)
ඒක ඇත්ත .... කැත වැඩ කරන්න එපා ... බය උනාද ? (ස)
ඒක ඇත්ත (ස)
කොහොමත් කැන්ගරුවන් සිංහයින්ට බයයිනේ. (නි)
ජය නියතයි ශ්‍රී ලංකා! අපි දිනනවාමයි. (නි)
දැන් තමයි දිනන්න වෙලාව (ස)