IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් සමුගනී

බී. බී. සී. ගුවන් විදුලි සේවයේ ටෙස්ට් තරග විස්තර විචරකයකු මෙන්ම ලන්ඩන් ටයිම්ස් පුවත් පතේ සහ ‘ඬේලි ටෙලිග‍්‍රාෆ්’ පුවත් පතේ සේවය කළ ප‍්‍රවීණතම කි‍්‍රකට් මාධ්‍යවේදියකු වූ කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් මහතා පසුගියදා ලන්ඩන් නුවරදී අභාවප‍්‍රාප්ත විය. පිලිකාවකින් පෙළෙමින් සිටි ජෙන්කින්ස් මහතා මිය යන විට 67 වැනි වියේ පසුවිය.

‘සී. එම්. ජේ.’ නමින් ලෝ පුරා කි‍්‍රකට් ලෝලීන් අතර ආදර ගෞරවයට පත්වූ ජෙන්කින්ස් මහතා 2010 සහ 2011 වසර වලදී කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති සම්පාදකයන් වන එංගලන්තයේ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත.

ජෙන්කින්ස් මහතාගේ දීර්ඝ කාලීන වෘත්තීය සගයකු මෙන්ම එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකුද වූ ජොනතන් ඇග්නිව් ප‍්‍රකාශ කරන්නේ ඉහළ තලයේ කි‍්‍රකට් කී‍්‍රඩාවක නිරත වී නොමැති  නමුත් කි‍්‍රකට් ලෝකය පුරාම මහත් ගෞරවාදරයට පත්වීමට ජෙන්කින්ස් මහතා සමත් වූ බවයි.

”ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉතාමත් ගෞරවනීය ලේඛකයකු මෙන්ම විස්තර විචාරකයකුද වුණා” යයිද ඇග්නිව් මහතා බී. බී. සී. ගුවන් විදුලි සේවයට පැවසීය.
ජෙන්කින්ස් මහතාගේ පුතණුවන් වන රොබින් ජෙන්කින්ස් එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 162 කට සහභාගි වීමෙන් පසුව වෘත්තීය කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය.

කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් මහතා අභාවප‍්‍රාප්ත වූයේ ටෝනි ග්‍රෙග් මහතා මිය යාමෙන් දිනයකට පසුවය.

ඡයාරූපය : බී. බී. සී. වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි

 



අදහස් (0)

කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් සමුගනී

සුසන්ත - ඉතාලිය Saturday, 05 January 2013 04:06 AM

ක්‍රිකට් ක්‍රිඩාවටත් එච්චර හොඳ කලදසාවක් නෙවෙයි... ඔබතුමාට මෝක්ෂ සුව...!!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site