බෙහෙවින් ගුණාත්මක ව්‍යංජනයක් ලෙස සැළකෙන කරවිල බීජ සහ ගුණදායක, රසවත් පළතුරක් වන දෙළුම් බීජ භාවිතය මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති.
|
| ආචාර්ය අනුර ජයසූරිය |
මිනිස් සිරුරෙන් ලබාගත් පිළිකා සෛල විද්‍යාගාර වල කෘත්‍රිමව වර්ධනය කර, කරවිල සහ දෙළුම් බීජ වියළා නිස්සාරණය කර යොදා ගැනීමෙන් පිළිකා සෛල වර්ධනය සාර්ථකව වැළැක්වීමේ හැකියාව ඇති බව මෙම පර්යේෂණයේදී තහවුරු වී තිබේ.
පර්යේෂණය සිදු කරන නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ, සත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනී ක්‍රිෂ්ණි චානිකා වීරකෝන් මහත්මිය මෙසේ කීවාය.
‘මෙය මගේ ආචාර්ය උපාධිය සඳහා මා විසින් තෝරා ගත් පර්යේෂණයක්. පිළිකා සඳහා විධිමත් නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයා ගෙන නැති නිසා මා මෙම පර්යේෂණය කෙරෙහි නැඹුරුවුණා.
පිළිකා ලෙස හැඳින්වෙන්නේ පාලනය කළ නොහැකිව සිරුරේ අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් බව කිව හැකියි. පිළිකා වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැඛෙනවා. ඒ සඳහා මේ වන විට, විකිරණ, ශල්‍යකර්ම, හෝමෝන සහ රසායනික යන ප්‍රතිකාරක්‍රම භාවිත කෙරෙනවා. ඉහත ක්‍රම වලින් යම් තරමක් දුරට එය පාලනය කළ හැකියි. නමුත් පිළිකා සඳහා සුදුසුම ක්‍රමවේදය එය මුල් අවධියේමදීම පාලනය කිරීමයි.
අප පර්යේෂණ කරන මේ ඖෂධයෙන් අප බලාපොරොත්තු වන්නේ ඕනෑම අවධියක සිටින පිළිකා රොගියකුට ප්‍රතිකාර කිරීමයි.
අපේ රටේ සුලභව සොයා ගත හැකි කරවිල කවුරුත් අගය කරනවා. ඒ එහි ගුණදායක බව නිසයි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ මොමොඩිකා යි.
|
| ආචාර්ය ටෙරන්ස් මධුජිත් |
රසය වගේම ගුණයෙන් යුත් දෙළුම් පළතුර පියුනිකා ග්‍රැනේටම් යන උද්භිද නාමයෙන් හැඳින්වෙනවා.
කරවිල බීජ සහ දෙළුම් බීජ හොඳින් වියළා, නිස්සාරණය කර විද්‍යාගාරය තුළ වර්ධනය වෙන මට්ටමේ ඇති පිළිකා සෛවලට යොදා මෙම පර්යේෂණ සිදු කළා. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව කියන්නට කැමැතියි. පර්යේෂණ කටයුතු තව දුරටත් සිදු කෙරෙනවා.
පශු වෛද්‍ය පීඨයේ ජයන්ත රාජපක්ෂ මහාචාර්යවරයා, ජීව රසායන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනුර ජයසූරිය, කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය ටෙරන්සේ මධුජිත් සහ සාම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාරිනී තුෂාරි හේරත් යන අධීක්ෂක මණ්ඩලය මගින් මේ පර්යේෂණ කටයුතු අධීක්ෂණය කරනවා. එම විද්වත් මණ්ඩලය මගින් මට ලැඛෙන සහාය හා ධෛර්යය මා ඛෙහෙවින් අගය කරනවා‘
මෙම පර්යේෂණයේදී සිදුවන්නේ කුමක්දැයි අපි පශු වෛද්‍ය පීඨයේ ජීව රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය අනුර ජයසූරියගෙන් විමසුවෙමු.
‘කරවිල බීජ වල අඩංගු ඇල්ෆා ඉලයොස්ටියරික් අම්ලය සහ දෙළුම් බීජ වල අඩංගු පියුනික් අම්ලය යන අම්ල දෙකම මේද අම්ල බව කිව යුතුයි. මෙම මේද අම්ල දෙකටම පොදු ලක්ෂණය තමයි ද්විත්ව බන්ධන තුනක් තිබීම. මෙයින් පිළිකා ෙසෙලවලට විශාල බලපෑමක් සිදු කරනවා. එය ඉතා විශ්මිත බලපෑමක් බව කිව යුතුයි. කරවිල මෝරන්නට, මෝරන්නට මේ මේද අම්ල නිපදවීමේ හැකියාව වැඩිවෙනවා. අප සාමාන්‍ය ජීවිතයේදී පවා දන්නා කරුණක් තමයි කරවිල දියවැඩියාව සහ කොලෙස්ටරෝල් දහනය සඳහාත් ගුණදායක බව.
|
| ජයන්ත රාජපක්ෂ |
ජ්‍යෙෂ්ඨ කථීකාචාරිණී ක්‍රිෂ්ණි වීරකෝන් මේ පර්යේෂණය සඳහා ඉතාම වෙහෙස මහන්සි වෙනවා.‘
පශු වෛද්‍ය පීඨයේ, පශු ජෛව ව්‍යාධිවේද අංශයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.
‘වීරකෝන් මහත්මියගේ මෙම පර්යේෂණය අධීක්ෂණය කිරීමේ වගකීම අපේ අධීක්ෂණ මණ්ඩලයට පැවරී තිඛෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ජාතික පර්යේෂණ සභාවෙනුයි.
පිළිකාව වර්තමානයේ ඉතාම සුලබ ප්‍රශ්නයක්. මේ සඳහා ඛෙහෙත් නොමැතිකම නිසා ඊට ගොදුරු වන පිරිස ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙනවා. අපේ දේශීය ශාඛවලින් මේ ආකාරයේ පිළිකා මර්දනය කිරීමේ හැකියාව මේ පර්යේෂණ මගින් තහවුරු වෙමින් පවතිනවා. ‘
|
කරවිලවලට කියන වෙනත් නම් |
|
|
|
|
|
|
|
| ක්‍රිෂාණි හේරත් | තුෂාරි හේරත් |
|
| ක්‍රිෂානි වීරකෝන් |
|
| කරවිල ඇට |
|
| කරවිල |
|
| දෙළුම් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පර්යේෂණය 100%ක් සාර්ථක වේවා! (නි)
මිනිස් වර්ගයා ගැන මෙහෙම හිතනවාට ගොඩක් පින්! (නි)
අපේ සොයාගැනීම්වලට ආයුබෝ වේවා. තව තවත් දියුණු වේවා. (ත)
ඇත්තටම ගොඩක් පින්. ඔයාලාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. (ත)
දේශීයත්වය සුරකිමු (දී)
දේශීයත්වයේ වටිනාකම (දී)
ඇත්තටම උසස් වැඩක් ,අගය කරනවා. ගරු කරනවා. ඉදිරිවැඩ සාර්ථක වේවා. බොහොම පින් (ස)
කවදා හරි ඇත්ත ඔප්පු වෙනවා (දී)
දැන් කරවිල වගා වලට යොදන කෘමි නාශක නිසා නැති පිළිකාත් හැදෙන්න පුළුවන් .(නු)
ගොඩක් පින් හැමෝටම. (නි)
ඉතාම අගයකලයුතු දෙයක් ඉදිරි කටයුතු වඩ වඩාත් සාර්ථකවේවා!!! (ස)
කරවිල මිළ වැඩිවේවිද? (නි)
ස්තූතියි ලංකාදීප තොරතුරු දැන්වූවාට (ස)
සමන්ගේ අදහසට මමද එකඟ වෙමි. සමහර තිත්ත ඇටවල මේ ගුණය ඇති බව ඉතා ප්‍රකට කරුණකි. මෙය අළුත් සොයාගැනීමක් නොවේ. එහෙත් මේ ගැන පර්යේෂණ කර විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රසංශනීයයි. මගේ සුබ පැතුම්. (ස)
හොඳයි (ස)
වෙනත් රටක් මෙහි පේටන්ට් අයිතිය හොරෙන් ගැනීමට පෙර ඒ සදහා අවශ්‍ය නිතිමය කටයුතු ඉක්මන් කරන්න. (ස)
ඇත්තටම විශිෂ්ඨ සේවයක් ඔබලා කරලා තියෙන්නෙ. අගය කරනවා. තවත් සාර්ථක වෙන්න කියලා ප‍්‍රර්ථනා කරනවා. (ස)
බොහොම හොඳ දෙයක් (ස)
අනාගතයේදී පිළිකා රෝගය සදහටම තුරන් වේවි. (නි)
ගොඩක් සතුටුයි (ස)
විශිෂ්ට කාර්යයක්. (නි)
ඉතා හොදයි. (නි)
ආත්ම ගණනකට මේ පිනම ඇති. (නි)
කරන පරීක්ෂණ වලට සුභ පතන ගමන් ඒවා සාර්ථක වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. (නි)
දේශීය වෛද්‍ය විද්‍යාවට ගහන්න වේද කමක් ලෝකේ නැහැ (දී)
මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට තව තවත් ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
අනාගතයේදී පිළිකා රෝගය සදහටම තුරන් වේවි. (නි)
සමාජයට වැඩදායී වන මෙවැනි පරීක්ෂණ වලින් ඔබතුමන්ලාගේ බුද්ධිය තවත් වර්ධනය වේවායි පතමි. (නි)
ලංකාවේ අපිට ආඩම්බරයක්. තවත් දිගටම කරගෙන යන්න. (නි)
ලංකාවේ අපිට ආඩම්බරයක්. (දී)
පිළිකා රෝගය සදහටම තුරන් වේවි. තවත් දිගටම කරගෙන යන්න.(නදී)
ඔබට ස්තුතියි දිගටම කරගෙන යන්න ඔබලාට ජය (නදී)
ඔබලාට පින් සිදුවෙනවා (ම)
ඉතාම හොඳ වැඩක් .. ඒ වගේම පින්සිදු වෙන වැඩක්. (ස)
ඔබ සැමට මහත් පින්. (ත)
ආනයනය කරන ඒවාට වඩා ලංකාවේ හැදෙන දෙළුම් ඇට තමයි වඩාත් හොඳ. (ත)
අපේ කම අගයන්න (දී)
අපේ දොස්තරලා හරිම දක්ෂයි. (නි)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.. (නි)
ඔන්න එහෙනම් දැන්ම ඉදලම කරවිල වැල් හතර පහකුයි, දෙලුම් ගස් දෙක තුනකුයි හදාගන්න. (නි)
ජයවේවා! ඔබ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය. මේ තමා සැබෑ ජාතික වීරයෝ. පරෙස්සමින්. මේවා හොරකම් කරන්න ඖෂධ සමාගම් උත්සාහ කරාවි. සමහර විට දැනටමත් බොරු පේටන්ට් ඉල්ලුම් පතක් ඉදිරිපත් කරලාද දන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ බොරු පර්යේෂණ වාර්තා ටිකක් විතරයි. සමහර විට බොහෝම මිත්‍රශීලීව පර්යේෂණ සඳහා අනුග්‍රාහකයින්ගෙ වේශයෙන් එන්නත් පුළුවන්. ඔබේ දැනුම අපට මහා ලොකු මුදලක් වගේ පෙනෙන එහෙත් එහි අනාගත වෙළඳ වටිනාකම අනුව සොච්චම් මුදලක් දීලා ගෙඩිය පිටින්ම අරගන්නත් පුලුවන් (නි)
මෙවර ලංකාදීපයේ ලිපිය මෙම සොයානීමේ විද්‍යාත්මක පදනම සවිස්තරව දක්වා ඇති ආකාරය අගය කල යුතුයි. නිකම්ම ගොයම් ගසේ උස අනුව වී වල වටිනාකම කියනවාට වඩා මේ වගේ පදනමක් ඇතිවයි අපේ දෙයක් අගය කල යුත්තේ. මේ වගේ වටිනා මිනිස්සුන්ට නේද පසුගිය කාලේ ඩොලර් කාක්කන් කියකියා මඩ ගැහුවේ... මෙහි ඉදිරිය සාර්ථක වුනොත් ලංකාව ලෝකයේ බුහුමනට ලක්වීම නිසැකයි. ඇතැමුන් බොරුවට මවාපාන 'සතුරන්' කෙසේ වෙතත් පහසුකම් ඇති ආයතන හා එක්වී මෙය දියුණු කර ගන්න හැකියාව ලැබේවා! (ස)
කාටවත් නැහැ කියන්න බැහැ (දී)
සතූටූදායක පූවතක්. සියඵම දෙනාට තූති.....!! (නි)
ජය වේවා . මේ පණිවිඩය ජනතාව අතරට ගෙන යමු (ස)
අපේ දේ විසි කරන්න එපා (දී)
ඔබතුමන්ගාට අපගේ ප්‍රණාමය! නීරෝගී වේවා! (නි)
මෙම සොයාගැනීම් ජාත්‍යන්තර මාධ්‍යයට පළ කරන්න.. වෙන කෙනෙක් කරන්න කලිං..!(නු)
ගොඩක් පින්! (නි)
ජයවේවා.. ඔබට ගොඩක් පින්.. (ත)
මට ආඩම්බරයි මගේ දේශීය වෛද්‍ය පීටය ගැන..!(නු)
අපේ දොස්තරලා හරිම දක්ෂයි. ඔබ සැමට මහත් පින්. (නි)
පිළිකා රෝගීන්ට මේ දේ ලොකු උපකාරයක් වේවි. (නි)
ඉතාම විශිෂ්ටයි. ඉදිරියටම යන්න අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
නියමයි. සුභ පැතුම්! (නි)
මට කණගාටුවෙන් නමුත් කියන්න තියෙන්නේ මෙය අලුත් සොයාගැනීමක් නොවන බවයි. කරවිලවල තියෙන ඇල්ෆා ඉලෙඔස්ටෙරික් අම්ලයේ තියන පිළිකා නාශක හැකියාව හොයාගත්තේ මීට අවුරැදු දහසකට විතර පෙර. දෙළුම් වල තියෙන පූනික් අම්ලයටත් සමහර පිළිකා වැලැක්වීමේ ගුණ තියෙනබවත් මීට පර වාර්තා වෙලා තියෙනවා.. පොඩ්ඩක් පරණ පර්යේෂණ වාර්තා පරිෂීලනය කරලා බලන්න.!(නු)
කවුරුත් හිතන්නෙ නැහැ අපෙ සිංහල වෙද කම ගැන. විශ්වාස කරන්නෙත් නැහැ. ඒත් අපෙ සිංහල වෙද කමේ පිළිකාව නිට්ටාවට සුව කරන්න පුලුවන් බෙහෙත් තියනව. (නු)
පිං ගොඩක් මේකට සම්බන්ධව කටයුතු කරන අයට..!(නු)
ඔබලාට ගොඩක් පිං..!(නු)
වගකිවයුත්තන්ගෙන් නම් අනුග්‍රහයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙමයි අපේ රටේ හැටි. (නි)
විශිෂ්ට සොයාගැනීමක්. ලංකාව ගැන ආඩම්බරයි. (නි)
විශිෂ්ටයි! (නි)
ඔබ සැමට හුගක් පින්. සුභ පැතුම්! (නි)
විශිෂ්ට ක්‍රියාවක්.. අපි ඉතා හොද පුවතක් බලාපොරොත්තුවෙන් ඉන්නවා අනාගතයේදී(නු)
මේවා දියවැඩියාව සමනය කරනවා (ස)