රිය අනතුරකින් මියගිය සිවුදරු පියකුගේ සිරුර කුරුවිට ගෝනපිටිය හන්දියේ තබා පැවැත්වීමට ගිය විරෝධතාවක් පොලිසිය මැදිහත් වී සාමකාමී ලෙස අවසන් කෙළේය. මල් ශාලාවේ සිට සිරුර අද සවස නිවෙසට රැගෙන යද්දී පාර මැද තැබූ ගැමියන් විරෝධය පා සැලකෙළේ මාරක වාහනය පැදවූ රියදුරා ඇපමත මුදාහැර ඇති බවයි. බේරුමක් කිරීමට පොලිසිය ඉදිරිපත් වීමෙන් පසු ඔවුහු සිරුර නිවෙසට රැගෙන ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරටුගාමී කාරයෝ මල මිණියකටවත් ඉන්න දෙන්නෙ නැති හැටි(නදී)
ඇත්ත තමයි. මොකක්හරි හේතුවක් හොයාගෙන බොරුවට කෑගහන්න තමයි සමහරුන්ට ඕනෑ. (නි)
ඇත්තම කතාව නම් රටට බරක් නැති මිනිසුන් ඉන්නේ සබරගමුවේ විතරයි. (නි)
"සුරේෂ් 2013-02-01 23:27:08 ඇත්ත තමයි. මොකක්හරි හේතුවක් හොයාගෙන බොරුවට කෑගහන්න තමයි සමහරුන්ට ඕනෑ" සුරේෂ් ඇත්තටම ඔබත් මා වගේම මේකේ ඇත්ත සිද්ධිය දන්නේ නැහැ නේද? අප අසා ඇති නීතිය අනුව මාරක අනතුරක් සිදුකල රියදුරකු ලෙහෙසියෙන් මුදා හරින්න නොහැකියි. එහෙත් මේ සිදුවීමේදී අදාළ රියදුරා විශේෂ වරප්‍රසාදයක් ලබා තිබෙනවා. එය පොලීසියත් පිළිගන්නා නිසා නේද 'සාමකාමීව' ෂේප් කරගෙන තියෙන්නේ? මෙවැනි අසාධාරණ වලදී මහජනයා මැදිහත්වී නීතිය රැකගන්න පෙළගැසීම නරකයි කියා ඔබට හිතෙනු ඇත්තේ ඔබටත් අසාධාරණයක් සිදුවෙන තෙක් පමණි. (නු)
මේ මිනිස්සු හැම එහෙකටම පාරට බහිනවා , බඩු මිල, විදුලි බිල, තෙල් මිල වැඩි වෙනකොට පාරට බහින්න ඕනි (ස)
අනේ දෙයියනේ රටට ගිය කලක් (ස)
මම නමි තාම දැකල නැහැ දේශපාලන බලපෑමකින් තොරව ජීවන වියදමට එරෙහිව සටන්කරන අපේ රටේ මිනිස්සු.(නදී)
ඒ මැරුණ පුද්ගලයට කරන අගෞරවයක් ඔහොම පාරවල් ගානේ තියාගෙන කෑ ගහන එක. රටේ නීතියක් තියෙනවනේ. වැරදිවලට දඩුවම් දෙන්න. එහෙව් එකේ ඇයි මේ (ස)
සමන්ත, සහතික ඇත්ත (ස)
නීතිය ගැන මිනිසුන් තුල විශ්වාසයක් නැහැ වගේ. පත්තරේ තියෙන පුවත විතරනේ අපි දන්නේ. තව ඇතුලේ මොනවා ඇද්ද?(නදී)