සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පසුගියදා අනතුරට හේතු වූයේ නඩත්තුවකදී ආපස්සට නොයන වෑල්වයකින් හයිට්‍රජන් සල්පයිට් විෂවායුව කාන්දුවීමක් බව එම අනතුර ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කළ ත්‍රි පුද්ගල කමිටුව නිගමනය කරයි.
මේ අනතුරින් තිදෙනෙක් මරුමුවට පත් වූහ.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පී කේ ඩබ්ලිව් විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටු වාර්තාව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද බාර දුන්නේය.
මෙවැනි අනතුරු ඉදිරියේදී වළක්වා ගැනීම ඇතුලු නිර්දේශ 39ක් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ.
පසුගිය නොවැම්බර් 16 වැනිදා අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වාර්තා කොච්චර නම් ආවද. ක්‍රියාත්මක කරපු ඒවා එහෙම අහල තියෙනවද. (ස)
මිය ගිය අය ගැන කනගාටුයි (දී)
මොන වාර්තා ආවත් අර මිය ගිය අයගේ පණ ආයේ ගතහැකිද ? (ස)
මිනි මතුවට මෙවන් දේ නොවීමට කටයුතු කරන්න (ස)