කොළඹ ගලදාරී හෝටලේදී මේ මස 31 වැනිදා ආරම්භවන හය වැනි ලෝක කැරම් ශූරතාවලිය සංවිධානය කිරීම සඳහා මිලියන 7 ක පමණ වියදමක් දැරීමට ශ්‍රී ලංකා කැරම් සංගමයට සිදුව තිබේ. මේ වන විටත් මිලියන හතරක් කැරම් සංගමය සොයාගෙන ඇති නමුත් තවත් මිලියන තුනක මුදලක් සොයා ගැනීමට අනුග‍්‍රහකයන්ගේ සහයෝගය අපේක්‍ෂාවෙන් පසුවන බව කැරම් සංගම් නිලධාරීහු පවසති. කැරම් සංගමය සතුව තිබෙන මිලියන හතරෙන් මිලියන දෙකක මුදලක් ක‍්‍රීඩා අමාත්‍යංශය ලබා දී ඇතැයි කැරම් සංගමයේ ලේකම් රෝහිණී මතායස් මහත්මිය පැවසුවාය. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සිය අමාත්‍යංශයේ සහයෝගය තරගාවලිය සංවිධානය කිරීම සඳහා ලබාදෙන අතරේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ද නොඅඩුවම ලබාදීමට කටයුතු කර ඇතැයි ද ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ‘‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනුග‍්‍රාහකයන් ඕනෑ තරම් සොයාගෙන එනවා. නමුත් කැරම් වගේ ක‍්‍රීඩා කිහිපයකටම අනුග‍්‍රාහකයන් සොයා ඒමක් වෙන්නේ නැහැ. අපි උත්සහ කරනවා ලෝක ශූරතාවක් දිනා තිබෙන කැරම් ක‍්‍රීඩාවට අනුග‍්‍රහකයන් සොයා දෙමින් මෙම ක‍්‍රීඩාව දියුණු කරන්න යැයි ’’ ජයකොඩි මහත්මිය කොළඹදී පැවැති මධ්‍ය හමුවකදී පැවසුවාය. අන්තර්ජාතික කැරම් තරගාවලි රැසක් පසුගිය වසරවලදී පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුවද, ලෝක කැරම් තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව මෙරටට හිමි වන්නේ පළමු වතාවටය. ලෝක කැරම් ශූරතාවලිය සිවු වසරකට වරක් සංවිධානය කෙරේ. තරගාවලියට ලෝක කැරම් සම්මේලනයේ සාමාජික රටවල් 18 ක් සහභාගිවේ. ලෝක ශූර ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාව, මාලදිවයින, පාකිස්තානය, ස්විස්ටර්ලන්තය, බංග්ලාදේශය, එංගලන්තය, ඉතාලිය, පෝලන්තය, ඇමරිකාව, චෙක් ජනපදය, මුරිසි දිවයින, ජර්මනිය, මැලේසියාව, කොරියාව, කටාර් රාජ්‍යය, ජපානය සහ කැනඩාව යන රටවල් තරගාවලියට සහභාගිවේ. ඊට එක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීහු ගණන 120 ක් පමණ වෙති. ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක ශූරතාවක් හිමිකර ගත් තෙවැනි ක‍්‍රීඩාව වන්නේ කැරම් ක‍්‍රීඩාවයි. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැරම් ලෝක ශූරතාවලියට 120 ක් කොළඹ එති
saman t manamperi Monday, 29 October 2012 08:15 PM
අපේ සොහොයුරන්ට ජයවේවා. (අ)