කොළඹ ගලදාරී හෝටලයේදී අද (31) ආරම්භ වු 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මධුෂිකා කාංචනමාලා සහ යශිකා රාහුබද්ධ සමත්වුහ.
කාන්තා යුගළ ඉසව්වේ අවසන් මහා තරයේදී ඉන්දියාවේ රශ්මි කුමාරි සහ අයි. ඉලබාෂාගී හමුවේ මධුෂිකා සහ යශිකා (25/4, 25/5) පරාජය වුහ.
පිරිමි යුගළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවු දෙනාම පරාජය ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලම ක‍්‍රීඩකයන් දෙදෙනා වන චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු පළමු අවසන් පුර්ව වටයේදී ඉන්දියාවේ බාරතී දාසන් සහ කේ.සී. නිවාස් හමුවේ පරාජය වුහ.
මොහොමඞ් ෂෙරිෆ්ඞීන් සහ ඩිමල් සේනාරත්න දෙවැනි අවසන් පුර්ව වටයේදී ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශී සහ ප‍්‍රකාශ් ගයික්වාල්ට පරාජය වුහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවු දෙනා මෙන්ම ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි ද යුගළ ඉසව්වල තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිටියහ.
රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉන්දිය කැරම් පිල, පිරිමි හා කාන්තා යුගළ ඉසව්වල ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටියි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැරම් ලෝක ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
චමී Thursday, 01 November 2012 12:22 PM
නියමයි යශික (ස)
චන්ද්‍රසිරි Thursday, 01 November 2012 01:02 AM
මෙයාව ඔහොම්මම ජිල් බෝල කණ්ඩායමට බඳවා ගන්න (ස)
චාමර ගුණසේකර Friday, 02 November 2012 08:25 AM
0ජයග්‍රහණයට සුබ පැතුම්.. චන්ද්‍රසිරි නමින් කමෙන්ට්ස් දමන පුද්ගලයා ජිල් බෝල ක්‍රීඩාව සඳහා තෝරා ගැනීම සුදුසුයි සිතමි.. තම රට ලබාගත් ජයග්‍රහණයකදී ඊට සුබ පැතීම අතහැර පුහු කමන්ට්ස් දැමීමෙන් ඔහුගේ මානසික තත්වය අපට වටහා ගත හැක (ස)
සහේලි Thursday, 01 November 2012 11:41 AM
සුභපැතුම්