කොළඹ ගලදාරී හෝටලයේදී අද (31) ආරම්භ වු 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මධුෂිකා කාංචනමාලා සහ යශිකා රාහුබද්ධ සමත්වුහ.
කාන්තා යුගළ ඉසව්වේ අවසන් මහා තරයේදී ඉන්දියාවේ රශ්මි කුමාරි සහ අයි. ඉලබාෂාගී හමුවේ මධුෂිකා සහ යශිකා (25/4, 25/5) පරාජය වුහ.
පිරිමි යුගළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවු දෙනාම පරාජය ලැබුහ. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලම ක‍්‍රීඩකයන් දෙදෙනා වන චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු පළමු අවසන් පුර්ව වටයේදී ඉන්දියාවේ බාරතී දාසන් සහ කේ.සී. නිවාස් හමුවේ පරාජය වුහ.
මොහොමඞ් ෂෙරිෆ්ඞීන් සහ ඩිමල් සේනාරත්න දෙවැනි අවසන් පුර්ව වටයේදී ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශී සහ ප‍්‍රකාශ් ගයික්වාල්ට පරාජය වුහ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සිවු දෙනා මෙන්ම ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි ද යුගළ ඉසව්වල තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිටියහ.
රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ඉන්දිය කැරම් පිල, පිරිමි හා කාන්තා යුගළ ඉසව්වල ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි යශික (ස)
මෙයාව ඔහොම්මම ජිල් බෝල කණ්ඩායමට බඳවා ගන්න (ස)
0ජයග්‍රහණයට සුබ පැතුම්.. චන්ද්‍රසිරි නමින් කමෙන්ට්ස් දමන පුද්ගලයා ජිල් බෝල ක්‍රීඩාව සඳහා තෝරා ගැනීම සුදුසුයි සිතමි.. තම රට ලබාගත් ජයග්‍රහණයකදී ඊට සුබ පැතීම අතහැර පුහු කමන්ට්ස් දැමීමෙන් ඔහුගේ මානසික තත්වය අපට වටහා ගත හැක (ස)
සුභපැතුම්