IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කීර්තිය උගසට තබමින් ශී‍්‍ර ලංකා පිල පිටියට බසී

”ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දකුණු අපි‍්‍රකානු ‘ඒ’ කණ්ඩායමටත් පුළුවන්” යයි කෙප්ලර් වෙසල්ස් ප‍්‍රකාශ කිරීමත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් හඬ නැංවීමට ඉදිරිපත් වූවෝ දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකතයාගේ පරිණත බව ප‍්‍රශ්න කිරීමට උත්සුක වූහ. එහෙත් සෙන්චූරියන්හිදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය දින තුනකින් අවසන් වීමත් සමගම ඒ සියල්ලෝම හිස් සගවාගෙන ගියහ. අද (26 වැනිදා) ඩර්බන් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම කිංග්ස්මේඞ් පිටියට පිවිසෙන්නේ මෙතෙක් කලක් ඉතා අසීරුවෙන් මෙන්ම මහත් වැරවෑයමින් ගොඩනගා ගන්නා ලද තමන්ගේ සියලූ කීර්තිය උගසට තබා තිබියදීය. මේ ලෝක කුසලාන අවසන් මහ තරගයට කී‍්‍රඩා කිරීමෙන් යන්තම් මාස 9 කට පසුවය. එබැවින් අද තරගයේදී ජයග‍්‍රාහී ඉසව්වක් කරා යාමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අපොහොසත් වුවහොත්, පිට පිටම අත්කරගන්නා සිවුවැනි ටෙස්ට් තරගාවලිය පරාජය  කරා ඔවුන් ඇදී යාම කිසිවකුට වළක්වාගත නොහැකිය. එක්දින තරගාවලිත් ඊට එකතු කරන්නේ නම් එය පිට පිටම ලබන්නාවූ හත්වැනි තරගාවලි පරාජය වනු ඇත. කිසිවකුට නැතැයි කිව නොහැකි, මේ සියලූ සංඛ්‍යාත්මක දත්ත තිබියදීත්, මේ අඳුරු අගාධයෙන් මිදී කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තමන්ගේ ශක්‍යතාවන් මේ යයි පෙන්වීමේ හැකියාව ශී‍්‍ර ලංකා පිලට තවමත් තිබේ. ඒ සඳහා තරගය පැවැත්වෙන්නේ කොහේද යන්න ගැටළුවක් නොවේ. ශී‍්‍ර ලංකා පිලේ බරපතළම අර්බුදය වන්නේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීමයි. එබැවින් අද ආරම්භ වන තරගයේදී කිසියම් වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකියයි ශී‍්‍ර ලංකා කළමණාකරු අනුර තෙන්කෝන් මහතා දුරකතනයෙන් කළ විමසීමකදී පැවසීය. ශී‍්‍ර ලංකා පිලේ පිතිහරඹය ශක්තිමත් කරලීමට නම් දැනට ඇති හොඳම විසඳුම වන්නේ කඩුලූ රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිටියට හඳුන්වා දීමයි. තවමත් ටෙස්ට් තරග වලට සහභාගි වී නැතත්, අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ මේ වන විටත් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති චන්දිමාල් ඉන්දියාවට සහ එංගලන්තයට එරෙහිව එක්දින අන්තර්ජාතික ශතක දෙකක් ලබාගැනීමට සමත් වී සිටී. ඔහු මෙම ශතක දෙකම ලබාඇත්තේ ශී‍්‍ර ලංකාවෙන් පිටතදී වීම, පිතිකරුවකු වශයෙන් චන්දිමාල්ගේ හැකියාවන් සනාථ කරන්නකි. චන්දිමාල් සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුර තෙන්නකෝන් මහතා පැවසූවේ අද තරගය සඳහා චන්දිමාල්ට හොඳ අවස්ථාවක් ඇති බවයි. මේ වන විට පළමු පෙළ තරග 35 කදී ලකුණු 58.52 ක සාමාන්‍යයක් පවත්වාගෙන යන චන්දිමාල්ගේ හොඳම පළමු පෙළ ඉනිම වන්නේ මීට වසර කිහිපයකට ඉහත කොළඹ එස්. එස්. සී. පිටියේදී නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව ලබාගත් ලකුණු 244 යි. සාමාන්‍යයෙන් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන නමුත් මේ වන විට පිතිකරු ලයිස්තුවේ ඉහළින් වඩාත් ස්ථාවර වී සිටින කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි පිතිකරුවන්ට බාධාවන් නොවන පරිදි, පිතිකරු ලයිස්තුවේ පහළින් කී‍්‍රඩා කිරීමට චන්දිමාල්ට සිදුවනු ඇත. කෙසේ වෙතත් සිය බරපතළම දුර්වලතාව වන හොඳින් පන්දුව දකිමින් සිටියදී අවදානම් සහගත පහර ගැසීමට යාම නිසි ලෙද පාලනය කරගැනීමට චන්දිමාල් සමත් වෙතොත් එය වඩාත් යහපත් ප‍්‍රතිඵල ගෙනෙනු ඇත. ශී‍්‍ර ලංකා ටෙස්ට් පිතිකරුවන් අතරේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම අංක 3 පිතිකරුවන් දෙදෙනා වන අසංක ගුරුසිංහ සහ කුමාර් සංගක්කාර දෙදෙනාම සිය ටෙස්ට් දිවිය ආරම්භ කළේද කඩුලූ රකින්නන් ලෙස පිතිකරු ලයිස්තුවේ පසුපෙළට එක්වෙමිනි. සෙන්චුරියන් තරගයේදී ලකුණු 114 කට කඩුලූ 3 ක් දවාගනිමින් ධෛර්යවත් පන්දු යැවීමක නිරත වූ නමුත් තුන් ඉරියව් කී‍්‍රඩකයකු වශයෙන් ඉදිරියට යාමේ හැකියාවෙන් යුතු තිසර පෙරේරා තවමත් තමන් වෙනුවෙන් සාධාරණය ඉටුකළ බවක් පෙනෙන්නට නැත. පන්දුව දැකීමේත්, පිත්ත හැසිරවීමේත් අනුයාත කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විශිෂ්ට නිපුණතාවකින් යුතු වන නමුත් ඉතාමත් තීරණාත්මක අවස්ථා ගණනාවකදීම තිසර පෙරේරා සිය කඩුල්ල නිකරුණේ පූජා කරනු දක්නට ලැබිණ. අද තරගයේදී ඔහුට සිය ස්ථානය අහිමි වන්නේ නම් ඒ මෙම දුර්වලතාව නිසාය. ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටින ධම්මික ප‍්‍රසාද්ද තිසර පෙරේරාට බෙහෙවින්ම සමාන වන නමුත් පන්දු යැවීමේදී තරමක් වේගවත් කී‍්‍රඩකයෙකි. පිතිකරුවකු වශයෙන්ද ධම්මික ප‍්‍රසාද් සතුව පළමු පෙළ ශතකයක් තිබේ. කෙසේ වෙතත් කිසිවකුට තේරුම්ගත නොහැක්කේ ශී‍්‍ර ලංකා තේරීම් කමිටු නිලධාරීන්, දිල්හාර ප‍්‍රනාන්දු සමග ඉවසීමෙන් යුතුව යන ගමනයි. දශකයකට වැඩි ටෙස්ට් අත්දැකීම් ඇති නමුත් සෙන්චූරියන් තරගයේදී  ඕවර 28 ක් යවමින් ලකුණු 114 ක් දුන් දිල්හාර දවාගත්තේ එකම කඩුල්ලක් පමණි. ඩර්බන් තණතීරුව වේග පන්දු යවන්නන්ට තවත් පරාදීසයක් වේයැයි පවතින අනුමානය නිසා මෙම තරගයේදී වේග පන්දු යවන්නන් සිවු දෙනකු යොදා ගැනීම සම්බන්ධයෙන්ද දින කිහිපයකට පෙර කතා බහක් පැවතිණ. එවන් අදහසක් පැවතියද, කණ්ඩායමේ දැනට දග පන්දු යවන්නන් දෙදෙනකු සිටින අතර අජන්ත මෙන්ඩිස් මාස හතකින් ටෙස්ට් තරගයකට සහභාගි වී නැත. දකුණු අපි‍්‍රකානු පිල මාස හතක පමණ විරාමයකින් පසුව, ටෙස්්ට් තරගයක සහභාගි වූයේ මීට සති කිහිපයකට ඉහතදී  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිවය. ඊට අමතරව වසර තුනකික් පමණ දකුණු අපි‍්‍රකානු පිලක් සිය මවු බිමේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. ඩර්බන් නුවර කිංග්ස්මේඞ් කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානුවන් අවසන් වරට ටෙස්ට් තරගක් ජයගත්තේ වසර 2008 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වන අතර මෙම සියලූ තත්ත්වයන් හමුවේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සැකසීමට දකුණු අපි‍්‍රකානුවන් උත්සුක වුවහොත් එය පුදුමයට කරුණක්ද නොවේ. පළමු ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල අසරණ කර දැමූ දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නා වන වර්නන් පිලැන්ඩර් පෙරේදා සිය දණහිසේ ආබාධයකට ලක්ව සිටි නමුත් ඔහුට අද පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා කී‍්‍රඩා කළ හැකි බවද රොයිටර් වාර්තා සඳහන් කරයි. දිනේෂ් චන්දිමාල්



අදහස් (0)

කීර්තිය උගසට තබමින් ශී‍්‍ර ලංකා පිල පිටියට බසී

Nadeera kumari Monday, 26 December 2011 10:11 AM

අපේ කණ්ඩායමට ජය වේවා.

:       0       0

අභිමන්ත Monday, 26 December 2011 10:49 AM

අද දිනමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site