විදේශ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ ගිණුම්වලින් රුපියල් විසි හය කෝටි තිස් ලක්ෂයක් හොරෙන් ගත් බව කියන සැකකරුවන් 14 දෙනකුගෙන් අට දෙනකු තවත් මාස තුනක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද අවසර දුන්නේය.
මේ ජාවාරමෙන් ලංකා බැංකුවට එම පාඩුව සිදු විය.
රහස් පොලීසිය උසාවියට දැන්වූයේ සැකකරුවන් 14 දෙනකු ඊට හවුල් බවයි.
රහස් පොලීසිය 150කගෙන් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
හොරෙන් ගත් මෙම මුදල් කොටි සංවිධානයට බැරවූයේ දැයි රහස් පොලීසිය සොයයි.
මොවුන් මෙම ජාවාරම කර ඇත්තේ ලංකා බැංකුවේ අන්තර්ජාල ගෙවුම් පහසුකම් (අයි.පී.ජී) ක්‍රමය උපයෝගී කර ගනිමිනි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ද යොදා ගෙන ඇත.
එතෙර ක්‍රෙඩිට් කාඩ් හිමියන් සහන පදනම සහ කාන්තා හා ළමා සංවර්ධන පදනමට වසරක් යන තුරු විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කර ඇත. එම මුදල් එම පදනම්වල බැංකු ගිණුම්වල තැම්පත් කර තිබේ. ඉන්පසු ක්‍රේඩිට් කාඩ් හිමියන් නොදැනුවත්වම ඔවුන්ගේ ගිණුම්වලින් හොරට මුදල් ගෙන ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ක්‍රෙඩිට් කාඩ්වලින් විසි හය කෝටියක් හොරට ඇදලා
සමීර Thursday, 21 February 2013 05:43 PM
මෙහෙමත් රටක්? (නි)
පද්මි Friday, 22 February 2013 11:54 AM
නවීන තාක්ෂනය තවම ලංකාවට හරියන්නේ නැහැ.(නදී)
ලලිත්-දෝහා Thursday, 21 February 2013 07:35 PM
හරිම ලස්සනයි. ඇගට පතට නොදැනී ඔච්චර හරියක් කලානේ මන් කියන්නේ.(නදී)
සංජු Friday, 22 February 2013 09:37 AM
කවුද මේවට වග කියන්න ඕනෑ? (නි)
ගාමිණී Thursday, 21 February 2013 05:14 PM
ගණන ඇහෙනකොට ඇග හිරිවැටෙනවා. (නි)
වරුණ Thursday, 21 February 2013 05:19 PM
ජීවත්වෙන්න මුදල් හිග ඇති (නි)