විදේශ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ගේ ගිණුම්වලින් රුපියල් විසි හය කෝටි තිස් ලක්ෂයක් හොරෙන් ගත් බව කියන සැකකරුවන් 14 දෙනකුගෙන් අට දෙනකු තවත් මාස තුනක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද අවසර දුන්නේය.
මේ ජාවාරමෙන් ලංකා බැංකුවට එම පාඩුව සිදු විය.
රහස් පොලීසිය උසාවියට දැන්වූයේ සැකකරුවන් 14 දෙනකු ඊට හවුල් බවයි.
රහස් පොලීසිය 150කගෙන් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
හොරෙන් ගත් මෙම මුදල් කොටි සංවිධානයට බැරවූයේ දැයි රහස් පොලීසිය සොයයි.
මොවුන් මෙම ජාවාරම කර ඇත්තේ ලංකා බැංකුවේ අන්තර්ජාල ගෙවුම් පහසුකම් (අයි.පී.ජී) ක්‍රමය උපයෝගී කර ගනිමිනි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ද යොදා ගෙන ඇත.
එතෙර ක්‍රෙඩිට් කාඩ් හිමියන් සහන පදනම සහ කාන්තා හා ළමා සංවර්ධන පදනමට වසරක් යන තුරු විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කර ඇත. එම මුදල් එම පදනම්වල බැංකු ගිණුම්වල තැම්පත් කර තිබේ. ඉන්පසු ක්‍රේඩිට් කාඩ් හිමියන් නොදැනුවත්වම ඔවුන්ගේ ගිණුම්වලින් හොරට මුදල් ගෙන ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් රටක්? (නි)
නවීන තාක්ෂනය තවම ලංකාවට හරියන්නේ නැහැ.(නදී)
හරිම ලස්සනයි. ඇගට පතට නොදැනී ඔච්චර හරියක් කලානේ මන් කියන්නේ.(නදී)
කවුද මේවට වග කියන්න ඕනෑ? (නි)
ගණන ඇහෙනකොට ඇග හිරිවැටෙනවා. (නි)
ජීවත්වෙන්න මුදල් හිග ඇති (නි)