තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය හෙට (01) ආරම්භ වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන මෙවර තරගාවලිය අපේ‍්‍රල් මස 7 වැනිදා අවසන් වීමට නියමිතය. පළමු සතියේ තරග යටතේ තරග 10 ක් හෙට (01) ආරම්භ වන අතර තෙදින තරග වන මෙම තරග 3 වැනිදා අවසන් වීමට නියමිතය.
නව සැලැස්මට අනුව මේ වසරේ (2012/2013) කණ්ඩායම් හයක් පහත දමා ලබන වසරේ (2013/2014) පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් 14 ක් සහභාගි වීමට නියමිතය. ඒ අනුව 2015/2016 තරග වාරය වන විට පළමු පෙළ තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 ක් දක්වා පහත වැටීමට නියමිතය.
බොහෝ පිට පළාත් ක‍්‍රීඩා සමාජ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සමගින් මෙවර තරගාවලියට පිවිසීමට සූදානමින් සිටියි. මෙවර කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් හයක් පහත දැමීමට නියමිතය.
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ ටෙස්ට් ක‍්‍රීඩකයන් වන ප‍්‍රසන්න ජයවර්ධන, චාමර සිල්වා, කෝල්ට්ස් පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා සහ චතුර පීරිස් යන ක‍්‍රීඩකයෝ පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. ප‍්‍රසන්න ජයවර්ධන ආබාධයක් හේතුවෙන් පළමු තරගයෙන් ඉවත්ව සිටින බව ද වාර්තා වේ.
රාගම ක‍්‍රිකට් සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ අන්තර් සමාජ ප‍්‍රබල පිතිකරු ඉන්දික ද සේරම් මෙවර මුවර්ස් ක‍්‍රීඩා සමාජයට ද, හලාවත මේරියන්ස් පිල නියෝජනය කළ ගයාන් විජේකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි මෙවර සී.සී.සී. පිලට ද ක‍්‍රීඩා සිටිති.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:
‘ඒ’ කාණ්ඩය: කෝල්ට්ස්, රාගම, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, මුවර්ස්, යුද හමුදා, බී.ආර්.සී., සැරසන්ස්, ගුවන් හමුදා සහ පානදුර
‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගම්, බදුරලිය, එන්.සී.සී., නාවික හමුදා, වරාය අධිකාරිය, කුරුණැගල තරුණ, සී.සී.සී. සහ ගාල්ල
හෙට ආරම්භ වන තරග
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කී‍්‍රඩා සමාජ හයකට තීරණාත්මක විය හැකි පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ