දකුණු ඉන්දියාවේ නාගපට්ටම්හි සුප්‍රකට අමිර්ත කාල්ශ්වර කෝවිල වැඳපුදා ගැනීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරියට එරෙහිව ඊලාම් වාදීන් සහ ඔවුන්ගේ සගයන් විරෝධතාවයක් වූ බවත් ඒ හේතුවෙන් ඔහු දේවාලය වැඳපුදා ගැනීම අතහැර ආපසු පැමිණීමට සිදුවූ බව ඉන්දීය මාධ්‍ය කියයි.
11 වැනි ශතවර්ෂයේ දකුණු ඉන්දියාව පාලනයකළ රාජා රාජා චෝලන් අධිරාජයාගේ කාලයේ පටන් පැවතී මේ දේවාලය ඉදිකර ඇත්තේ ශිව දෙවියන් යම රජුගෙන් මාකන්දේය දෙව්වියන් බේරාගත් ස්ථානයේ බව පොදු ජනප්‍රවාදයන්හි දැක්වෙයි.
මෙම දෙවොල වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දේශපාලඥයෝ කලක සිට යති.
2010 දී එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකයාව සිටි වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාටත් ධීවර කර්මාන්ත උප අමතිධුරය හෙබවූ නියෝමාල් පෙරේරා මහතාටත් 2012වසරේදී 178 දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය වන්දනා නඩයකටත් විරෝධතාවයන් නිසා මෙම දේවාලය වැඳපුදාගැනීමට නොහැකිවී ඇත.
මෙවර විරෝධතාවයට ඊලාම් හිතවතුන් සමඟ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්, භාරත ජනතා,මුරුමලාර්ච් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සහ පට්ටලි මක්කම් කච්චි පක්ෂවල ක්‍රියාකාරීන් සහභාගීවී ඇත.
ඉන්දියා පොලිසිය ජයසුරිය මහතාට ආරක්ෂාව සැපයීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල රජකාලෙ සෙලී රටෙන් සොලී රට සොලීන් අද තමිල්නාඩු ද්‍රවිඩ යන්ය.. මේවා අපේ අය අමතක කරලා.!(නු)
සායි බබා ඉන්නකම් එයා පස්සෙ ගියා.. මොන එකකට ඉන්දියාවෙ කෝවිල් ගානෙ යනවාද? මේ තරම් පන්සල් තියෙද්දි..!(නු)
තමන්ට තමන් ගැන හොද විශ්වාසයක් තිබිය යුතුයි.(නදී)
ඊළගට මෙයා නිගන්ටයොත් බල්නන යයිද දන්නෙ නැහැ..!(නු)
මේක කියන්න තිබුණෙ සම්බන්ධන්ට..!(නු)
කෝ මේ මිනිස් අයිතිවාසිකම් රැක ගන්න ඉන්න සංවිධාන ඇයි මේවට එයාලා කතාකරන්නේ නැත්තේ. ලංකාවේ ඔහොම දෙයක් උනානම් ඔක්කොම උඩ පනී.... (ස)
අපේ අයටත් ලැජ්ජා නැහැනේ. (නි)
ඇයි දෙවියන් අදහන්නේ? (නි)
දෙවියන්ටත් දෙවියන් වුණු බුදුන් වහන්සේ වන්දනා කරන්න. (නි)
කෝටිගණන් බෞද්ධයින් යන්නේ බුද්ධගයාවටනේ. (නි)
මොන එහෙකටද ඕවාල යන්නේ? (නි)
එක අරමුණකින් ජීවත් වීමයි කළ යුත්තේ. (නි)
මොනවටද ගියේ මෙච්චර පිළිම දේවාල තියාගෙන ලංකාවෙ ? ඔහොම වෙන්න ඕන පාඩමක් ඉගෙනගන්න.(නදී)
තමිල්ණාඩුවේ අය මෙහේ ඇවිත් සමතැන් ඉල්ලනවා.... (නි)
මේ වගේ තැන් තැන්වල යන්නෙ මොකටද මේ තරම් ලංකාවෙ පන්සල් තියෙන කොට..!(නු)
කේන්දරේට අනුව තමන්ගේ ඉදිරි ගමන ගැන හිතලා කටයුතු කරනවා නම් අනවශ්‍ය අපවාද වලට මැදිවෙන්නේ නැහැනේ. (නි)
දැන් නම් අපි ඉවසුවා ඇති වගේ. (නි)
නීලා සූකිරි ඇයි එතකොට යාපනේ ගිහිං නල්ලූර් කෝවිලේ පූජා තියන්නේ අපේ අය... (නු)
නියම පිරිසිදු බෞද්ධයාට අනෙක් දෙවියන්ගෙන් සරණක් අවශ්‍ය නැත..!(නු)
අර සමහරු කියනවා වගේ "අපි හිතවාදියෝ" කියලා කියන්න නැතුව ඇති. ඒකයි එහෙම කරන්න ඇත්තෙ. (නි)
කේන්දරේ බලාගත්තොත් හොදයි කරු මහත්තයා..!(නු)
මෙහේ සුදු මහතුන්ගේ වැසිකිළි වල බුදු පිළිම. අපේ මහතුන් ඉන්දියාවට ගිහින් දෙවියන් වදිනවා. අනේ මෙහෙමත් දේවල්? (නි)
අපරාදේ! ගුවන් ටිකට්පතට දුන් සල්ලිත් නැහැ. දෙවියොත් නැහැ. (නි)
තමන් හිසට තම අතමය සෙවනැල්ල.(නදී)
බොහෝ අය නොදන්නවා වුනාට ලංකාවේ ඉහලම අය පවා කෝක කරගන්න බැරිවුනත් ඔය ඉන්දියාවේ කෝවිල් වලට දුවනවනේ.(නදී)
ඒ පැත්ත වන්දනා කළොත් හොදයි කියලා හිතෙන්න ඇති. ඇයි මෙහෙම වෙන්නේ?(නදී)
දෑන්වත් තේරෙනවාද අපට අවශ්‍ය අපේ රටයි කියලා. (නි)
ධර්මපාලතුමා හිටියානම් එයා මෙයාට ගහනවා මිසදිටුවෙක් කියලා.(නදී)
එතුමා බෞද්ධයෙක් නම් ඇයි හින්දු ආගම අදහන්නේ.(නදී)
දැන් නම් ඉතින් ආයේ යන එකක් නැහැ. (නි)
ඇයි පන්සලක් සොයා ගන්න බැරුවද කෝවිල් ගියේ ? (ස)
දෙවියන් යැදීමෙන් ලැබෙන දෙයක් නැත..!(නු)
නටන නැටුමක් එයාලට නටන්න පුලුවන් තමිල්ණාඩුවේ විතරනේ. (නි)
වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටිලා... (නි)
තමිල්නාඩුවන්ගේ ක්‍රියාකලාපය ඉතා නරකයි.. අපි ඉවසනවා වැඩියි.!(නු)
අපි දන්න විදියට නම් කරු මහත්තයා හොද බෞද්ධයෙක්. (නි)
මිත්‍යා දෘෂ්ඨිකයන්ට උරුම නිරයක් තිරිසන් ලෝකයත් පමණයි..!(නු)
කොහොමද අපිත් එක්ක තියෙන තරහා (දී)
ඉතාම උතුම් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ බුද්ධගයාව දඹදිව තියෙනවානේ. ඒවා තියෙද්දි මොන එකකට කෝවිල් වදින්න යනවාද?(නු)
රාජ රාජ චෝලන් රජු හැදූ මේ දෙවොල වසර 1000ක් පැරණියි. ඒකේ බලන්න දේවල් හුගක් තියෙනවා. (නි)
මොකටද යන්නෙ එහේ? ඉන්දියාවෙ අය එනවද අපේ දළදා හාමුදුරුවො වැඳ පුදා ගන්න? (නි)
ඇයි ඔය කෝවිල් වලට යන්නේ වදින්න? (නි)
ඇයි බෞද්ධ අපි හින්දු දේවාල වදින්න යන්නේ? (නි)
හොදයි වැඩේ. බෞද්ධයින් ලෙසින් පෙනී සිටිමික් හින්දු ආගම අදහන්න යනවට.(නදී)
ඊලාම් කමිටුවේ සාමාජිකයින් එක්ක ගියා නම් ඔහොම වෙන්නේ නැහැ. කන්න බොන්නත් දෙයි.(නදී)
හැබැයි අපේ අහවලා ගියා නම් එයාලා කන්න බොන්නත් දේවි. (නි)
මේ වුණ අසාධාරණයට දෙවියන් කුමක‍් කරයිද දන්නෙ නැහැ. (නි)
බෞද්ධයින් විසින් වැදිය යුත්තේ බුදුන්වයි. (නි)
ඇයි අපේ දළදා මාළිගාව? කැළණිය? (නි)
ඉන්දියාවේදී ඕවා ඔහොම කළාට මෙහේ නම් ඔය සෙල්ලම් බැහැ හොදේ. (නි)
බෞද්ධ විදියට පිනක් දහමක් කරන්න පන්සල් ගියා නම් හරිනේ. (නි)
ඇයි තනියම ගියේ වැඩේ කරගන්න යන්න ඕන ක්‍රම තියෙනාවානේ..!(නු)
අපේ රටේ කොච්චර නම් ආගමික ස්ථාන තියෙනවද? (නි)
ඔය සර්ව ආගමික කතාව කියන්නේ බෞද්ධයෝ විතරයි.. එකෙන් පෙන්වන්නේ තමන්ගේ ආගම ගැන විශ්වාසයක් නැති බවයි..!(නු)
ලංකාවේ වදින්න තැන් නැද්ද? (නි)
පක්ෂ විපක්ෂ නැහැ සිංහලයන්ටයි විරුද්ධ(නු)
ඇයි අපේ ලංකාවේ දේවාලවල ඉන්න දෙවිවරුන්ටත් වඩා ඉන්දියන් දෙවියන් වැඩියෙන් යමක් දෙනවද? (නි)
නොපෙනෙන දෙවියන් ඇයි ඔබ වැන්දේ...????? (ස)
මේ තරම් වටිනා තැන් අපේ ලංකාවේ තියෙද්දී මොන එහෙකට ඉන්දියාවට ගියාද? (නි)
ඉන්දියාවට යෑම සියල්ලන් විසින්ම කථිකා කර නැවැත්විය යුතුයි. (නි)