ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවල රූපවාහිනී අයිතිය වසර හතක කාලයක් සඳහා ඩොලර් මිලියන 53 කට විකිණීමේ සූදානමක් ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග දිගු කාලීන සම්බන්ධතා ඇති ප‍්‍රකට රූපවාහිනී සමාගමක් ඒ සඳහා ඉදිරිපත් වී ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම රූපවාහිනී විකාශන අයිතිය අළෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කමිටුවක් පත්කර ඇති නමුත් මේ දක්වා ඒ සඳහා ඩෙන්ඩර් කැඳවා නොමැති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරියකු- පැවසුවේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් එය විශේෂ කමිටුවකින් මගින් ක‍්‍රියාත්මක කරන බවත්ය. එහෙත් අදාළ කමිටු සාමාජිකයකුගෙන් ඒ පිළිබඳව කළ විසීමකදී ඔහු කියා සිටියේ රූපවාහිනී අයිතිවාසිකම් වැනි දැවැන්ත කාර්යයක් සම්බන්ධයෙන් විධායක කමිටුව සෘජුවම මැදිහත් වන බවයි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියකු පැවසුවේ මෙම විකාශන අයිතිය ඩොලර් මිලියන 60 කට වැඩි මුදලකට අළෙවි කළ හැකි බවත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම් අනිවාර්ය බවත්ය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්රිකට් විකාශන හිමිකම ලබාගන්න ඩොලර් මිලියන 53 ක තක්සේරුවක්
අමිල Friday, 18 January 2013 11:04 PM
බුදු අම්මෝ, පුදුම මිලක්නේ (දී)
අපොන්සු Saturday, 19 January 2013 05:17 AM
මේ ක්‍රිකට් මණ්ඩලයට පැන ගන්න මටත් පුලුවන් නම්... (නි)
සෑම් Saturday, 19 January 2013 03:02 PM
සුදුපුතාට තමයි ඕක ලැබෙන්නෙ (නි)