IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කි‍්‍රකට් ප‍්‍රබලයෙක් පස්මහ බැලූම් බලයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේම හිටපු ප‍්‍රබලයකු සූදානම් වන නමුත් එහිදී තමන්ට ජයග‍්‍රහණය කිරිමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසමින් සිටින බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡවක් අද (27 වැනිදා) සවස පැවැති නමුත් රාත‍්‍රිය වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොතිබිණ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වත්මන් ලේකම් නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුර සඳහා ‘නිදහස් අපේක්‍ෂකයකු’ ලෙසින් අද සිය නාමයෝජනා බාරදීමට නියමිතය. කි‍්‍රකට් නිලවරණයේ නාමයෝජනා බාරගැනීම හෙට (28) පස්වරු 4.30 ට අවසන් වීමට නියමිතව ඇත. 



අදහස් (0)

කි‍්‍රකට් ප‍්‍රබලයෙක් පස්මහ බැලූම් බලයි

වරුණ Thursday, 28 February 2013 07:46 AM

කොයි පැත්තට මුක්කුව ගහනවද කියලා පස් මහ බැළුම් බලනවා ඇති. (නදී)

:       0       0

ලලිත් Thursday, 28 February 2013 02:09 PM

දන්නවනේ මුට්ටිය ඇතුලේ තියෙන්නේ මී පැණි කියලා ඒකනේ ඔච්චර දඟලන්නේ...(ස)

:       0       0

ජනක Thursday, 28 February 2013 08:41 AM

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වලට ඉන්න ප්‍රධානම හතුරා කවුද කියලා දන්නවාද? (නි)

:       0       0

අජානි Friday, 01 March 2013 10:11 AM

මම නමි හිතන්නේ අර්ජුන තමයි මේකට සුදුසු. මොකද එයා සල්ලි පස්සේ යන්නේ නැහැ. අඩුගානේ ක්‍රිකට්වත් දියුණු වෙනවා බලන්න නම් අරුජුන ඉන්නම ඕනේ. වාස් ගත්තා වගේ අර්ජුනවත් ගන්න. (නදී)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 09:41 AM

පාලනයකට නම් අර්ජුන තමයි හොඳ (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 March 2013 03:22 PM

අර්ජුනගේ දේශපාලන පැත්ත කුමක් වුවත් ක්‍රිකට් වලට ඇති ආදරය තවමත් එලෙසමයි. (නි)

:       0       0

සුනේත්‍රා Thursday, 28 February 2013 10:16 AM

කවුද ජනක කියන හතුරා? (නි)

:       0       0

අසින්ත Thursday, 28 February 2013 03:02 PM

ද සිල්වා , එයා කියන දේ හරියටම හරි. අර්ජුන හැර වෙන කිසිම කෙනෙකුට බෑ ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න. (ස)

:       0       0

ජෙෆ්රි Friday, 01 March 2013 11:05 AM

මම නම් හිතන්නේ අර්ජුන තමයි සුදුසුම. (නි)

:       0       0

අජිත් Thursday, 28 February 2013 03:29 PM

අර්ජුන ගැන දන්නේ එකට හිටපු අයනේ. අර්ජුන තරම් වෙන කවුද සුදුස්සා??? කවුරු පස්මහ බැලුම් බැලුවත් ඇමතිතුමනි, අර්ජුන පුටුවේ ඉන්දවන්න...(ස)

:       0       0

කළන Thursday, 28 February 2013 03:58 PM

වාස් ගත්තා වගේ අර්ජුණ ගමු... සුදුස්සාට සුදුසු තැන අඩුම ගානේ ක්‍රිකට් වලටවත්...(ස)

:       0       0

සුභාෂිණි Thursday, 28 February 2013 11:16 AM

මම නම් හිතන්නේ සුදුස්සා අර්ජුන තමයි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 10:42 PM

අපිට කමක් නැහැ තනතුරු වලට කවුරු පත්වුණත්. (නි)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 04:46 PM

පක්ෂ පාට නොබලා සුදුස්සාට සුදුසු තැන දෙමු. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 28 February 2013 12:45 PM

අර්ජුන පාලනයට හොදයි කියලා දේශපාලන ප්‍රභලයෙකුත් දවසක් කිවුවා. (නි)

:       0       0

කින් බෙනට් Thursday, 28 February 2013 01:01 PM

වෙන කවුරු බලෙන් ඔය තනතුරට ආවත් මුළු රටම කැමති අර්ජුන ඔය පුටුවේ ඉඳ ගන්නවා නම් විතරයි. අර්ජුනගෙන් මෙහා මේ ලංකාවේ ඔය පුටුවට ගැලපෙන වෙන වැඩකාරයෙක් නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 March 2013 02:00 PM

ක්‍රිකට් ආයතනයට යන්න පොර කෑවට මැච් දිනන්නෙම නැහැ. පිරිමි ක්‍රිකට් ලංකාවට අභාග්‍යක් ගෙන දෙන ක්‍රීඩාවක් (ස)

:       0       0

බණ්ඩාර Thursday, 28 February 2013 07:29 AM

මට නම් හිතෙන්නේ මේකට සුදුසුම අර්ජුන රණතුංග කියලා. (නි)

:       0       0

ද සිල්වා Thursday, 28 February 2013 01:36 PM

අර්ජුනට ක්‍රිකට් ගැන මෙන්ම කළමණාකරනය පිළිබඳව ලොකු දැනුමක් තිබෙනවා. ජාත්‍යන්තරය අර්ජුනව පිළිගන්නවා. අර්ජුන මුදල් පසු පස හඹා යන්නේ නැහැ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site