IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොර අතට හොඳ අතක්

එංගන්තයේ ලීඩ්ස් රජයේ රෝහලේදී පසුගිය සතියේ කොරවූ අතක් වෙනුවට අලුත් අතක් බද්ධකිරීමේ සැත්කමක් සිදුවිය. නානාවිධ ගැටලු සහිත සංකීර්ණ සැත්කමක් සාර්ථකව සිදුකළ මුල්ම අවස්ථාව මෙය බව වෛද්‍යවරු කියති.

ඉතිහාස ගතවන මෙම ඉන්ද්‍රිය බද්ධකිරීමට ලක්වූ රෝගියා වුයේ 51හැවිරිදි මාර්ක් කාහිල්ය.  රක්තවාතය හේතුවෙන් ඔහුගේ දකුණත සම්පුර්ණයෙන්ම වාගේ කොරවී තිබිණි. මෙම ආසාධිත තත්වය පිළිබඳව සැක පහළවුදා සිට විවිධ වෙදකම් සිදුකළද එයින් පලක් සිදුනොවූ බව කාහිල් මහතා කියයිග  ඔහුගේ අත නැවත යථාතත්වයට පත්කළහැකි විවිධ අංශයන් පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් සිදුකල ශල්‍ය වෛද්‍ය මහාචාර්ය සයිමන් කේ තීරණය කළේ සුදුසුම ක්‍රියාව අලුතින් අතක් බද්ධ කිරීම බවයි. සැත්කමට පැය අටක් ගත විය. අලුතින් බද්ධ කළ අත හොඳින් සම්බන්ධ වී ඇති බවත් සතුටුවියහැකි ලෙස අත ක්‍රියාත්මක වන බවත් ඔහු කියයි.

මෙම ශල්‍යකර්මය දිගු කාලයක සංකීර්ණ අත්හදා බැලීම් සහ ලකලෑස්තිවීම් සමුදායක මස්තකප්‍රාප්තිය බව මහාචාර්ය සයිමන් කේ පවසයි. අවුරුදු දෙකක් තිස්සේ සිදුකළ අත්හදාබැලීම් රැසකින් පසුව වෙන අයකුගේ අතක් තවත් කෙනකුට බද්ධ කිරීමට අවශ්‍ය විද්‍යාත්මක හුරුව සහ ඥානය තම කණ්ඩායමට පැහැදිලිවම තිබෙන බව ඒත්තු ගිය නිසා මෙම බද්ධ කිරීම සිදුකිරීමට තීරණය කළබවද ඔහු කියයි. මීට පෙර ලෝකයේ රටවල් බොහොමයක හදිසි අනතුරු හෝ කැපුම් කෙටුම් නිසා වෙන් වූ අත් පා බද්දකිරීම් සාර්ථකව සිදුකර තිබුණත් මිනිසුන් දෙදෙනෙකුගේ අවයව එකට බද්ධකිරීමක් මෙතෙක් කල් සාර්ථක වී නැතග මෙවන් සැත්කමකින් පසුව ඇතිවන මානසික ගැටලු පිළිබඳවද මෙහිදී සිතාබැලීමට සිදුවන බව වෛද්‍ය කණ්ඩායමේ නිගමනය වියග 1998 නවසීලන්තයේ දී කොරවූ අතක් වෙනුවට රිය අනතුරකින් මියගිය කෙනෙකුගේ අතක් සාර්ථකව බද්ධකළ නමුත් අවුරුදු දෙකක් වැනි කාලයක දී එම රෝගියා , මියගිය අයෙකුගේ අතක්, සමග ජීවත්වීම මානසිකව අසහනයට පත් කරන්නක් බව කියමින් එය නැවත ඉවත් කරන ලෙසට කන්නලව් කළේයග මෙනිසා මාර්ක් කාහිල් ගේ සැත්කම සිදුකිරීමට කලින් ඔහුට බද්ධ කරන අලුත් අත ලබාගන්නේ හදිසි අනතුරකින් මියගිය කෙනකුගෙන් බවත් හැකිතරම් දුරට ඔහුගේ ශරීර ලක්ෂණ සහ වයසට සමීප වන කෙනෙකුගෙන් බවත් දන්වා ඒ පිළිබඳව ඔහුගේ මනස සංසිඳුවීමට මනෝ වෛද්‍ය කණ්ඩායමක සහයද ලබාගෙන ඇත. 



අදහස් (0)

කොර අතට හොඳ අතක්

සුනිල් Saturday, 05 January 2013 07:32 PM

නොබෙල් දෙන්න වටිනවා (දී)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 10:08 AM

නීරෝගී වාසනාවන්ත දිවියකට අපෙනුත් ආසිරි (ස)

:       0       0

රොෂාන් Friday, 04 January 2013 07:01 PM

මෙන්න වැඩ මේ වගේ අයට හොදට අනුග්‍රහය දෙන්න ඕන.. එතකොට අපට තව හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවං..(නු)

:       0       0

ශාන්ත Friday, 04 January 2013 07:37 PM

ඉතාම හොද වැඩක්.. සාර්ථක වේවා....!(නු)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 03:06 PM

වෛද්‍යවරු දක්ෂයි (ස)

:       0       0

හිල්ම් Saturday, 05 January 2013 03:34 AM

අනේ සාධු... සාධු... සාධු... (දී)

:       0       0

අනුර Saturday, 05 January 2013 04:15 AM

ඉදිරියට මොලයක් හා හදවතක් බද්ද කරගෙන වැඩි කාලයක් ජීවත් වෙන්න ක්‍රමයකුත් හොයා ගනී වගේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site