ජනතා විමුක්ති පෙරමුණ උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. අපිට එහෙම කරන්න බැහැ. අපි කරන දේ කියන, කියන දේ කරන අයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ අද (08) පැවැති ස්වර්ණ පුරවර සම්මාන ප‍්‍රදානෝත්සවය හා පළාත් පාලන ජාතික සමුළුව අමතමිනි.
ජනතාව සිටින්නේ මහජන නියෝජිතයින් වෙනුවෙන් නොව මහජන නියෝජිතයින් සිටින්නේ ජනතාව වෙනුවෙන් බවද ජනපති කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කියන දේ කරන, කරන දේ කියන" කියන වචන ඇහෙද්දී මගේ ඇගේ ශක්තිය වැඩිවෙනවා වගේ.... (නි)
මහජන නියෝජිතයෝ ඉන්නෙ ජනතාව වෙනුවෙන් බවනම් අමතක වෙලා ගොඩක් අයට..!(නු)
හැබැයි 2500 කින් පඩි වැඩි කරනවා කියල වැඩි කලේ 1500කින් නේ.(නු)
ඒත් දැන් වෙන දේවල් කාටවත් කලින් කියන්න තියා හිතාගන්නවත් බෑ කියලයි මටනම් හිතෙන්නේ (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතුමාට මොකද මන්දා එකපාරටම ජේ.වී.පී. එක ගැන මතක් වුණේ? (නි)
ආණ්ඩුවක් කරන කොට තියෙන්න ඕන ප්‍රධානතම දේ තමයි මේ දේ (දී)
අනේ අපේ පඩි නම් කීයකින් වත් තවම වැඩි උනේ නෑ (ස)
බඩුමිල නම් දරාගන්න බැහැ දැං..!(නු)
සන්තෝසයි ජනපති තුමා (දී)
මොනවා කිවුවත් කළත් බඩු මිළ නම් දිනෙන් දිනම ඉහළටම යනවා. (නි)
ජවිපෙ ගැන කියලා තිනෙ එකනම් හරි පක්ෂයක් උනා ම එක වචනයක් තියෙන්නේ ඕන..(නු)
ඒක නේන්නම්... (නි)
ඉතා හොද වැඩක් (දී)
රටක් පාලනය කරන්න තියෙන්නම ඕන දේ (දී)
සන්තෝසයි
ඔබතුමා හරි.. මෙයාලා උදේට එකක් කියලා හවසට තව එකක් කියලා රාත්‍රීයට තවත් එකක් ලියලා පොස්ටර් ගහනවා..!(නු)
අනේද කියන්නේ (ස)
දෙනවැයි කිව්ව රු. 2500/- වැටුප් වැඩි වීම..? (නු)
අපරාදේ කියන්න බැහැ, ඒකනම් ඇත්ත. (නි)
ජනපති තුමාට ජය වේවා (දී)
කාතාවෙන් වගේම ක්‍රියාවෙනුත් එය විය යුතුයි (ස)
අනේ අනේ කාට කියන්නද (ස)
ඒත් අපිට දුක නොකියපු දේවලුත් කරන එකටයි. (නි)
මගේ කන්දෙක අඟුල් වැටිලා තිබුණේ (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අපේ රටේ තිබිය යුතු පක්ෂයක්ද? (නි)
ඒක නම් ඇත්ත පක්ෂයක් උනාම එක වචනයක් තියෙන්න ඕන..!(නු)
ඔවු ඔවු. අපරාදේ කියන්න බැහැ. ඒක ඇත්ත. (නි)