2015 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් විසි පන් ලක්ෂයක් කැඳවා ගැනීම අරමුණ බව රජය කියන නමුත් දැන් එන සංචාරකයන් ‘චූන් පාන්‘ වාහනෙන් කිඹුලා බනිස් කන ජාතියේ සුද්දන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා අකුරැස්සේ මාරඹ රැස්වීමකදී පැවසීය.
රෑ දහයක් තරු පහේ හෝටලයක ගත කළ හැකි සංචාරකයන් අවශ්‍ය බවත්, එවැනි සංචාරකයකුට අඩු ගණනේ රියදුරකු, කෝකියකු, වේටර්වරයකු හා කාමර පිරිසිදු කරන්නකු අවශ්‍ය බවත්, රැකියා ජනනය කළ හැකි වනුයේ එවැනි සංචාරකයන්ගෙන් බවත්, චූන් පාන් සංචාරකයන්ගෙන් රටට වැඩක් නැති බවත්, ඔහු කීවේය.
අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි වනුයේ සල්ලිකාරයන්ට යැයි ද, ගණිකා වෘත්තිය වැඩිවී ඇතැයි ද කී අමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ අද කළ යුතු මූලික දේ වනුයේ ගස් වැවීම හා කෘෂිකර්මය දියුණු කිරීම යැයි ද, කෘෂිකර්මය අද ලාභදායි නොවන කර්මාන්තයක් වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද කොස් පොළොස් කන සුද්දෝ අමරිකාවෙන් ගෙන්වා ගත්තොත්, අතීතය අමතක වෙලාද, ලෝකට පරකාසේ ගෙදරට මරගාතේ. (ස)
සුද්දෝ කිඹුලා බනිස් කන්නේ ණයටද? (නි)
ජේ.වී.පී. යේ කතා බොහොමයක් වැඩකට නැති වුණත් මෙතැනදී නම් ගතයුත්තක් තිබෙනවා. (නි)
ඇයි ඔය මහා සමාජවාදී රුසියාවෙන් එන්න කියන්න බැරිද තරු පහේ හෝටල්වල නතරවෙන්න. (ස)
විදේශිකයෝ මොන වගේ අය උණත් තමන් කැමති භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නිදහස තිබිය යුතුයි (ස)
වැදගත් මිනිසුන් සිටින අපිට උදව් කරන රුසියාව ඕකට ගාවගන්න එපා..!(නු)
ඔන්න ඔන්න ඉතිං ඒකටත් කටුව ගහන්නයි යන්නේ. (නි)
ශ්රී ලංකාවේ කෘෂිකර්මය නගාසිටුවන තුරු අනාගයක් නැහැ.(නදී)
කතාව ඇත්ත, අනිත් රටවල ඩොලර් 100 පැකේජ් ගන්නේ . අපේ රටේ ඩොලර් 30, 40 පැකේජ් ගන්න පොරු ටුවරිසම් වැඩක් නැහැ තමයි.(නදී)
කිඹුලා කට ඇරියාම ඇහැ පේන්නෙ නැහැ.!(නු)
අනේ මොනවා හරි ලෙඩ ඇදගෙනම ඉන්න.(නදී)
කිඹුලා බනිස් හරි කන්න සුද්දෝ එන එකත් වටිනවා. ජරා කතා කියන්න එපා. ජේ.වී.ඵී එකක් දැන් නැහැ කියලා අපි දන්නවා.(නදී)
දැන් අතීතය අමතකද? ඔබ තුමාගේ සහෝදරියත් මේකට වග කිව යුතුයි.(නදී)
කවදටද මේවා වෙන්නේ. අපි බලාගෙන ඉන්නේ.(නදී)
සුද්දෝ යන්නේ ත්‍රීරෝද රථවල, මහා හිසරදයක්. තහනම් කරන්න.(නදී)
වැදගත් විදියට කථා කරන්න. ඒක වටිනවා. (ස)
මෙයාලා ආණ්ඩුවට කිට්ටුවෙන්න වගේ හදන්නෙ..!(නු)
සංචාරකයෝ ජේ.විපී එකේ අය වගේ ධනවත් පන්තියේ අය නෙමෙයි.. ඒ අය නිර්ධන පන්තියෙ අය..!(නු)
එහෙනම් මෙයාලට ඕන ගල් බනිස් කන සංචාරකයන්ද? පහු ගිය කාලෙ දාපු තුණ්ඩු කෑලි නිසා තමයි ආව සංචාරකයොත් නතර උනේ..!(නු)
නිකරුනේ රජයට දොස් කියන්න එපා (නු)
ජනතා විමුක්ති පෙරමුණ කවදත් කියන්නේ මේ වගේ කථාවක් තමයි.සැම විදේශිකයෙක්ම සල්ලිකාරයෝ නොවේ සැවොම බලන්නේ අඩුවේන් වියදම් කරලා වැඩි ප්‍රයෝඡනයක් ගන්න විදේශිකයෙක් අවේ නැත්නම් ඒ පාඩුව අපිට මිස ඔහුට නෙවේ. රජය බැහැ සල්ලිකාර විදේශිකයන් විතරක් ගෙන්වන්න. මේවගේ කථා කියන දේශපාලකයන් ඉන්න කන්නම් රට ගොඩගන්න බැහැ. (නු)
සංචාරකයන් ලංකාවට එන්නේ බර්ගර් කන්න නෙවෙයි අමරසිංහ මහත්තයෝ..!(නු)
ඔයාලාගේ වැඩකටයුතු අපට තාම හොදට මතකයි..!(නු)
මට පේන හැටියට නම් සුද්දෝ කෙසේ වෙතත් අපේ රටේ කට්ටිය නම් කිඹුලා බනිස් වලට ආසයි වගේ. මොකද කිඹුලා බනිස් වල ඉස්සරහා පස්ස කියලා වෙනසක් නැහැ, සමහරුන්ගේ ප්‍රතිපත්ති වගේ.
කියන්න කියන්න අහගෙන ඉන්නේ. (ස)
දැන් ඉන්න සුද්දෝ ඒ කාලේ අය වගේ නෙමෙයි. එයාලා ගූගල් කාලා බලලා හොයලා තමයි මෙහේට එන්නේ. (නි)
ඇයි ළගදී පත්තෑයෙක් දාලා නව නිෂ්පාදනයක් කරලා තිබුණේ? (නි)
සුද්දා ලංකාවට ඇවිත් බනිස් කන්නේ වීසා වලට සල්ලි ගෙවලා ඇවිත් මිසක් නිකන් ණයට නෙමෙයි. (නි)
ලංකාවේ ආර්ථිකය නගාසිටුවන්න පුළුවන් කෘෂිකර්මානත්යෙන් විතරයි. මම ලංකාවට ආවම ඒ සදහා දායකත්වයක් ලබා දෙනවා.(නදී)
එහෙනම් දැං ඕන හැම් බේකන් කන අයද?(නු)
එහෙනම් හැම් බේකන් කන සංචාරකයොද ඕන.. අනේ තවත් රටේ ජනතාවට විහිළු සපයන්නෙ නැතිව ඇත්ත වාමාංශික සංවිධානයක් දැංවත් පටන්ගත්තොත් හොදයි නේද? (නු)
සෝමවංශගේ කතාව හරි. පිටකොටුවේ දුම්රිය ස්ථානය ලග පැයක් හිටගෙන හිටියනම් බලාගන්න තිබුනා අපේ රටට එන විදේශිකයින්ගේ තරම.(නදී)
ත්‍රීවීල්වල යන එක දුකනම්.. ලක්සරි කාර් එකක් දෙන්නකෝ..(ස)
කිඹුලා බනිස් ගෙඩියක් හරි වැඩියෙන් විකිනෙනවානෙ.ඒකත් ලොකු දෙයක්. (ස)
සෝමදාස මහත්තයාට 89කරපුවා අමතකවෙලා වගේ.. (නු)
අමතක වුනාද 1988, 1989 කාලේ කිඹුලා බනිස් නෙමෙයි රෝස් පාන් කන්නවත් සංචාරකයෝ හිටියද?(නු)
කථාව සමාජවාදෙ ගැන කත් අදින්නේ දනපතිවාදයට (ස)
මේවා ජනතාවගේ අත්පොලසන් බලාගෙන චූන් කරන්න කියන කතා. සංචාරකයන් සංඛ්‍යාව අමතක කරන්න. රටට ලැබිලා තියෙන ආදායම සන්සන්දනය කරන්න.(නදී)
දෙපිටකාට්ටු කතා. සල්ලිකාර සංචාරකයින් ඕනලු. අදි වේගී මාර්ගය හදලා තියෙන්නේ සල්ලිකාරයින්ට විතරලු.(නදී)
ධනපති පංතිය බංගවේවා කිවිව නිසා ධනපතියෝ අඩුවෙලා වෙන්න ඇති.(ස)
එහෙම කියන්න එපා අනේ. පනස්දහස් වෙනියා, ලක්ෂෙ වෙනියා ලෙස ලංකාවට එනකොට ඒ ගොල්ලන්ව පිලිගන්න බෙර ගහලා නටලා පිනුම් ගහලා ලක්ෂ ගනන් වියදමි කරන්නේ.(නදී)
අමරසිංහ මහත්තයෝ, සුද්දෝ ආවොත් සුද්ද කරන එක අපි බලාගන්නම්.(නදී)
මෙ කතා හරිම අප්‍රියයි නේද ?(ස)
කිඹුලා බනිස් කාලා ත්‍රීවිලර් එකේ යනකොට අපේ බේකරි හිමියන්ට සහ ත්‍රීවිල් හිමියන්ටයි තමයි වාසි...(ස)
මොන සොමවංශ අමරසිංහද මේ කතා කරන්නෙ? ඇහුවට තරහ වෙන්න එපා, මම එහෙම ඇහුවෙ මේ හාදයට මුහුණු කීපයක් තියෙන නිසා!(නදී)
පවතින රජයක් කරපු එක වැඩක් හොඳයි කියා තමුන්ලා කියල තියෙනවනම් පෙන්නලා දෙන්නකෝ.මුල් අවදියේනම් ජේ.වී.පි එකේ කිසියම් ගතයුත්තක් තිබුන.දැන්නම් කුහක දේශපාලනය කරන අංක එකේ පක්ෂය වෙලා.සංචරකයින් වැඩි වශයෙන් එන එකත් දරාගෙන ඉන්න බැරිවට කියන කතානේ.රටට හොඳක් වෙනවා දකින්න අකමැති දේශපාලකයොත් එක්කනේ අපට මේ ගමන යන්න වෙලා තියෙන්නේ.(නු)
විදේශිකයෝ දැං හොදටම සුද්ද වෙලා ඉවරයි.. එහෙ ජීවිත ගැටගහ ගන්න බැරිවයි මෙහෙ ඉන්නෙ.. ලංකාව සංචාරක කර්මාන්තය හරියට කාන්තාවන් රට යවලා සල්ලි ගේනකං බලඉන්නවා වගේ වැඩක්.. රටේ ආදායම වැඩිකරගන්න.. රට දියුණු කරන්න ලේසියි වැඩකරන අය වැඩි කළොත්..!(නු)
ජවිපෙ ඇදුම් ඇදගෙනද කතාකරන්නේ කියලා බලන්න..!(නු)
ඔබතුමාලගේ කාලෙ කිඹුලා බනිස් තියා ගල් බනිස්වත් කන්න සංචාරකයන් ආවාද? ඉස්සර වගේ නෙමෙයි දැං බුද්ධිමත් ජනතාවක් ඉන්නේ කියලා මතක තියාගන්න..!(නු)
ඒ කියන්නේ දානපතියන් හොඳයි. හිඟන්නෝ නරකයි. හොඳයි හොඳයි ඔහොම යන්..(ස)
halo, kebulabanis keyanney wathaya wage nomiley pariharanaya karanadeyakkda?.......... modachuun kata...
කිඹුලා බනිස් කන්න හරි විදේශිකයන් අප මාතෘභූමියට පැමිණෙන ඒක ලොකු දෙයක්. මන්දයත් කලක් විදේශිකයන් ලංකාව දෙස හැරී නොබලපු වකවානුවක් තිබුණානේ .ඒ තමයි යුද්ධය. (ස)