රුපියල් තිස්පන් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි කැමරුන් ජාතික රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඇඳ සිටි කබායේ සාක්කුවක මෙම විදේශීය මුදල් තිබූ බව රේගුව කියයි. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ විසි එක්දහසක් (රුපියල් 3570000) තිබූ බව රේගුව කියයි.
රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී උපුල් ඉන්ද්‍රජිත් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන චන්දිම කරුණාරත්න, චන්දන රත්නායක, නුවන් බංඩාර, ආර් ඒ ඩී ප්‍රසන්න සහ ඩිලාන් වීරරත්න නිලධාරීන් විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැමරුන් වෙළෙන්දා යුරෝ සමග කොටුවේ
දුමින්ද Monday, 07 January 2013 03:20 PM
නියම වැඩක් (ස)
ජනක Monday, 07 January 2013 11:43 AM
ඔය ඔක්කොමද ?(ස)
සෑම් Monday, 07 January 2013 11:58 AM
ඇයි එයා යන්නේ? එයාල වගේ අයට මෙහේ ඉන්න කියන්න .... රටේ පුරවැසියෝ අපි කොහේහරි යන්නම්....(ස)
නිලංග Monday, 07 January 2013 11:58 AM
සුන්දර ලංකාව හොරුන්ගෙ, මැරයන්ගෙ,තක්කඩින්ගෙ පාරාදීසියක් වෙලාද? (ස)
හේමන්ත Monday, 07 January 2013 03:39 PM
ලක්ෂ 35 ක් කියන්නේ ලොකු දෙයක්ද ? (ස)
රොශාන් Monday, 07 January 2013 04:10 PM
500 කොල 2 ක් විතර මට හංග ගන්න තිබුණනම් මරු තමයි (ස)
ආනන්ද Monday, 07 January 2013 12:56 PM
දැන්නම් මරු. ලංකාවේ හොරු මදිවට කැමරූන් හොරු, චීන හොරු, ලෝකෙම හොරුන්ගේ පාරාදීසය වෙයි වගේ.(ස)
ලලිත් Monday, 07 January 2013 01:29 PM
ඒ මිනිස්සු එන්නේ ව්‍යාපාර කරන්න . ඒ ආවම එක එක දේ ඉගෙන ගන්නවා .(ස)