ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි පාර්ශවයේ නායක කුමාර් ගුණරත්නම්ගේ බිරිය හා දරුවෝ අද සවස වනතුරු ද කටුනායක රඳවාගෙන රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබ සිටියහ. ගුණරත්නම් මහතාගේ බිරිය වෛද්‍ය චම්පා සෝමරත්න (45) දරු දෙදෙනා අද (02)අලුයම කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැ ඕස්ට්‍රේලියාවට යෑම සඳහා අද අලුයම 1.40 සිංගප්පූරු යානයකින් ගමනේ මුල් පියවර යෑමට ඔවුහු එහි ආහ. 1988 සහ 1989 මෙරට සිදු වූ භිෂණ ක්‍රියා සම්බන්ධයෙන් කුමාර් ගුණරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි නිසා ඔහු ගැන තොරතුරු සොයා මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් බව කියන මෙම පවුල මීට මාස හතරකට පමණ පෙර මෙරටට පැමිණ ඇත. කැරැලිකාර කණ්ඩායමට නායකත්වය සපයමින් ඔවුන් මෙහෙයවා ඇත්තේ කුමාර ගුණරත්නම් බව ද පැවැසේ. සෝමරත්න මහත්මිය ඕස්ට්‍රේලියාවේ රෝහලක වෛද්‍යවරියකි. දියණිය සහ පුත්‍රයා එරට අධ්‍යාපනය ලබති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් මොකටද ? අනිත් අය ඔක්කොම ඉන්නේ...
ඒකාලේ ඒවා දැන්ද හොයන්නේ?
එතකොට ලංකාවෙ ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද?
88-99 ඇති වුණ මිනිස් ඝාතනවලට දැනට ඉන්න වගකියන්න ඕන අය පළමුව අත්අඩංගුවට ගන්න ඕනා