පෙරටුගාමීන්ගේ නායකයෙක් නායකයකු වන කුමාර් ගුනරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඕස්ට්‍රේලියාවෙන් පැරිසියට ආවේය. ප්‍රංශයේදි අලූතෙන් පිහිටුවා ගත් සම අයිතිය ව්‍යාපාරයේ මුලිකත්වයෙන් පැවැත්වූ සිංහල හා දෙමළ ජාතීන්ගෙන් සමන්විත නිලධාරින් කණ්ඩායමක් ඇමැතීය. හදුන්වාදීම සහ ප්‍රතිපත්ති එළි දැක්වීමේ රැලිය ලෙස නම් කර රැස්වීමක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජාතික පීඩනය, ජාතිවාදය හා ජාතිවාදීන්ට එරෙහිවද සියලූ ජාතිවාදින්ට එරෙහිව හා සියලූ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කරන සංවිධානයක අන්තර්ගතය ඔවුන්ගේ සංවිධානයේ අරමුණ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වෙයි. සිංහල දෙමළ කථීකයෝ තමන්ට උරුම භාෂා වලින් කථා පැවැත්වුවෝය. අනතුරුව කුමාර් ගුනරත්නම්ගේ ආරාධිත දේශනය ඇරඹුනේය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඔහු දේශනය කළේය. උතුර, දකුණ මිලිටරි කරනයෙන් රට වෙලා ගෙන ඇති බවත් එය සීඝ්‍රයෙන් පැතිර යන බවත් එක පවුලක් බලය හිමි කර ගත් රජ පාලනයකින් රටේ ජනතාව පීඩනයට පත්වී ඇති බවත් කිවේය. ස්වාධීනව ලියන, කියන මාධ්‍යවේදීන් අතුරුදන් කැර හෝ මරා දමා නිහඩ කර ඇති බව ද පැවැසීය. මහ මග, කාණුවල මරා දැමුණු අය හමුවෙන බවත්, සිර ගෙවල සිර කරුවන්ද මරා දමා සිරකරුවන්ට හෝ සාමාන්‍ය සිවිල් ජනයාටවත් මානව අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය නොලැඛෙන තැනකට අද රට පත්වී ඇති බවත් එයින් බේරා ගැනීමේ අරමු‚න් දිවි පරදුවට තබා සියලූම ජාතීන් සමග එකතුව නැතිවී යන මානව අයිතිය දිනා ගැනීම සදහා සටන් කිරීමට සම අයිතිය ව්‍යාපාරය ආරම්භ කල බවත් ගුණරත්නම් පැවසුවේය.
ස්වයං තීරණ අයිතිය, ඉන්දියාවේ බලපෑම, ලෝක බලවතුන්ගේ මැදිහත් වීම හා එහි යථාර්ථය, බොදු බලළසේනා ගොඩනැගීම, මුස්ලිම් විරෝධය ආදිය ගැන ඔහු කරුණු ගෙන හැර දැක්වීය.
පැරිසියේ රැස්වීමට පැමිණි පිරිස අතර වැඩි ප්‍රතිශතය උගත් අවංකවම සිංහලයන්ට ආදරය කරන දෙමළ පිරිසක් නියෝජනය කළේය. ඔවුන් අතර දැඩි රැඩිකල්වාදි අන්තවාදි ඛෙදුම් වාදීහූ නොසිටියෝය. අවංකවම සහෝදර ජාතියට ආදරය කරන දෙපිරිසකගේ මිශ්‍රනයක් රැස්වීම නියෝජනය කළේය. පැරණි ජනතා විමුක්ති පෙරමුණේ සමාඡිකයෝ සැලකිය යුතු ප්‍රමානයක් සභාවේ අසුන් ගෙන සිටියෝය. එවැනි සංයුතියක සිංහල දෙමළ පිරිසක් එක ශාලාවක කථා අසමින්, ප්‍රශ්න කරමින්, වාද විවාද කරමින්, තේ බොමින්, සිනාසෙමින් රැස්වීමක් අවසන් වූ අවස්ථාවක් මෑත අතීතයේ නොතිබුණි.
ශ්‍රි ලංකාවේ මෑතකාලීන දෙශපාලනයේ මහත් ආන්දෝලාත්මක චරිතයක් බවට පත් වු කුමාර මහත්තයා හෙවත් කුමාර් ගුණරත්නම් ඉතාලියේ වෙරෝනා නුවරදි ලංකාදීප ඵසැණ පුවත් සේවය සමග පිළිසදරකට ඵක්විය.
ප්‍ර - ඔබ සති කිහිපයක පටන් යුරෝපා සංචාරයක නිරත වෙනවා ඵහි අරමුණ කුමක්ද?
පි - අරමුණු කිහිපයක් තියෙනවා ඵකක් අපි යුරෝපයේ පකෂය කමිටු පිහිටවීම දෙවැනි කාරණය මේ රටවල තියෙන වාමාංශික ව්‍යාපාර සමග ඵ්කාබද්ධතාවයක් ගොඩ නැගිම. අනෙක් කාරණය ලංකාවේ අපි ගොඩනගා තියෙන සම අයිති ව්‍යාපාරය සදහා විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ සහයෝගය ලබාගැනිම.
ප්‍ර - ඔබ විදේශයක සිට මේ ආකාරයෙන් පෙරටුගාමී සමාජවාදී පකෂයේ හසුරවනවා ලංකවේ. ඔබේ පක්ෂයේ ක්‍රියාකාරිත්වය මොන වගේද?
පි- ප්‍රශ්නය නැවැරදි කළොත් විදේශයක සිට පකෂය හසුරනවා නොවේ. මම ක්‍රියාකාරි වෙනවා පමණයි. ලංකාව තුලත් ක්‍රියාකාරිව වැඩකරන සහෝදර සහොදරියන් රැසක් ඉන්නවා.
ප්‍ර- ඔබ පෙරටුගාමී සමාජවාදී පකෂයේ නායක නොවෙයිද ?
පි - නැහැ . අපේ නායකත්ව කමිටුවක් තියෙනවා. ඵ් කමිටුවේ මම ඵක් සමාජිකයෙක් පමණයි. අපේ ව්‍යවස්ථාවේ කොතැනකවත් නායකත්වයක් ගැන සදහන් වෙලා නැහැ.
ප්‍ර- හොදයි පෙරටුගාමී සමාජවාදී පකෂය බිහිවුනා වගේම මෙයට පෙරත් වාමාංශික පකෂ අනන්තවත් බිහිවුනා. ඵ් වගේම ඇතැම් පක්ෂ බිහිවුන ආකාරයෙන්ම විනාශ වෙලා ගියා. තවත් පකෂ අක්‍රියව නමට පමණක් තියෙනවා. ඵවැනි දේශපාලන පකෂ පොදු ජනතාව විසින් තිරෝද පකෂ වශයෙන් හදුන්වනවා. එලෙස බලන කල ඔබලාගේ පකෂයේ ඉදිරිය මොනවගේ වෙයිද?
පි- මෙහෙමයි මඩවල අපේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයක් තියෙනවා මමත් අවුරුදු තිහක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙක්. ඉතින් ලංකාවේ වමේ ව්‍යාපාරවල සාදනීය දේ හා නිශේදණීය ලක්ෂණ රැසක් තියෙනවා. ඵ් හැම පක්ෂයකම සාදනීය දේවල් උකහා ගනිමින් තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක‍්ෂය නිර්මාණය කළේ. මේක තවත් පකෂයක් විදියට අදුනගන්නවාට වඩා මම හිතනවා ප්‍රජාතන්ත්‍ර වීරෝධි ඔනෑම රජයකට අභියෝග කරන නව වමේ ව්‍යාපාරයක් විදියට හදුනගත්තොත් හොදයි කියලා. අපේ භාවිතාව ඉදිරියේදී අපි රටට පෙන්නනවා.
ප්‍රශ්නය - රජය පුන පුනා ප්‍රකාශකර සිටිනවා යුද්ධයෙන් පසු රට සීඝ්‍ර සංවර්ධනය කරා යොමු වෙමින් තිබෙන බෙවිපකෂය කියා සිටින්නේ රටේ මිනිස්සුන්ට කන්න අදින්නවත් විදියක් නැහැ කියා. විපකෂයේ චෝනාව ඇත්ත නම් ඔබලාගේ පකෂයේ මතවාදයෙන් පමණක් රටේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම සෙවිය හැකිද?
පි- රජය හෝ රජය වටා ඉන්න බහිරවයන් මොනවා කිව්වත් රටේ මිනිස්සු දන්නවා ප්‍රශ්න රැකි රක‍්ෂා ගොවියන්ට වතුර පොහොර බිජ හා කම්කරුවන්ට ජිවත්වීමට සරිලන වැටුපක් නොමැති වීමත් යන කරුණු සමග රජය යන්නේ ප්‍රජාතන්ත්‍ර වීරෝධි ගමනක් ආර්ථික වශයෙන් සාමාජීය වශයෙනුත් රට දවසින් දවස අගාධයට යමින් තියෙන්නේ. ඔබ අහන්නේ ඵවැනි විටෙක අපේ මතවාදය පමණක් ප්‍රමාණවත් ද කියලා. නැහැ මේකට පැහැදලි වැඩපිලිවෙලක් අවශ්‍යයි. අපේ මතවාදයත් අන්න ඵ් වැඩපිලිවෙල ක්‍රියාවට නන්වන අඩිතාලමක් නැතුව අපේ මතවාදය හුදෙක්ම නිකම්ම නිකන් මතවාදයක් නෙමෙයි.
ප්‍ර- මේ වන විට රටේ නොයෙක් ප්‍රදේශවල අභිරහස් මනුස්ස ඝාතනයන් සිදුවෙනවා. ඇතැම් සිරුරු ඇල දොල ගංගා වල පවා පාවෙමින් තිබි පොලීසිය විසින් සොයා ගන්නවා. මෙය ඔබ දකින්නේ කෙසේද?
පි-මේ විට ලාංකීය සමාජය මනුස්සත්වයෙන් මිලේච්ජත්වයට ගමන් කරමින් සිටින්නේ. දැන්වත් අපි නැවතිලා සිතාබැලිය යුතුයි. මනුස්සත්වය තුල රැදෙනවාද නැත්නම් පරණ මිලේච්ජත්වයට ගමන් කරනවාද කියලා.
ප්‍ර - ඉදිරියේදි ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී රජය අපහසුතාවයට පත්කරන්න වෙනත් බලවේගයක් විසින් මෙවැනි අභිරහස් ඝාතනයන් සිදුකරනවා වීය නොහැකිද?
පි- මේ විෂයන් දෙක පැති දෙකට අයත් විෂයන්. ඵකක් ලංකාවේ මනුෂ්‍යත්වය බිද වැටීම මිලේච්චත්වය තහවුරුවීම සමජ අර්බුධ වර්ධනය වීම කාලාන්තරයක් සිට වර්ධනය වු දෙයක්. දැන් ඵ්ක හිනිපෙත්තටම නැගලා. මේකත් මානව හිමිකම් කඩවීමක් තමයි. නමුත් මේ දේ ජිනිවා නුවර ගිහින් කෑගහලා ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ලාංකිකයෝ විදියට අපි ඵකතුවෙලා ලබාගත යුතු දෙයක්. ජිනිවා මානව හිමිකම් සමුළුව ගැන මම දකින්නේ මාධ්‍යවලින් මවාපාපු දෙයක් ලෙසය. ඵ්කට හේතුව අපේ රට වසරකට වරක් මානව හිමිකම් කඩවෙන රටක් නෙමෙයි. හැමදාම ලාංකිකයින්ගේ මානව හිමිකම් කඩවෙනවා. ලංකාවේ සිදුවෙලා තියෙන අපරාධ වලට ඉතිහාසයක් තියෙනවා. යුධ අපරාධ වලටත් ඵහෙමයි. හැත්තෑ ඵකේ ඉදලම ඵ් ආකාරයෙන් ආවේ දැන් මේ අවුරුද්දකට සැරයක් බටහිර බලවතුන් රටට බලපෑම් කරනවා කියලා බලය රැකගන්න කරන බොරුව අපි මහජනතාවට හෙලිකළ යුතුයි. ඵ් වගේම පවතින රජය තම ඊනීයා දේශප්‍රේමීත්වය ලොකයට ගෙනියන හොද අවස්ථාවක් තමයි මේ උදා කරගෙන තියෙන්නේ. අවසානයේදි පෙනෙයි මේ දෙගොල්ලොම ඵකට ඵක්කාසු වෙලා යන ගමනක් කියලා.
ප්‍ර - වෙරෝනා නුවරදි ඔබ ශ්‍රි ලාකිකයින් පිරිසක් සමග ප්‍රකාශ කලා, මවත් පියාත් දමිළ වු නිසා ඔබව ඵල් ටී ටී ඊ ත්‍රස්තවාදියෙක් ලෙස ආණ්ඩුව හදුන්වන්න උත්සහා කරනා බව ඇයි ඔබ ඵසේ කියන්නේ?
පි- මෙහිදි මම අදහස් කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යක් නියෝජනය කරන නිසා මගේ අදහස් වෙනස් කිරිමකින් තොරව ජනතාවට පරිවර්තනය කරයි කියලා. මොකද මේ වචන පටලැවීම හොද මාධ්‍යකින් නෙමෙයි. මාධ්‍ය මාෆියාවක් කරගත්තු අය අතරේ තියෙන දෙයක්. ඉතින් ඔබ මම කියන දේ ඵ් ආකාරයෙන්ම පල කරයි කියලා මම විස්වාස කරනවා. ඔව් ඵහෙම උත්සහා කළා. පෙරටුගාමී සමාජවාදී පකෂය ගොඩනැච්ච වෙලාවෙදිම මගේ ජාතික අනන්‍යතාවය සම්බන්ධ කරලා විවිධ වැරදි ප්‍රචාර ගෙන ගියා. ඵ්ක තවමත් කරමින් යනවා. සම අයිති ව්‍යාපාරය ගොඩනගපු වෙලාවෙත් අපට ඵ් චොචෝදනාවම ඵල්ල කරලා තියෙනවා. මේක මම දකින්නේ ලංකාවේ රජයට ඵ්ගොල්ලන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු හොයන්න බැරිවෙනකොට කොහෙන් හරි ව්‍යාජ හතුරෙක් මවන්න උත්සහා කරනවා. ඵ්ක ඵ්ගොල්ලන්ගේ දේශපාලන බන්කොලොත් භාවය කියලයි අපිට හිතෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, අපි සිංහල කඩේකින් බඩු ගත්තම ගේ උගස් කරන්න වෙනවා බඩුවල ගනන්වල හැටියට. ඒ ම්ළ අඩුකරන්න මොකුත් ක්‍රමයක් හදල නැද්ද?(නදී)
නීල සහ පත්මා සිංහල නම් වලින් පෙනීසිටින බව පෙනේ. අපිට යුද්ධ ඕනේ නැහැ .අපි දැන් කඩවල් වර්ගයකට යන්නේ නැහැනේ .ඒවාට නොගිහින් හිටපුවහම හරි .මූලධර්මවාදීන් කියන්නේ ආගමේ ජාතියේ නමින් බෝම්බ පුපුරවන ,මිනීමරන අයට .ඒවා ලෝකේ වෙන්නේ කොහෙද කියලා කවුරුත් දන්නවා.(නදී) .
නවතම සංවිධානයක් (දී)
කුමාර මහතා හොද අදහසක් ගෙන යනවා ලොව පුරා. දැන් ලංකාවේ ජන වර්ග පුශ්ණ නැති බවත්, දෙමළ, මුස්ලිම් බහුතරය ජීවත්වන්නේ සිංහලයන් සමග බවත්.(නදී)
කාලේ නාස්ති නොකර ආපස්සට හැරිලා බලන්න පෙරටු, ඉරටු කොහෙද හිටියේ කියලා. රජයට ස්තුති කරන්න ඕනා පනපිටින් ඉන්න දුන්නට.(නදී)
මම මාධ්‍යට ගරහන්නේ නැහැ. මමත් ගියා මෙම රැලියට නමුත් සත්‍ය මෙතන සදහන් වෙලා නැහැ. මෙයාලගෙ පලමු අරමුන තමයි උතුරෙ හමුදාව ඉවත් කරන ඵක. ඒක ඵයා කිව්වා. මෙම රැලියට ඵල්.ටි.ටි. සාමාජිකයින් විශාල පිරිසක් සහභාගිඋනා . සමහර අය අපි දිහා බැලුවෙ මරාගෙන කන්න වගේ. අපේ අරමුන වුනෙ මෙයාලා කියන දේ අහගැනීමයි. මෙ අයට උඩ ගෙඩි දෙන අයට අනාගතයෙදි තේරෙයි විපාක ඵදාට අපි පරක්කු වැඩි වෙයි.(නදී)
පහන්, මම හොද සිංහල ජාතික කාන්තාවක්, හැබැයි අන්තවාදී නැහැ.(නදී)
පහන්, ඔයා ඒ කඩවලට යන්න එපා. කාන්තාවන් රට යවන්නත් එපා. එහෙන් එන සල්ලි වල මොකුත් අවුලක් නැද්ද?(නදී)
පහන්, ඔයා ඒ කඩවලට යන්න එපා. පෙට්‍රල්, ඩීසල් එහෙමත් වෙන කොහෙන් හරි ගෙන්න ගන්න. කාන්තාවන් ඒ රටවලට යවන්නත් එපා. පහන් ඇයි ඔයාලා ඔහොම හිතන්නේ.(නදී)
බල සේනාව! අපි මෙහෙම කරමු. මැද පෙරදිග ඉන්න සේරම අපේ අය ආපසු ගෙන්වමු. ඉන්පසු මැද පෙරදිග යන්න ඉඩ නොදී ඉමු. මැදපෙරදිගට ගහන්නේ ඊශ්‍රායලය නිසා අපි එයාලව යාළු කරගනිමු.(නදී)
රට වනසන සමහර අයට බොදුබලසේනාව හිසරදයක් තමයි. බොදුබල සේනාවට ජයවේවා!(නදී)
මෙයාට කියන්නකෝ තේසවලාමේ නීතියත් අවලංගු කල යුතුයි කියන එකත් ඇතුලත් කරන්න කියලා ඔය ඉල්ලීම්වලට.(නදී)
වසන්ත, දෙමළුන් සහ සිංහලුන් එකිනෙකා මරාගන්නා යුගයක් කවදාද ලංකාවේ තිබුනෙ ? ම්ලේච්ඡ මිනීමරු එල් ටී ටී එක ලංකාවෙ මිනීමරන කාලේ ඒබව මේ විදිහට ලෝකෙට කියන්න තිබුනේ නැත්ද ? මේ වගේ විනාශකාරීන්ට ප්‍රචාරය දෙන එක හොඳ මාධ්‍යකට සුදුසු දෙයක් නොවේ . ජයලත් , ඔබේ හෙළිදරව්ව වැදගත් .(නදී)
මට කියන්න මොකුත් නැහැ (දී)
සන්තොසයි (දී)
සිංහල මුස්ලිම් ගැටුම් ඇතිකර චන්ද ටිකක් රැකගන්න යන්න එපා. අන්තිමට අහිංසක සිංහල මුස්ලිම් කොල්ලන්ගේ බෙලි කපාගනීවී. කුමාර් වගේ උගත්, දැනුවත් අය කියනදේත් මැදිහත්ව අවබෝද කරගන්න බලන්න. ලාංකීය සමාජය, සිංහල මුස්ලිම්, දමිල මිනිස්සු ගොත්‍රිකත්වයෙන් ඔබ්බට සිතිය හැකි දියුණු තත්වයකට පත්වේවා !(නදී)
පද්මා ලංකාව තවත් බංගලාදේශයක්, ඇෆ්ගන්ස්ථානයක් හෝ ඉන්දුනීසියාවක් නොවිය යුතුයි. එක් ධර්ම සන්ගායනාවකට වැඩිම රහතන්වහන්සේලා වැඩමකලේ ඉරානයෙන්. අද මොකද තත්වේ ? තෙල් ගැන කලබල වෙන්න එපා තව අවුරුදු 15 ඒවා ඉවරයි . මැද පෙරදිග සිටින සාක්ෂරතාවයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් ඉහලම ජාතිය ශ්‍රි ලාංකිකයින් , බංගලාදේශයේ , පකිස්ථානයේ ,ඉන්දුනීසියාවේ දක්ෂයින් නැහැ .ඒ නිසා මැදපෙරදිග විතරක් නෙමේ ජපානේ, කොරියාවේ හාම්පුතුන් පවා ලංකාවේ අයට කැමතියි . එක කාටවත් නතර කරන්න බැහැ . මාලක කියන තත්ත්වය හැමතැනම නැහැ. කිරිබත්ගොඩ ,හිගුරක්ගොඩ වගේ නගරවලට ගිහින් බලන්න ලාබෙට බඩු නැතිද කියලා.(නදී)
හොදයි (දී)
ඔබට ජයවේවා (දී)
ලංකාවේ බුද්ධිමතුන් ගොඩක් ඉන්නේ පිටරට. කුමාර් ගුණරත්නම් ඒ වගේ කෙනෙක්. මේ සමාජක්‍රමය වෙනස් කරන්න ගුණරත්නම්ට පිටරට ඉදගෙනනම් බැරි වෙයි. (නදී)
ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ද නිසා මා ඔප සමගයි.(නදී)
මේ රජය ශ්‍රී ලංකාවේ දියුණුවට ඉතාමත් හොදින් වැඩකරනවා. කරුණාකර නැවත රට විනාශ කරන්න උත්සහ කරන්න එපා.(නදී)
මොද කතිකාවක්, දැන්වත් අපි නැවතිලා සිතාබැලිය යුතුයි. මනුස්සත්වය තුල රැදෙනවාද නැත්නම් පරණ මිලේච්ජත්වයට ගමන් කරනවාද කියලා. අවි ගත්තෝ අවියෙන්ම නසී.(නදී)
එයාලත් බොදුබල සේනාව ප්‍රශ්නයක් බව ලිපියේ සදහන් , ඒකියන්නේ බොදුබල සේනා ශක්තිමත් මට මේ ලිපියේ ගත යුත්ත එපමණයි .බොදුබලසේනා දිනේවා !!!!
එයාලටත් බොදුබල සේනාව ප්‍රශ්නයක් බව ලිපියේ සදහන් ,ඒකියන්නේ බොදුබල සේනා ශක්තිමත් මට මේ ලිපියේ ගත යුත්ත එපමණයි .බොදුබලසේනා දිනේවා !!!!(නදී)
සිංහල හෝ දෙසළ හෝ මුස්ලිම් වේවා අපිට ඕනේ නිදහසේ ජීවත්වෙන්න. දේශපාලන මාපියාවෙන් රටේ සම්පත් විනාශ කරන, අනන්‍යතාවය කාබාසියානු කරන අය අතුගාලම දාන්න කොන්දක් ඇති පුත්‍රයන් සහ දියණියන් අවශ්‍යයි.(නදී)
ඕස්ට්‍රේලියාවේ ඉදගෙන දේශප්‍රේමිත්වයක් ගැන කතා කරනවා. මොන ජරා වැඩ කෙරුවත් ප්‍රභාකරන් මේ රට දාලා ගියේ නැහැ. ඔයා ඔහේ ඉදන් ලංකාවේ අයගේ විමුක්තියක් ගැන කතාකරනවා. (නදී)
සන්තෝසයි (දී)
ලාංකීය දමිල ජාතිකයෙතු වුවත් ඔබ රටෙන් කෑල්ලක් නොඉල්ලා මුළු රට වෙනුවෙන්ම පෙනී සිටීම අගය කරමු.(නදී)
ලංකාවට ආවේ හොර විසාවලින්. දැන් රට රටවල එන්ජීඕ සල්ලි හොයනවා. ඕස්ට්‍රේලියාවේ සපෝට් එකෙන් ජීවත් වෙනවා. ආණ්ඩුවේ පිහිටෙන් ඕස්ට්‍රේලියාවට ගිහින් දැන් වීරයා වෙන්න හදනවා. සම අයිතිය කියන්නේ එන්.ජී.ඕ සල්ලි ගන්න අටවපු එකක් කියලා මුලු රටම දන්නවා.(නදී)
ලාල් මම ඒකට තව ටිකක් එකතු කරන්නම්. මෙයාලා රට දියුණුවට වැඩ කරන ගමන්ම එයාලත් දියුනුවෙන්න හදනවා.(නදී)
කරැණාකර නැවත රට විනාශ කරන්න උත්සහකරන්න එපා.(නදී)
මේ ලිපිය ඉතා අගනේය ඒ වගේම කුමාර ගුණරත්නම් ගේ අදහස් අගේ කල යුතුය,දෙමළුන් සිංහලුන් ලෙස එකිනෙක මරාගත් යුගය අවසන් කර ,උතුරේත් දකුණේත් ජනතාව එකට ජිවත් වියහැකි එකිනෙකා විස්වාශ කරන වඩාත් ප්‍රගතිසිලි සමජ ක්‍රමයක් ගොඩනගමු.(නදී)
මම එකග වෙනවා ඔබ සමග. ලාංකිකයෙක් හැටියට රට ගැන කැක්කුමක් ඔබට ඇත. ශ්‍රී ලංකාව ගැන විදේශයකදී කතා කිරීමේදී රජයත්, දේශපාලනයටත් වැඩියෙන් අහිංසක දෙමළ, සිංහල, මුස්ලිමි වැසියන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න.(නදී)
පහන්, මම මේ ටිකත් එකතු කරන්නම්. දිගු කාලයක් යුද්ද කරපු නිසා අපිට දැන් යුද්ද නැතුව බැහැ. (නදී)
පහන්, මෙහෙම කියන්න්. ආගම්වාදීන් දිනේවා!(නදී)
කුරුටුගාමියෝ සී.ජේ ගේ කොන්තරත් එක බාරගෙන වගේ.(නදී)