කිරිබත්ගොඩ මුදුන් ඇලේ මසුන් මියයාමට හේතුව උග්‍ර විෂක් එහි ජලයට එකතුවීම යැයි කැලණිය විශ්වවිදයාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත ඈපා මහතා පවසයි. ආචාර්ය ඈපා මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් සෙනසුරාදා පස්වරුවේ එහි ගොස් මියගිය මසුන් සහ මියයාමට ආසන්නව සිටි මසුන් කිහිප දෙනකු ගෙනවිත් පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ අභ්‍යන්තර රුධිර වහනයෙන් මසුන් මියගොස් ඇති බවයි. මසුන්ගේ සිරුරේ අභ්‍යන්තර රුධිර වහනය වීම සාමාන්‍යයෙන් දැක ගත නොහැකි තත්ත්වයක් බවත් හෙතෙම වැඩිදුරටත් කියයි. කරමල් වලින් රුධිරය වහනය වී තිබූ බවත් මියගිය මසුන්ගේ ඇස් පවා සුදු පැහති වී තිබූ බවත් පවසන ආචාර්ය වරයා වැඩිදුරටත් කියා සිටියේ කර්මාන්ත ශාලාවකින් පිට කළ විෂ සහිත රසායනිකයක් මසුන් මිය යාමට හේතුව විය හැකි බවයි. මුදුන් ඇලේ ජලය බීමට ගන්නා ගවයන් පවා මිය යාමට ඉඩ ඇති බැවින් ගෘහාශ්‍රිත සතුන්ට මෙම ජලය පානය කිරීමට ඉඩ නොදිය යුතු බව ද ආචාර්ය ඈපා මහතා කියා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කම්මල් විසකින් ඇළේ මාළු මැරිලා
දර්ශන් Sunday, 06 January 2013 11:10 AM
අනේ අපේ පරිසරය! (නි)
අජිත් Sunday, 06 January 2013 11:33 AM
මම ඕක වෙයි කියලා කලින්ම හිතුවා. (නි)
සංජු Monday, 07 January 2013 05:24 PM
වහාම මේ ගැන සොයා බලන්න (දී)