කිරිබත්ගොඩ මුදුන් ඇලේ මසුන් මියයාමට හේතුව උග්‍ර විෂක් එහි ජලයට එකතුවීම යැයි කැලණිය විශ්වවිදයාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත ඈපා මහතා පවසයි. ආචාර්ය ඈපා මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් සෙනසුරාදා පස්වරුවේ එහි ගොස් මියගිය මසුන් සහ මියයාමට ආසන්නව සිටි මසුන් කිහිප දෙනකු ගෙනවිත් පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ අභ්‍යන්තර රුධිර වහනයෙන් මසුන් මියගොස් ඇති බවයි. මසුන්ගේ සිරුරේ අභ්‍යන්තර රුධිර වහනය වීම සාමාන්‍යයෙන් දැක ගත නොහැකි තත්ත්වයක් බවත් හෙතෙම වැඩිදුරටත් කියයි. කරමල් වලින් රුධිරය වහනය වී තිබූ බවත් මියගිය මසුන්ගේ ඇස් පවා සුදු පැහති වී තිබූ බවත් පවසන ආචාර්ය වරයා වැඩිදුරටත් කියා සිටියේ කර්මාන්ත ශාලාවකින් පිට කළ විෂ සහිත රසායනිකයක් මසුන් මිය යාමට හේතුව විය හැකි බවයි. මුදුන් ඇලේ ජලය බීමට ගන්නා ගවයන් පවා මිය යාමට ඉඩ ඇති බැවින් ගෘහාශ්‍රිත සතුන්ට මෙම ජලය පානය කිරීමට ඉඩ නොදිය යුතු බව ද ආචාර්ය ඈපා මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ පරිසරය! (නි)
මම ඕක වෙයි කියලා කලින්ම හිතුවා. (නි)
වහාම මේ ගැන සොයා බලන්න (දී)