සිය පවුලේ සාමාජිකයනද සමග කොළඹ සුපිරි හෝටලයක දින හතරක් නැවතී, කා බී, බිල නොගෙවා පැන ගියැයි කොම්පඤ්ඤවීදිය පොලීසිය ගොනු කළ නඩුවකින් වරදකරුවූ බර්නාඩ් ස්මිත් නම් මෝදර පියකුට වසර පහකට අත්හිටවූ වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 1500ක දඩ ද නියම කළේය.
සැකකරුට එරෙහිව මෙවැනි නඩු පහක් පමණ ඇතැයි නඩු විභාගයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් රාත්තල තුනයි පනයට තිබුණ කාලෙ නඩුවක් නැත්නම් මේ තීන්දුව දීලා තියෙන්නේ යාළුවෙක්..!(නු)
මාර ලාභයි නේ , රුපියල් 50,000 බිලට දඩය රුපියල් 1,500 යිනේ (ස)
සුපිරි හෝටල්වල කෑම රස විතරයි.. ගුණෙත් නැහැ... (නු)
හරිම ලාබයිනේ.. රුපියල් 1500කින් හෝටල් එකක දවස් පහක් ඉන්නවා තියා එක දවසක්වත් හරියට කන්න පුළුවංද?(නු)
අනිත් නඩු අහලා ඉවරවෙනකොට වැලිකඩ යකඩ කූරු ගනන් කරන්න වෙයි..!(නු)
ලාබ බඩුවෙ ලොකු හිලක් නම්, ගණන් බඩුවේ පොඩි හලක් වෙන්න එපැයි. (අ)
දැං ඉතිං සුපිරි කෑම සමග සුදු ඇදගෙන සැප ජීවිතයක් ගත කරන්න පුළුවං..!(නු)
මේක ඉතින් අපේ කට්ටිය අතීතයේ සිටම කරන වැරැද්දක්නේ. (නි)
අඩුම ගානේ අවුරුදු 2ක්වත් හිරේ යවන්න ඕන.!(නු)
නඩුවකට අවුරුදු 5නම් නඩු පහට 25යි.... පස්වරක් පහ විසිපහයි කියලා... බර වැඩක් කරගෙන ඉන්න බැරිය?(නු)
දඩය රුපියල් 1500නම් හැමෝම පුරුදු වෙයි මේ වැඩය කරන්න.,!(නු)
ඇතුළට ගියානම් නිකම්ම කන්න ලැබෙයි. (ත)
තරු පහේ හෝටලයකින් රුපියල් 1500කට කන්න පුළුවං කියලා දන්නවානම් 2500 කතාව තව අඩු කරනවා..!(නු)
හිරේ ගියත් මොකද අනේ? පවුලේ ඔක්කොම එක්කනේ එයා බඩ පුරෝගෙන තියෙන්නේ. (නි)
මේ මනුස්සයා සුපිරි පන්තියේ කෙනෙක් වගෙයිනේ සුපිරි වැඩ කරලා තියෙන්නේ. (නි)
මෙයා සුපිරි පොලු කාරයෙක්ද කොහේද? (නි)
දැන් කාලේ හැටියට සයිවර් කඩේකින් එක්කෙනෙක් දෙන්නෙක් එක්ක වේලක් දෙකක් කෑවත් 1500ක් යනවනේ. (නි)
මහේෂ් දන්නෙ නැද්ද ? නීතිය තියෙන්නෙ සමහර වෙලාවට හොරු ආරක්ෂා කරන්න. (නි)
තාම හොද හෝටලයකින් කාලා නැහැ වගෙයි. (නි)